ඊළම් උපදේශකයා යාපනයට එද්දී – කැනඩා ඩයස්‌පෝරාව විග්නේශ්වරන්ට රුපියල් මිලියන 2500ක්‌ දුන්හැටි මෙන්න !

0
1240

ilam2

පසුගිය සතියේ දිනෙක සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපල වෙත ද්‍රවිඩ මහාචාර්යවරයෙක්‌ සම්ප්‍රාප්ත විය. මොහු කටුනායකදී ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමක්‌ හෝ රටින් පිටුවහල් කිරීමට ක්‍රියාකළේ නැත. මේ සිංගප්පූරු මහාචාර්යවරයා වෙනින් කවුරුවත් නොව ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් සමූලඝාතනය කළ බවට චෝදනා එල්ල කළ සොර්නරාජා මුතුකුමාරස්‌වාමි නැමැත්තායි. සොර්නරාජාව මෙරටට ගෙන්වා තිබුණේ උතුරේ මහ ඇමැති සී. විග්නේශ්වරන් මෙහෙයවන ද්‍රවිඩ ජනතා කවුන්සිලයයි.

මෙම ද්‍රවිඩ ජනතා කවුන්සිලය පසුගිය අඟහරුවාදා යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපනි ශාලාවේදී දේශපාලන රැස්‌වීමක්‌ සංවිධානය කර තිබුණි. මේ බව සැළවූ විගස මැතිවරණ කොමිසම යාපනය විශ්වවිද්‍යාල උපකුලපතිවරයා වෙත සංදේශයක්‌ යවමින් එම මැතිවරණ රැස්‌වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලය තුළ මේ ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ රැස්‌වීම සංවිධානය කරතිබුණේ නීති පීඨයේ ප්‍රධානියා යයි කියන කුමාර වඩිවේල් ගුරුසාරන් නමැත්තායි.

මැතිවරණ කොමිසමේ තහනම නිසා ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ රැස්‌වීම යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට තීරණය විය. මේ බව මැතිවරණ කොමිසමට වාර්තා වූ අතර වීරසිංහම් ශාලාවේ එකී රැස්‌වීම පැවැත්වීමට ඉඩ නොදෙන මෙන් මැතිවරණ නිලධාරි ටී වේදනායගම් විසින් එම ශාලාව අයත් යාපනය දිස්‌ත්‍රික්‌ සමුපකාර සංගමයේ ලේකම්ට නියෝග කරනු ලැබීය.

එහෙත් මැතිවරණ කොමිසමේ නියෝග කෙරේ තැකීමක්‌ නොකළ ද්‍රවිඩ ජනතා කවුන්සිලය සිය මැතිවරණ ප්‍රචාරක රැස්‌වීම පවත්වනු ලැබීය. මේ රැස්‌වීමේ ප්‍රධාන කථිකයා වූයේ සිංගප්පූරුවේ සිට කටුනායකට පැමිණි මහාචාර්ය සොර්නරාඡ් මුතුකුමාරස්‌වාමි නමැත්තායි.

කොටි සංවිධානය පරාජය වීමෙන් පසු ප්‍රභාකරන්ගේ උපදේශක රුද්රකුමාරන් විශ්වනාදන් නැමැති කොටි හිතවාදියා 2010 මැයි 17 දා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමින් හොර සංවිධානයක්‌ ස්‌ථාපිත කර එහි අගමැති තමා බව කියා සිටියේය.

රුද්රකුමාරන් මේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයට උපදේශකයන් 13 ක්‌ පත්කරනු ලැබීය. එම උපදේශක මණ්‌ඩලයේ අංක 1 ලෙස හඳුන්වනු ලැබුවේ සොර්නරාඡ් මුතුකුමාරස්‌වාමි නමැති මහාචාර්යවරයායි.

පසුගිය රජය මෙන් වත්මන් රජයද මේ තක්‌කඩි සංවිධානය තහනම් කළේය. එහෙත් රජයේ තහනම නොතකා සොර්නරාජාට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පමණක්‌ නොව යාපනයට ගොස්‌ ගිනි ඇවිලවීමටද ඉඩලැබුණි. එහෙත් මෙම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයේ කැනඩා නියෝජිත රත්නබාලම් නැමැත්තා පවුලේ අය සමඟ කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්‌ථාවේ ඔහුව අත්අඩංගුවට ගත් ආගමන විගමන බලධාරීන් මෙරටින් පිටුවහල් කෙරුණි.

ilamහෙත් එම නීතිය මහාචාර්ය සොර්නරාජාට බලපෑවේ නැත. 2009 වසරේ මාර්තු මස දිනෙක මොහු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ යෝර්ක්‌ විශ්වවිද්‍යාලයේ පැවැති සමුළුවක්‌ අමතා සමූල ඝාතන ක්‍රියා සිදුකිරීම ගැන ශ්‍රී ලංකාව වරදකරු යයි ප්‍රකාශ කළේය.

