ආනන්ද සංගරීගේ හමුදා විරෝධය

1
1143

උතුරේ හමුදාව ස්‌ථානගතවී සිටීම පිළිබඳව නිරන්තරව විරෝධය පළ කළේ දෙමළ ජාතික සන්ධානය හා උතුරේ මහඇමැති විග්නේශ්වරන් ය. ඔහු මීට කලකට පෙර “දෙමළුනි නැගිටිව්” යනුවෙන් උද්ඝෝෂණ මාලාවක්‌ පැවැත්වූවේද උතුරෙන් හමුදාව ඉවත් කිරීම සඳහා ය. කොටි හිතවාදීන්ට අවශ්‍ය ලෙස හමුදා කඳවුරු ඉවත් කිරීම ඉතා භයානක බව වත්මන් යහපාලන ආණ්‌ඩුව ද අවබෝධ කර ගෙන ඇත. එසේම හමුදාව මගින් භාවිත කළ පෞද්ගලික ඉඩම්වලින් අතිශය බහුතරය දැනටමත් අදාළ පුද්ගලයන්ට ලබාදී හමාරය. මුලතිව් හමුදා මූලස්‌ථානය මැදින් ද දැන් සාමාන්‍ය වැසියන්ට ගමන් කිරීමේ හැකියාව ලබාදී ඇත්තේ ඔවුන් සතු ඉඩම් භාරදී ඇති බැවිනි. සාමාන්‍යයෙන් හමුදා කඳවුරක්‌ මැදින් ගමන් කිරීමට සිවිල් වැසියන්ට ඉඩක්‌ නැත.

මෙවන් පසුබිමක ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වීරසිංහම් ආනන්ද සංගරී ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ ජීවිතයට විශාල බාධාවක්‌ බවයි. එමෙන්ම හමුදා කඳවුරු පැවතීම කාන්තා නිදහසටද බාධාවක්‌ බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයා කියයි. උතු=රේ හමුදා කඳවුරු නිසා දෙමළ කාන්තාවන් කීදෙනෙක්‌ දූෂණය වී ඇත්ද? ඝාතනයට ලක්‌ව තිබේද? එවන් කිසිම චෝදනාවක්‌ නැත. විද්‍යා දැරිය දූෂණයට ලක්‌ කර ඝාතනය කළ පුද්ගලයන් දැනටමත් පෝරකයට යවා ඇත. මේ සියලුදෙනා දෙමළ ජාතිකයන්ය. එසේ නම් ආනන්ද සංගරී කාන්තා ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්නේ ඡන්ද ගරා ගැනීමටද? මෙය සැබවින්ම කුහක ප්‍රකාශයකි.

ප්‍රභාකරන් බලවත්ව සිටි සමයේදී ආනන්ද සංගරී මහතා කොටි සංවිධානයේ ක්‍රියා කලාපය බලවත් සේ විවේචනය කළ බව අපි දනිමු. ඒ නිසාම ඔහුට බලවත් ජීවිත තර්ජනයක්‌ පැවතිණි. ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් ද විශාල ආරක්‍ෂක අංශ සාමාජික පිරිසක්‌ යොදා තිබිණි. දැන් යුද්ධය හමාරය. සංගරී මහතාට එල්ල වූ ජීවිත තර්ජනය ද පහව ගොස්‌ ඇත. ඒ ජීවිත තර්ජන පහව ගොස්‌ ඇති නිසා හමුදාවට එරෙහි චෝදනා එල්ල කරන්නේද? උතුරේ ජනතාව හමුදාව නිසා ද බියෙන් සැකයෙන් ජීවත් වන බව ඔහු කියයි. පසුගිය කාලයේ හමුදාවට එරෙහිව උද්ඝෝෂණ පැවතියත් ඒවාට සහභාගි වූQයේ ඉතාම අතලොස්‌සක්‌ පමණි. උතුරේ බහුතර ජනතාව හමුදාව සමග කිසිම ආරෝවක්‌ නැත. හමුදාව සමග ගැටුමක්‌ ඇති කරන්නට දෙමළ සන්ධානය මෙන්ම විග්නේශ්වරන්ද උත්සාහ කළ ද ඒවා සාර්ථක වූයේ නැත.

උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ සංස්‌කෘතියටද නොගැළපෙන බව සංගරී මහතාගේ මතයයි. පසුගියදා පැවැති තෛපොංගල් උළෙල සැමරීම සඳහා උතුරේ වැසියන්ට හමුදාවේ පූර්ණ සහයෝගය හිමි විය. හමුදා කඳවුරු මගින් දන්සල් පවා සංවිධානය කර තිබුණේ දෙමළ ජනතාවට සිය ආගමික උත්සවය වඩා උත්කර්ෂයෙන් සැමරීමටය. ඕනෑම හින්දු උත්සවයකට හමුදාවේ පූර්ණ අනුග්‍රහය ලැබේ. එහෙත් හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත් වීම ගැනත් සංගරී මහතා විරුද්ධය. සංගරී මහතා කොතෙක්‌ අවලාද නැඟුවද උතුරේ ජනයා තුළින් නම් හමුදා විරෝධයක්‌ පැනනැඟී නැත.

1 COMMENT

  1. මුංව දෙශද්‍රෝහින් යනුවෙන් නම් කරලා රටිනුත් පන්නන්න ඔනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here