අසරණ රණවිරු පවුලට ඉඩමක්‌ දෙන්න ප්‍රා. ලේකම්වරිය අසමත්; ජනාධිපතිතුමනි මෙවන් නිලධාරීන් රාජ්‍ය සේවයට සුදුසුද?

0
1250

  බොහෝ විට වසර හැට හැත්තෑවකට සීමා වෙන ජීවිත කාලය තුළ මිනිසුන් ලෙසින් අප නියත මරණය අමතක කර මොනතරම් අකටයුතුකම් සිදු කරන්නේද? ජීවත් වන්නේ අමරණීය වූවන් සේය. “මම” යන්න මිස අනෙකා දෙස බැලීමක්‌ ඇත්තේම නැත.

ඇතැම්හු බොහෝ දේ රැස්‌ කරති. එය කොතෙක්‌ ද යත් කිසිදා නොදකින පරම්පරාවන් සඳහාද ඒ රැස්‌ කිරීම සිදු කරති. එයද සිදු කරනුයේ අනෙකා තලා පෙළා කඩාවඩා ගැනීම තුළිනි. මේ රටේ දේශපාලනය තුළ එයට බොහෝ උදහරණ ඒවා තුළ ඇත.

තවත් සමහරු තම තත්ත්වය ගැන සිතමින් අනෙකා වෙනුවෙන් කළයුතු යුතුකම් අමතක කොට මානයෙන් හිස උදුම්මාගෙන සිටිති. ඔවුන් රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින රාජ්‍ය සේවකයන් හෝ වෙනත් නිලතල දරන්නන් විය හැකිය. තවත් විදිහකට කිවහොත් ජනතා මුදලින් ලැබෙන නිදහස්‌ අධ්‍යාපනයෙන් අකුරු කර ඒ ඒ තනතුරුවලට පැමිණි කන්නන්ගර දරුවන්ය.

මෙරට රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් ගෙන බැලුවහොත් ඔවුන්ට තනතුර ලද දිනයේ සිට තමන්ගෙන් සේවයක්‌ ලබා ගැනීමට පැමිණෙන ජනතාව (අසරණයන්) පෙනෙන්නේ කරදරකාරයන් ලෙසිනි.

එක්‌ පසෙකින් මජර දේශපාලනය ය. තවත් පැත්තකින් ඉහඳ ගැසූ රාජ්‍ය සේවය ය. මේ දෙක අතරේ සදාකාලිකවම දොaලනය වන අල්ලස, වංචාව, දූෂණය, හොරකම, ජඩකම, කුපාඩිකම, උද්දච්චකම තුළ කිසිදා මේ රටට සුගතියක්‌ අත්වේද?
daruwa

මේ මිනිස්‌සු පව පින නොහඳුනති. මෙලොවදී ලද සියල්ලට මුල තමන්ගේ පින යෑයි සිතමින් අනුනනට පිහිටක්‌ වීම, තවෙකකුගේ දුක දුරු කිරීම, දුගියකුට – අසරණයකුට – සරණක්‌ වීම වෙනුවට එය උන්ගේ පව යෑයි කල්පනා කරන මොවුහු සැබෑම පාප කඳන් වෙති. එහෙත් කිසිවකුත් ඒ බව වටහා නොගනිති.

එකී වටහා නොගැනීම තුළ ඔවුන් අප්‍රමාදව සතර දුගතියේ දොරටු විවර කරගනිමින් සිටී. අප මේ කියන්නට යන්නේ මේ රටේ රාජ්‍ය සේවය සහ දේශපාලනය යන දෙකේම එකතුවක්‌ තුළ පුරා මාස දහයක්‌ තිස්‌සේ අතනටත් මෙතැනටත් ඇවිද යමින් හතර වටේ ගොස්‌ අවසානයේ හොඳටම හෙම්බත් වුණු රණවිරු බිරිඳක්‌ පිළිබඳ ශෝචනීය කතාවකි. එසේත් නැතහොත් ඉහත සටහන් කළ සියල්ලට අදාළව පැහැදිලිව පෙන්d දියහැකි අපූරු උදාහරණයකි.