ඉන්පසු ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බවට ඔහු විටින් විට ප්‍රචාරය කරනු ලැබීය.

පසුගිය ජනවාරි 16 දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැති විග්නේෂ්වරන්ගේ ද්‍රවිඩ ජනතා ජාතික කවුන්සිලය ඇමතූ සොර්නරාජා නමැති ඊළාම්වාදියා මෙලෙස ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට එරෙහිව දියත්කළ සමූල ඝාතන ක්‍රියාදාමය සඳහා වූ යුක්‌තිය යම් දිනෙක ද්‍රවිඩ ජනතාවට ලැබෙයි. නුදුරු අනාගතයේදී යුක්‌තිය ඉටු නොවුණහොත් කාලයත් සමඟ ඇතිවන වෙනස්‌වීම්වලදී එම යුක්‌තිය හිමිවනු ඇත. එසේම යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් ද්‍රවිඩයන්ට නිසි විසඳුමක්‌ නොලැබුණහොත් ජාත්‍යන්තර නීතිය මගින් ඔවුන්ට පිළිසරණක්‌ ලැබෙයි. ජාත්‍යන්තර නීතිය යටතේ වරදකරුවන්ට දඬුවම් කිරීමට නීති නැති නමුත් සමූල ඝාතන සිදු කළවුන් අධිකරණය වෙත යොමු කිරීමේ ඉඩකඩ ඇත. රටේ සිදු වන වෙනස්‌කම් මත අපි නිසි පියවර ගත යුතුයි.”

මෙලෙස ද්‍රවිඩ ජාතික ජනතා කවුන්සිලය මෙකී සමුළුව පවත්වනු ලැබුවේ මැතිවරණ කොමිසමේ තහනම උල්ලංඝනය කරමිනි. එහිදී එම රැස්‌වීම සංවිධානය කළ කුමාර වඩිවේල් ගුණපාරන් නමැත්තා මැතිවරණ කොමිසමටද අභියෝගයක්‌ කරමින් මැතිවරණ කොමිසමට එවන් නීතිරීති පැනවීමට හිමිකමක්‌ නැති බව කියා සිටියේය.

ilam1මේ තත්ත්වය මත ඊළාම්වාදී සොර්නරාජා සහභාගිවූ සමුළුවට බාධා පැමිණවීමට මැතිවරණ බලධාරීන් උත්සාහ දැරූ බව පැරිසියේ සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙක්‌ හඬාවැළපී ඇත.

මේ සමුළුව ජාත්‍යන්තර සහභාගිත්වය යටතේ සංවිධානය කර තිබූ බවද එම එන්. ජී. ඕ ක්‍රියාකාරිකයා පළකළේය.

එහෙත් මේ ජාත්‍යන්තර සහභාගිත්වය යනු කොටි සංවිධානයේ නෝර්වේ සාම සාකච්ඡාවලට නම්කර තිබූ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ උපදේශක සොර්නරාජායි.

සොර්නරාජා සහභාගිවූ මේ සමුළුවට ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ආනන්දි සසිතරන් ඇතුළු පාර්ශව සහභාගි වී ඇත.

මෙහිදී නැඟුණ බරපතල ප්‍රශ්නය නම් තහනම් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයට රජය දොර විවෘත කිරීමයි. එසේම උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රටේ නීතිය ගැන තැකීමක්‌ නොකිරීමද තවත් බරපතල ප්‍රශ්නයකි.

මෙම පසුබිම මැද උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් විදේශ මාධ්‍ය අමතා මෙලෙස ප්‍රකාශ කර ඇත.

“ඒකීය ව්‍යවස්‌ථාව තිබෙන තුරු හමුදාව පලවාහැරීමට අපට හැකිවන්නේ නැහැ. පෙඩරල්ක්‍රමය මත අපට බලය ලැබෙනවානම් අපට අපේ ආරක්‍ෂාව ගැන ක්‍රියාකළ හැකියි. එහෙත් ආරක්‍ෂක හමුදාව දිගටම අපේ ප්‍රදේශ අත්පත් කරගෙන සිටිනවා.

