උතුරට හමුදාව යෙදවීම ගැන තමිල් අරසු කච්චි විරෝධය

0
399

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ හිටපු කොටි ක්‍රියාකාරීන් අද සිදුකරන අපරාධකාරී ක්‍රියා මර්දනය කිරීම සඳහා ආරක්‌ෂක හමුදාව යෙදවීම ගැන තමිල් අරසු කච්චි පක්‌ෂයේ නායක මාවෙයි සේනාධිරාජා රජයට විරෝධය පළකර ඇත.

කෝපායිහිදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපාකොටා තුවාල සිදුකිරීමට මුවා වී ආරක්‌ෂක හමුදාව උතුරට යෙදවීම පිළිගත නොහැකි බව ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. හමුදාව යළි උතුරට පැමිණීම නිසා ද්‍රවිඩ ජනතාව බියට පත්වී ඇති බව ද හෙතෙම පවසයි.

මේ අතර උතුරේ ස්‌ථාන රැසක ආරක්‌ෂක හමුදාව ආරක්‌ෂක කටයුතුවල නිරතවී සිටින අයුරු දැක්‌වෙන ඡායාරූප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද යෑවීමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකර ඇත.

එහෙත් උතුරින් ආරක්‌ෂක හමුදාව ඉවත් කිරීම රජය ප්‍රතික්‌ෂේප කර තිබේ.(උපුටා ගැනීම 2017/08/04 දිවයින පුවත්පතෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here