දිනය ඉකුත් පෙබරවාරි මස 07 වැනිදා විය. එදින දිවයින පුවත්පතේ “රණවිරු” අතිරේකයේ දරුවන් දෙදෙනකු සමඟ ඉතාම අසරණව දිවි ගෙවන රණවිරු බිරිඳක්‌ පිළිබඳ අනුවේදනීය සටහනක්‌ තබන්නට අපි පියවර ගතිමු.

ඇය නමින් කාංචනා නදීෂානිය. ඇගේ සැමියා රට වෙනුවෙන් කැපවූ රණවිරුවෙකි. ඔහුට දාව නදීෂානිට කුඩා පුතුන් දෙදෙනකු සිටී. ඉන් එක්‌ දරුවකු කුඩා කල සිටම පාදවල අස්‌ථි ඇද වීමේ විරගල රෝගයකට ගොදුරුව සිටී. අනෙක්‌ දරුවා උපදින විටම ගුද මාර්ගය පිහිටා නොතිබීම හේතුවෙන් අබාධයට පත් වූවෙකි.

මේ නිසාම නදීෂානිලාගේ සියලු සේසතම වැය කෙරුණේ දරු දෙදෙනාගේ ජීවිත බේරා ගැනීම සඳහාය. එනිසාම ඇතැමුන් ඉහළින් කාබී ගී ගයා නටනමින් ජීවත විඳින නූතන සමාජ වේදිකාවේ ජීවිතය විඳවන අන්ත අසරණයෝ බවට ඔවුහු පත්වූහ. කෙටියෙන්ම කිවහොත් නිදීෂානිලාට රෝගී දරු දෙදෙනා තුරුළු කරගෙන හඬා වැටෙන්නට හිසට සෙවනක්‌ තබා ඔවුන්ගේය කියන බිම් අඟලක්‌වත් නොතිබුණාය.

ඉකුත් 2017 පෙබරවාරි මස 07 වැනිදා පළ වූ “දිවයින” පුවත් පතේ “රණවිරු” පිටුවේ අප සටහන් කළේ මේ සංවේදී කතාවය.

එය පළ කෙරුණු දිනට පසු දිනම මේ ලියුම්කරුට එක්‌තරා සුවිශේෂී දුරකථන ඇමතුමක්‌ ලැබිණි. එය ලබා දුන්නේ නදීෂානිගේ සැමියා අයත් යුද හමුදා ගැමුණු හේවා බලකායේ කුරුවිට මධ්‍යස්‌ථාන සේනා විධායක බ්‍රිගේඩියර් තිලකරත්නගෙනි.

ඒ වන විටත් දිවයිනේ පළවූ ලිපිය දුටු බ්‍රිගේඩියර් තිලකරත්න ඇතුළු ගැමුණු හේවා බලකායේ සියලු විරුවන්ගේ හදවත් මේ අසරණ රණවිරු පවුල පිළිබඳ සංවේදී වී තිබිණි. ඇසුරු සැණෙකින් සියලු කටයුතු සිදු විය.

එහිදී වත්මන් මෙජර් ජෙනරාල් නාපාගොඩ යටතේ වූ රණසේවා අධ්‍යක්‍ෂ මණ්‌ඩලයෙන් මෙන්ම අණවිරු සේවා අධිකාරියෙන්ද ලැබුණු සහාය ඉහළම තැනක විය. අවසානයේ නිදීෂානිලාට නිවසක්‌ තානා දෙන්නට යුද හමුදා ගැමුණු හේවා බලකාය මුදල් වෙන් කළේය. ඒ සද් කටයුත්ත වෙනුවෙන් අවශ්‍යව තිබුණේ නදීෂානිලා ජීවත් වූ කළුතර ප්‍රදේශයෙන් රජයේ කුඩා ඉඩම් කැබැල්ලක්‌ වෙන් කර ගැනීම පමණි.

ඊට අවශය ලිපි ලේඛනද අදාළ අංශ වෙත හුවමාරු විය. අවසානයේ නදීෂානිලා වෙනුවෙන් රජයේ ඉඩම් කැබැල්ලක්‌ වෙන්කර දීමේ රාජ්‍ය වගකීම පැවරුණේ කළුතර ප්‍රාදේශීය ලේකම්වරිය වෙතය. එතැන් සිට රණවිරු බිරිඳක වූ මේ අසරණිය වරින් වර ප්‍රාaදශෙSය ලේකම්වරයි මුණගැහෙන්නට ගියාය.