වධහිංසා සිදුකිරීම්, ලිංගික අතවර සහ ම්ලේච්ඡ ක්‍රියා ඇතුළු යුද අපරාධ සිදුකළ චූදිතයන්ට දඬුවම් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ. මේ චූදිතයන්ට හඳුන්වන්නේ යුද විරුවන් ලෙසයි. රජය සංක්‍රාන්ති විනිශ්චය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔවුන් ද්‍රවිඩයන් දිගටම මෝඩයන්ට අන්දවනවා.

යුද්ධයෙන් පසු අට වසරක්‌ ගතවන අවස්‌ථාවේ අපට අයත් රජයේ සහ පුද්ගලික ඉඩම් අක්‌කර 60000 කට වඩා ආරක්‍ෂක හමුදාව අත්පත් කරගෙන සිටින බව කිව යුතුයි. රජයේ ඉඩම්වල ඇති දැව කපාගෙන යනවා. ආරක්‍ෂක හමුදාවට එරෙහි පැමිණිලි පොලිසිය භාරගන්නේ නැහැ. අපේ පාරම්පරික ධීවරයන්ගේ මසුන් සිටින ප්‍රදේශ දකුණේ සිට පැමිණි ධීවරයන් අත්පත් කරගෙන සිටිනවා. ඔවුන්ට ආරක්‍ෂක හමුදාව ආරක්‍ෂාව සපයනවා. විශේෂයෙන් මුලතිව්හි නයාරු ප්‍රදේශයේ නීතිවිරෝධි සංක්‍රමණික කුටි ඉදිකර තිබෙනවා.

එසේම අපේ සංචාරක සංකීර්ණ පවා අත්පත් කරගෙන ඇති හමුදාව බෞද්ධ විහාර ඉදිකරමින් උතුරේ නියම පදිංචිකරුවන් සිංහලයන් බවට පෙන්නුම් කිරීමට ඉතිහාසය වෙනස්‌ කිරීමට ක්‍රියාකරනවා.

මාදගල් ප්‍රදේශයට සිංහලෙන් පටුන යයි නම්කර තිබෙන අතර සියලුම දැන්වීම් පුවරු ඉදිකර ඇත්තේ සිංහලෙන් බව කිවයුතුයි.

උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සිංහලයන් විශාල ලෙස සිටියේ නැහැ. එසේම අපේ වෙළෙ¹ම අත්පත් කරගෙන ඇත්තේ ආරක්‍ෂක හමුදාවේ ඥතීන්, වව්නියාවේ සිට චාවාකච්ෙච්රි දක්‌වාවූ ඒ-9 මාර්ගයේ සිංහල කඩ සාප්පු ස්‌ථාපිත කර තිබෙනවා.

ත්‍රස්‌ත මර්දන පණත අහෝසි කරන බවට රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රතිඥ දුන්නා. එහෙත් චෝදනා ඉදිරිපත් නොකර සැකකරුවන් රැසක්‌ ත්‍රස්‌ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්‍ෂක හමුදා උතුරේ රඳවා ගැනීම සඳහා හමුදාව උපාය මාර්ගයක්‌ ලෙස ද්‍රවිඩ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයන් මෝඩයන් කළ අයුරින්ම මෙරට සුළු ජාතිකයන්ද මෝඩයන් කිරීමට රජය ක්‍රියාකරනවා.

උතුරු මහ ඇමැතිවරයා විදේශ මාධ්‍ය අමතමින් සිදුකළ මෙම බරපතල ප්‍රකාශයෙන් ඔහුගේ ඉදිරි අරමුණු රජයේ යාන්ත්‍රණයට අවබෝධ විය යුතුයි.

ඔහු යෝජිත ව්‍යවස්‌ථාව තුළින් පෙඩරල් පාලනය ලැබෙන තුරු බලාසිටින්නේ උතුරින් හමුදාව පලවා හැරීමට බව තහවුරුවී ඇත.

උතුරු මහ ඇමැතිවරයා මෙලෙස උතුර වෙනම රටක්‌ බවට පත්කිරීමට පුනපුනා බලාසිටිද්දී කොටි දේශපාලන සහ හමුදා නායකයකුව සිටි එලිලන්ගේ බිරියවූ ආනන්දි සසිතරන් ප්‍රකාශයක්‌ කරමින් වන්නි මෙහෙයුම් අවසාන සතියේදී කොටි යටත් වූයේ නෝර්වේ සහ ජපානයේ උපදෙස්‌ මත බවත් එම යටත්වීමට ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මැදිහත්වූ බවත් දක්‌වා ඇත. එසේම යුද්ධය අවසානයේදී කොටි යටත්වන බව ඉන්දියාව දැන සිටි බවද සසිතරන් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ආනන්දි සසිතරන් වසර අටකට පසු කර ඇත්තේ සාවද්‍ය ප්‍රකාශයකි. නෝර්වේ සහ ජපානය කොටින්ගේ යටත්වීමට කිසිදු ලෙසකින් සම්බන්ධවූයේ නැත.

