උණු කදුළු කැට ඇස් දෙකේ හිරකරගෙන දැයට අහිමිවූ අපේ කාලයේ විශ්ෂ්ඨ රණවිරුවෙක් පිළිබදව මෙසේ කෙටි සටහනක් තබමි_!

0
700

1940 ජූලි 27 කන්ද උඩරටින් මෑත කාලයේ බිහිවූ දියසේන කුමාරයා නොහොත් ලුතිනන් ජෙනරල් ඩෙනිසිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව ඔව් කොබ්බෑ කඩුව සර් (RWP,RSP,VSV,USP,RCDS,PSC)

සර් මගේ ලෝකේ වීරයෙක් වෙන්නේ මම පොඩි කාලෙදිමයි මුලින්ම කියන්න ඔනා යාපනේ අරාලි වලදි සර්ව පීඩන බෝම්බෙකට අහුවෙලා මැරුනා නෙමෙයි අහු කරලා මැරුවා ඒක මිණීමැරුමක් සර් පොඩිකාලෙදි සතපහේ කාසිය උඩ දාලා කොහිකිරිල්ල තුවක්කුවෙන් හරියටම ඉලක්කෙට වෙඩි තිබ්බේ උප්පත්තියෙන්ම අරන් ආපු හැකියාවට 1960 කැඩෙට් නිලධාරියෙක් විදිහට ශ්‍රීලංකා යුධ හමුදාවට බැදෙනකොට කිසිම කෙනෙක් සර් ගැන හීනෙකින්වත් නොහිතපුවා සර් මගේ මව්බිම වෙනුවෙන් කලා

එදා යුධබිමේ සියළුම දෙනා සර්ට ගරුකලේ සර් ඒතරම් හිතහොද මනුස්සයෙක් නිසා කියලයි සර් එක්ක හිටපු හැමෝම කියන්නේ සර්ගේ වගේ නිහතමානී හිනාවක් තාමත් ත්‍රිවිද හමුදාවෙම නැතිලු එල්ටීටී එකට මුලින්ම දුවන්න ගැහුවේ සර් ඒක ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා තියෙන්නේ ඔපරේෂන් ලිබරේෂන් බලවේගය 1987 අපි හැමෝම දන්න බලවේගය මේ හැම සටනකටම අනදුන්නේ සර් ප්‍රභාව ගන්න ඔන්න මෙන්න තියෙද්දි ඉන්දියාව සහ එවකට රජය සර්ට බලපෑම් නොකරන්න සර් එදා එල්ටීටිය සහමුළින් නැතිකරලා ආයෙත් කියන්නේ සර් ඔයාව ඔයා ලගම හිටපු කෙනෙක් තමයි මැරුවේ අහලා තියන විදිහට සර් නිමාඩු ගියහම ඉක්මනටම එනවලු සර්ගේ කොල්ලෝ ටික බලන්න ඒ තරම් සර් අපේ කොල්ලන්ට තාත්තෙක් වගේ ආදරයකලා කියලයි අහලා තියෙන්නේ හැමෝම නොදන්නවට එදා යුධබිමේ කොල්ලන්ගේ මොරාල් එක කොබ්බෑකඩුව සර් කිව්වොත් කීදෙනෙක් පිළිගනීද? ඒක තමයි ඇත්ත

යුධබිම මෙහෙයුම් මැදිරි වල සිට නොව යුධබිමේම සිට අණ දුන් නායකත්වය දුන් කොබ්බෑකඩුව සර් කැෂුවල් වෙච්ච කොල්ලන්ව සර් ආව හෙලිකොප්ටරේ දාලා කීපාරක්නම් පලාලි වලට නැතිනම් අනුරාධපුරේට යවන්න ඇතිද? සර් වගේ මිනුස්සුන්ගේ ලෙයින් දහඩියෙන් කදුලින් ගොඩනැගුනු මේ මගේ දේෂය අනතුරකට අත්වෙනකම් බලන් ඉන්න අපට පුළුවන්ද සර්? සර් මෙහෙයවපු සෑම මෙහෙයුමක්ම සාර්ථක උනේ සර් දුර දැකපු නිසා එදා සර්ගේ නම ඇහෙනකොටත් බය උන ප්‍රභා ඒ සර් නියම කේසර සිංහයෙක් නිසා ඒකයි සර්ගේ නම අතීතය අමතක නැති හැමකෙනෙක්ගෙම හිත් වල උඩින්ම තියෙන්නේ මේ තරම් ගරු බුහුමන් කරන්නේ සර්ව කවදාවත් දැකලා නැති උනත් ලොකූ ගෞරවයක් සර් ගැන හිතේ ඇතිවෙන්නේ මොකද සර් කාඩ්බෝඩ් වීරයෙක් නොව සැබෑ වීර පුත්‍රයෙක් නිසා සන්නාහසන්නධ බලකායේ විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවෙම එදා මෙදා බිහිවූ රණ් අකුරින් ලියවූ නොමැකෙන නාමය කිව්වට වරදක් නෑ

කොබ්බෑකඩුව සර් ඔයාව මරලා හෙට දවසට හරියටම විසි හතර වසරක් වෙනවා කයිට්ස් වල විතරක් නෙමේ සර්ගේ අවසන් ප්‍රාණවායුව තවමත් මගේ මවුබිම ආරක්ෂා කරනවා සර් වගේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වීරයෝ අදත් ඉන්නවා ශවේන්ද්‍ර සර්ලා ඩයස් සර්ලා දයා රත්නායක සර්ලා වගේ ඒත් එදා සර් යුද්ධේ ඉවර කරන්න ඔන්න මෙන්න තියලා නවත්තපු උන්ට සර්ලා අපිට ආයෙත් නිදහස් කරලා දුන්න බිමේ උපදින්න අයිතියක් නෑ සර් මොකද එදා උන්මයි කිව්වේ සර් කැෂුවල් වෙලා කොලඹට ගෙනාපු බෙල් 212 හෙලිකොප්ටර් එක ජාතික රෝහලට බාන්නේ නැතුව රත්මලානට බාන්න කියලා එහෙනම් සර් අදටත් ජීවතුන් අතර අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සර්ට බුදුබව අත්වේවා කියලා තමයි සර් මම හිතනවා එහෙම කිව්වට පවු නෑ කියලා____🙏🏼🙏🏼🙏🏼

එදිනම අපට අහිමි වූ අනෙකුත් විරුවන්ද ඉතා ගෞරවයෙන් සිහි කරන්නෙමු..!

 

පුලුවන්නම් හෙට රාත්‍රියට සර්ව මතක් කරලා කොබ්බෑකඩුව සර් වෙනුවෙන් ඔයාලගේ ගෙවල් ඉස්සරහා පහනක් පත්තුකරන්න කියලා ඉල්ලා සිටිනවා

උපුටා ගැනීමකි අයිතිය ජනිත් ඉෂාර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here