එසේ ඉකුත් පෙබරවාරියේ සිට නොවැම්බර් දක්‌වා මාස නවයක්‌ම ඇය ප්‍රදේශීය ලේකම්වරිය මුණගැසුණාය. එහෙත් “ඔයාට ඉඩමක්‌ දෙන්නම්” යන වචනය හැරෙන්න වෙනත් සාධනීය පිළිතුරක්‌ ඇයට නොලැබුණාය. සියලු කටයුතු දිනෙන් දින ප්‍රමාද වෙමින් තිබිණි.

එසේ ප්‍රමාද වන කල දිනක්‌ නිදීෂානි හැඬූ කඳුළින් යුතුව තමන්ගේ දුක අපට කිවාය. එහිදී මේ ලියුම්කරු කළුතර දිසාපතිවරයා අමතා සිද්ධිය පැවසූ විට දිසාපතිවරයාද ප්‍රාදේශීය ලේකම්වරියට අවශ්‍ය උපදෙස්‌ දෙනු ලැබිණි. එහෙත් වැඩේ ප්‍රමාද වන්නට විය.

පසුව ප්‍රදේශීය ලේකම්වරිය අමතා මේ පිළිබඳ විමසීමක්‌ කිරීමට අපි කටයුතු කළෙමු. “අනේ මමත් හරිම උනන්දුවෙන් මේ වැඩේ කරන්නේ.. අපි ඉඩමක්‌ හඳුනගෙන ඉවරයි. ඒ පිළිබඳ ඉඩම් කොමසාරිස්‌වරයාටත් දැනුම් දීලා මිනුම් කටයුතු කරන්න විතරයි තියෙන්නේ” යි ඒ විමසීමේදී ඇය අපට දුන් පිළිතුර විය.

කෙසේ හෝ නදීෂානිලාට නිවසක්‌ තනා දෙන්නට යුද හමුදා ගැමුණු හේවා බලකාය මුදල් වෙන්කර මාස දහයක්‌ම ගත විය. එහෙත් රජයේ ඉඩම් කැබැල්ලක්‌ ඒ වෙනුවෙන් වෙන් කර දෙන්නට කළුතර ප්‍රාaදේශීය ලේකම්වරිය අසමතවූවාය.

එසේ කටයුතු සිදු වෙද්දී විවිධ පැතිවලින් කරනු ලබන විමසීම් හමුවේ අවසානයේ ඇය නදීෂානිලා වෙනුවෙන් කළුතර කජුගහදූව ප්‍රදේශයේ ඉඩමක්‌ පෙන්වා එය ලබාදිය හැකි බව සඳහන් කළාය. එහිදී සියලු මැදිහත්වීම් සමඟ එකී ඉඩමේ මැනීම් කටයුතු සිදු කර නදීෂානි ඇතුළු අසරණ දරුවන් වෙනුවෙන් ඉඩම් කැබැල්ලක්‌ වෙන්කිරීම ඇරඹිණි.

ඒ සමගම පෙරට පැමිණ ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් විඡේමාන්න මහතාගේ ගෝලයකු බව කියාගත් දේශපාලුවෙකි.

නදීෂානිලාට එම ඉඩම වෙන්කිරීමට ඔහු විරුද්ධ වී ඇත. එහිදී මිනුම්දොaරු දේපාර්තමේන්තුවේ නිලධාරීන්ද අපහසුවට පත්ව ඇති අතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා නීතියට අනුව කටයුතු කරනු වෙනුවට බබා ලන්තයේ රඟපෑමක නිරත වී ඇත.

මේ අවස්‌ථාවේ තමන්ගේ අසරණකම පළාත් දේශපාලනඥයාට පෙන්වා දෙමින් නදීෂානි හඬා වැටෙද්දී ග්‍රාම නිලධාරීගෙන් සහ දේහපාලනඥයාගෙන් ඇයට හිමි වී තිබෙන්නේ “තොපිට කොහෙන්ද යකෝ මෙහේ ඉඩම් දෙන්නේ.. තොට හිඟා කන්න තමයි වෙන්නේ” යනුවෙන් වූ දැඩි වාග් ප්‍රහාරයකි.