මේ අතර උතුරු මහ ඇමැතිවරයා ශ්‍රී ලංකා රජයට තවත් අනතුරු ඇඟවීමක්‌ කර ඇත.

“මේ වසරේ මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. එහිදී ඊට සහභාගි වන අය ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ගත් ක්‍රියාමාර්ග කුමක්‌දැයි විමසනවා.

එහිදී යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදාළ අතුරු වාර්තාව ගැනත් නිරීක්‍ෂණය වෙනවා.”

එසේම විග්නේශ්වරන් තවදුරටත් පවසා ඇත්තේ ද්‍රවිඩ මවුබිමේ සිංහලයන් පදිංචි කරන බවත් ඒ සඳහා ආරක්‍ෂක හමුදාව ආරක්‍ෂාව ලබාදෙන බවත්ය.

“අපේ මුතුන් මිත්තන්ගේ ඉඩම් ආක්‍රමණය කර රජය යටත්විජිතවාදය ක්‍රියාත්මක කරනවා. අපේ ඉඩම්වලින් දසලක්‍ෂයක්‌ පළවා හැර තිබෙනවා” යයි උතුරු මහ ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේවූවත් උතුරු මහ ඇමැතිගේ මේ අභූත චෝදනා වලට ප්‍රතිචාරය දැක්‌වීමට රජය ක්‍රියාකර නැත. විග්නේශ්වරන් ජාත්‍යන්තර මාධ්‍ය අමතා කරන මේ ප්‍රකාශ විදේශ රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් නිවැරදි කළ යුතුව ඇතත් මේ දක්‌වාම එවන් ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

මේ හැර උතුරු මහ ඇමැතිවරයා කැනඩාවේ ද්‍රවිඩ සංවිධාන වලින් රුපියල් මිලියන 2500 ක අතිවිශාල මුදලක්‌ ගෙන්වාගෙන ඇති බව අනාවරණය විය. ඒ බව හෙළිවූයේ කැනඩාවේ ප්‍රකාශ වන කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතකිනි.

කොටි සංවිධානය පරාජය වුවත් කොටි ජාත්‍යන්තර ජාලය පරාජය වී නැත. කොටි සංවිධානයේ ශ්‍රී ලංකාවේ වත්කම්වලින් රුපියල් බිලියනයක දේපල ත්‍රස්‌ත මර්දන ඒකකය සොයාගනු ලැබුවත් අතිවිශාල මුදලක්‌ ඇත්තේ කැනඩා කොටි ජාලයෙහිය.

කැනඩාවේ ක්‍රියාත්මක වන බාබු නමැති අවන්හලද කොටි සංවිධානයට අයත්වූවකි. එසේම මෝටර් වාහන අලෙවි කිරීම්, දේපළ සමාගම් සහ වෙනත් ව්‍යාපාර රැසක්‌ මෙහෙයවන්නේ කැනඩා – කොටි ජාත්‍යන්තර ජාලයයි.

කොටි නෞකා ජාලයේ ප්‍රධානියාවූ රවින්ද්‍රන් පවා කැනඩාවේ සිටින විට රුපියල් මිලියන 2500 ක්‌ හෙවත් කෝටි 250 ක්‌ උතුරු මහඇමැතිට ලබාදී ඇත්තේ උතුර සංවර්ධනය කිරීමට බව වාර්තා විය.

එහෙත් එම මුදල් ලබාදීමේ පසුබිම කුමක්‌ද? කැනඩාවේ ද්‍රවිඩ පුවත්පතක්‌ ඒ බව හෙලි නොකළේ නම් විග්නේශ්වරන් නිහඬව සිටිනු නියතය. ඔහු උතුරේ ද්‍රවිඩ මාධ්‍ය අමතා පවසා ඇත්තේ තවත් රුපියල් මිලියන 12000 ක්‌ ඉල්ලූ බවත් ලැබුණේ රුපියල් මිලියන 2500 ක්‌ බවත්ය.

එසේ නම් කැනඩා ද්‍රවිඩ සංවිධානවලින් එවන් අතිවිශාල මුදලක්‌ ගෙන්වා ගැනීමට උතුරු මහ ඇමැතිවරයා ශ්‍රී ලංකාව මහ බැංකුවෙන් අවසර ගත්තාද? ඊට අමතරව උතුරේ කටයුතු සඳහා යයි කියමින් කැනඩාවෙන් සෘජුව මුදල් ගෙන්වා ගැනීමට විග්නේශ්වරන් රජයෙන් අවසර ගෙන තිබේද? මේ ප්‍රශ්නවලට මෙතෙක්‌ ප්‍රතිචාර ලැබී නැත.