අවසානයේ මිනුම්දෝරු නිලධාරීන් එකී ඉඩම් කොටස මැනීම් කටයුතු කර වෙන් කිරීමෙන් පසු පිටව ගොස්‌ ඇත. ඒ සමගම ප්‍රදේශීය ලේකම්වරිය හමුවීමට ගොස්‌ ඇති හිටපු දේශපාලනඥයා සහ ග්‍රාම නිලධාරී ඇතුළු පිරිස නදීෂානිලාට එම ඉඩම් කැබැල්ල ලබා දීම සම්බන්ධයෙන් දැක්‌වූ විරෝධතාවක්‌ හමුවේ සියල්ල ඇරඹුණු තැනම නතර කිරීමට ඇය පියවර ගෙන ඇත.

මේ සිද්ධිය දැන ගැනීමට ලැබීමත් සමඟ සියලු විස්‌තර පවසා අපි ඒ මොහොතේම රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සහ කළුතර දිසාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළෙමු.

පසුව ප්‍රදේශීය ලේකම්වරිය අමතා කරුණු විමසීමක්‌ කළෙමු. එහිදී ඇය ප්‍රාදේශීය දේශපාලනඥයාගේ මැදිහත් වීම පිළිබඳ කිසිවක්‌ම නොකීවාය. ඇයගේ උත්තරය වූයේ තමන්ගේ නොදැනුවත් කමින් මීට පෙර බලපත්‍රයකින් වෙනත් අයකුට ලබා දී තිබූ ඉඩමක කොටසක්‌ නදීෂානිලාට වෙන් කෙරී ඇති බැවින් එය ලබා දිය නොහැකි බවය. එය තමන්ගේ අත්වැරද්දක්‌ බවද ඇය පැවසුවාය.

එය කෙසේ වෙතත් ඇගේ කතාවේදී හෙළිවුණු සුපිරිම කරුණ වන්නේ තමන්ට අත්වැරද්දක්‌ සිදුවූ බව ප්‍රදේශීය ලේකම්වරියට වැටහෙන්නට මාස දහයක්‌ම ගත වීමය. මෙසේ අපට පිළිතුරු දෙන අතරේ මේ දැන් වුණත් කළුතර කිතුලාව ප්‍රදේශයෙන් නදීෂානිලාට ඉඩමක්‌ ලබාදිය හැකි බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. එහෙත් කිතුලාව යනු සැමියා නැති විට රෝගී දරු දෙදෙනකු සමඟ තනිවන රණවිරු බිරිඳකට හුදකලාව වාසය කිරීමට සුදුසු පරිසරයක්‌ ඇති තැන්ක්‌දැයි අප ප්‍රදේශීය ලේකම්වරියගෙන් කළ විමසීමේදී දෙන්න හරි උත්තරයක්‌ ඇය සතු නොවුණාය.

මේ රට වෙනුවෙන් කැප වු රණවිරුවන් වෙනුවෙන් උපරිමයෙන් සහන සලසන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිරන්තරයෙන් සඳහන් කරන කතාවකි. ඒ සඳහා අවශ්‍ය යම් යම් පියවර ගැනීමටද ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කර තිබේ.

එහෙත් රටේ රාජ්‍ය නායකයා එසේ කටයුතු කරද්දී කළුතර ප්‍රාදේශීය ලෙකම්වරිය අසරණ වූ රණවිරු පවුලක්‌ අරබයා ක්‍රියාත්මක වන්නේ මෙසේ නම් එහි තිබෙන වගකීම් විරහිත බව සුළුවෙන් තැකිය හැකිද? ජනාධිපතිතුමනි මෙය ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක්‌ නොවන්නේද?

එය මේ සිද්ධිය හමුවේ අපට මතුවන පළමුවන ප්‍රශ්නය බවට දැන් පත්ව ඇත. එසේම රාජ්‍ය පරිපාලන ඇමැතිතුමනි, ලේකම්තුමනි, රටේ පිළිගත් රාජ්‍ය සේවයක්‌ තිබියදී අද කළුතර දිස්‌ත්‍රික්‌කයේ රජයේ ඉඩම් පාලනය කරනුයේ එක්‌ එක්‌ මන්ත්‍රීවරුන්ගේ ගෝලයන් යෑයි කියන දේශපාලනඥයෝද? ඉඩම් කොමසාරිස්‌වරයාත්, දිසාපතිවරයා සහ කළුතර ප්‍රාaදෙAශීය ලේකම්වරියත් සිටිනුයේ නිකම්ම නිකම් නමටද? එය අදාළ බලධාරීන්ගෙන් අසන්නට ඇති අපේ දෙවන ප්‍රශ්නය වන්නේ ය.

කෙසේ වෙතත් කලුතර ගල්අත්ත ප්‍රදේශයෙන් ඉඩම් කැබිල්ලක්‌ නදීෂානිලා වෙනුවෙන් වෙන් කර දෙන බව දැන් ප්‍රාදේශීය ලෙකම්වරිය යළිත් සුපුරුදු ලෙස පවසන්නීය. එයට ටික දිනක්‌ ගතවන බවද ඇගේ අදහස වී ඇත.

රණවිරුවන් වෙනුවෙන් සානුකම්පිතව කටයුතු කරන ජනාධිපතිතුමනි, ඇය මේ කියන්නේ දුකින් දුකට පත්ව අසරණව සිටින රණවිරු පවුලකට රජයේ ඉඩමකින් බිම් අඟලක්‌ වෙන්කර දෙන්නට ඇයට වසරකටත් අධික කාලයක්‌ ගතවන බවද? කෙසේ වෙතත් ඇගේ ඒ කෙරුවාව දෙස අප විමසීමෙන් බලා සිටින බවද ප්‍රාදේශීය ලේකම්වරියට පෙනෙන්නට අවසානයට සටහන් කළ යුතුය.

සමන් ගමගේ

ප්‍රාදේශීය පුවත්

ගෙල වැලලාගෙන නොවෙයි; බිරිඳ කොට්‌ටයකින් මුහුණ සිරකර සැමියා මරා නයිලෝන් ළනුවකින් කාමරයේ බාල්කයක එල්ලලා 

Dec 13 2017 00:00Hits 4270

ගෙල වැලලාගෙන නොවෙයි; බිරිඳ කොට්‌ටයකින් මුහුණ සිරකර සැමියා මරා නයිලෝන් ළනුවකින් කාමරයේ බාල්කයක එල්ලලානිවසේ සිටි 15 හැවිරිදි දියණියට සිද්ධිය පිළිබඳව අනාවරණය නොකරන ලෙස බියගන්වා පසුදින පොලිසියට ගොස්‌ සැමියා ගෙල වැලලාගෙන ඇති බවට විල්ගමුව පොලිසියට පැමිණිලි කර ඇත.

සා.පෙළට යද්දී අනතුරකට ලක්‌වූ සිසුවා රෝහලේදී විභාගය ලියයි 

Dec 13 2017 00:00Hits 747

සා.පෙළට යද්දී අනතුරකට ලක්‌වූ සිසුවා රෝහලේදී විභාගය ලියයි“අයියත් එක්‌ක යතුරුපැදියෙන් ආවේ. විභාග මධ්‍යස්‌ථානය පැත්තට අයියා යතුරුපැදිය හරවනවාත් එක්‌කම පිටිපස්‌සෙන් ආපු බස්‌ එකක්‌ අපේ යතුරුපැදිය පිටුපස වැද්දුවා. මාවයි අයියවයි විසිවෙලා ගිහින් වැටුණා. මට ඒ වෙලාවේ කම්පනයක්‌ වගේ ඇතිවුණා….

මන්දමානසික දැරියකට හදිකළ 65 හැවිරිදි සැකකරු රිමාන්ඩ් 

Dec 13 2017 00:00Hits 816

විශේෂ අධ්‍යාපන ඒකකයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි මන්ද මානසික දැරියකට අතරව කළ 65 හැවිරිදි අයකු මෙම මස 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ…

නැන්දම්මාට සහ බිරිඳට ආයුධයකින් පහරදී එක්‌දරු පියා සියදිවි හානි කරගනී 

Dec 13 2017 00:00Hits 623

පවුල් ආරවුලක්‌ දුර දිග යැමෙන් සිදුවූ බහින්බස්‌ වීමකින් පසු සිය නැන්දම්මා සහ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකළ පුද්ගලයකු සිය නිවස තුළදී සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පැවසීය.