තමා කැනඩාවේ ද්‍රවිඩ සංවිධානවලින් අරමුදල් ලබාගත් බව විග්නේශ්වරන් පිලිගෙන ඇතත් කැනඩාවේ ඇත්තේ කොටි හිතවාදී සංවිධාන බව අනාවරණය වී ඇත.

ප්‍රභාකරන්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා අරමුදල් සපයනු ලැබුවේ කැනඩාවේ වර්ල්ඩ් ටැමිල් මූමන්ට්‌ නැමැති සංවිධානය බව කැනඩා පොලිසිය සොයාගෙන තිබුණි.

එම තත්ත්වය මත තමන්ට අරමුදල් ලබාදුන්නේ කුමන සංවිධානයද යන්න ගැන උතුරු මහ ඇමැතිවරයා හෙළිකළ යුතුයි.

එහෙත් අද වන තුරු ඔහු ඒ කුමන සංවිධානද යන්න අනාවරණය කර නොමැත.

ilam3මෙයට කලකට පෙර උතුරු මහ ඇමැතිවරයා කැනඩාවේ සංචාරයක යෙදුණේ නිමලන් කාර්තිකේයන් නැමැත්තකු සමඟය. නෝර්වේ අරමුදල් මත යෑපෙන ජාතික සාම මණ්‌ඩලයේ සේවය කළ ඔහු කොටින්ට අත්වාරු ලබාදීමේ උත්සවයකටද සහභාගි වූවෙක්‌ බව හෙළිවිය.

මේ අතර මෙරට ජාතික ආරක්‍ෂාවට සෘජු තර්ජනයක්‌ එල්ල කරමින් ඉන්දීය හමුදාපති ජෙනරාල් බීපින් රාවට්‌ මෙතෙක්‌ කිසිදු හමුදාපතිවරයකු නොකළ ප්‍රකාශයක්‌ කරමින් පැවසුවේ ඉන්දියාවේ අසල්වාසි රටවලට චීනය දෙසට පාවීයැමට ඉඩදිය නොහැකි බවයි. යුද හමුදා දිනය නිමිත්තෙන් තවදුරටත් කරුණු දැක්‌වූ ඉන්දීය හමුදාපතිවරයා ඉන්දීය රජය සිය අසල්වැසියන් පිළිබඳ පිළිවෙතට කාර්යක්‍ෂම ලෙස මුල්තැනදිය යුතු කීවේය.

ඔහු මෙලෙස අසල්වැසියන් ලෙස හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මියන්මාරය සහ ඇප්ගනිස්‌තානයයි.

ඉන්දීය හමුදාපතිවරයා මේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවට කියන්නේ ශ්‍රී ලංකාව ඉන්දීය රූකඩයක්‌ ලෙස ක්‍රියාකළ යුතු බව නොවේද?

ජෙනරාල් රාවට්‌ කළ මේ බරපතල ප්‍රකාශය ගැන ශ්‍රී ලංකාවේ රජය හෝ කිසිදු දේශපාලනයෙක්‌ අදවනතුරු වචනයක්‌වත් පවසා නැත.

ඉන්දීය ජෙනරාල් රාවට්‌ගේ ප්‍රකාශය නිසා ඉන්දීය රෝ බුද්ධි සේවාව මෙරට ක්‍රියාත්මක වන බවට තවදුරටත් සාක්‌ෂි අවශ්‍ය නැත.

මෙවන් පසුබිමක්‌ මැද යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකළ යුතු ජිනීවා යෝජනාව ඉටුකිරීමට ශ්‍රී ලංකාව කටයුතු කර නැති බව හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ අග්නිදිග ආසියා අධ්‍යක්‍ෂක මිනාක්‌ෂි ගංගුලි ශ්‍රී ලංකා රජයට චෝදනා කර ඇත.

හිටපු වාර්තාකාරියක්‌වූ ගංගුලි ඉන්දීය හමුදාවට එල්ලවී ඇති මානව හිමිකම් ගැන හඬක්‌ නඟන්නේ නැතිව ශ්‍රී ලංකාව ගැන විමර්ශනය කරන්නේ මන්ද?

එසේම ත්‍රස්‌ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන නිදහස්‌ කරන ලද අයගෙන් රජය සමාව ඉල්ලා නැති බවටද ඇය චෝදනා කරයි.

එහෙත් කොටින් පුහුණුකර මෙරට ත්‍රස්‌තවාදය ඇතිකළ ඉන්දීය රෝ සංවිධානය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේද?

ilam4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here