සෝම හිමි පිළිරුවට මෑණියන්ගෙන් පුෂ්පෝපහාර 

Dec 13 2017 00:00Hits 666

සෝම හිමි පිළිරුවට මෑණියන්ගෙන් පුෂ්පෝපහාර සෝම හිමිපාණන්ගේ 14 වැනි ගුණානුස්‌මරණය සෝම නාහිමියන්ගේ පිළිරුව අසලදී පැවැත්විණි. එහිදී සෝම හිමියන්ගේ මෑණියන් විසින් උන්වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

බැක්‌ටීරියාවක්‌ අඩංගු වීම නිසා ප්‍රංශ සමාගම සිය ළදරු කිරිපිටි නිෂ්පාදන යළි ගෙන්වයි 

Dec 13 2017 00:00Hits 509

ප්‍රංශයේ ‘ලැක්‌ටාලිස්‌’ කිරිපිටි නිෂ්පාදන සමාගම සිය නිෂ්පාදන සිය ගණනක “සැල්මොනෙල්ලා” බැක්‌ටීරියාව අන්තර්ගතව ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම නිෂ්පාදන නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇතැයි බී. බී. සී. ප්‍රවෘත්ති සේවය…

ලක්‍ෂ තුනක මත්පෙති කොළඹින් අල්ලයි 

Dec 13 2017 00:00Hits 364

කොළඹ තරුණයන් සහ පාසල් සිසුන් ඉලක්‌කකර බෙදාහරින කෘතිම මත්ද්‍රව්‍ය වන අයිස්‌ මත්පෙති, ගෑස්‌ සහ ඩාන්සින් ටැබ්ලට්‌ අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ 3 කට අධික වටිනාකමින් යුත්…

වියදම ලක්‍ෂ 150 ක්‌ ; මධ්‍යම පළාතේ පළමු කණ්‌ඩායම චීන සංචාරයට පිටත්ව යයි 

Dec 13 2017 00:00Hits 598

මහජන මුදල් වැය කරමින් විදෙස්‌ සංචාර සැලසුම් කොට ඇති මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත පළමු කණ්‌ඩායම ඊයේ (12 දා) පස්‌වරු 2.00 ට චීනය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

වෛද්‍යවරයාගේ ක්‍රෙඩිට්‌ කාඩ්පත සොරාගත් සිද්ධියේ සැකකාර සෙබළුන් උසාවි ගේන්නැයි නියෝග 

Dec 13 2017 00:00Hits 657

තමන් උඩවලව මෝටර් රථ තරගාවලියක්‌ නැරඹීමට ගිය විටදී යම්කිසි අයෙකු විසින් තමන්ගේ බැංකු ක්‍රෙඩිට්‌ කාඩ්පත සොරාගෙන වංචාසහගතව භාණ්‌ඩ ලබාගෙන ඇතැයි කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු වන අශෝක මලින්ද සේනාධීර නමැත්තා පොලිසියට…

හරිහැටි වැස්‌සක්‌ නැහැ – වැව්බැඳි රටේ වී වගාව ඉවරයි 

Dec 13 2017 00:00Hits 337

නොවැම්බර් මාසෙ මුල පුහු වැහි දෙක තුනක්‌ වැස්‌සා. ඒවට කියන්නෙ බොල් වැහි කියල. හතර පැත්ත අඳුරු කරගෙන චුරුචුරු ගගා දවස පුරා වැහි පොද වැටුණා. නමුත් ගලා යන්න වතුරක්‌ වැටුණෙ නෑ….

ගත වූ මාස 11 1/2 ට ෆේස්‌බුක්‌ පැමිණිලි 3200 ක්‌ 

Dec 13 2017 00:00Hits 372

පැමිණිලි අතර ව්‍යාජ ෆේස්‌බුක්‌ ගිණුම් සෑදීම, ෆේස්‌බුක්‌ ගිණුමේ ඇති ඡායාරූප ලබාගෙන වෙනත් තැන්වල පළකිරීම යනාදිය වන බව ද ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here