උතුරේ ආවා කල්ලිය පිටුපස ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව

0
264

උතුරේ ආවා කල්ලිය පිටුපස ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව

කීර්ති වර්ණකුලසූරිය

උතුරු ප්‍රදේශයේ යළි අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කරන “ආවා කල්ලිය” මෙහෙය වන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රිබුග් ප්‍රාන්තයේ කොටි ඩයස්‌පෝරාව බව අනාවරණය වී ඇත.

කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානියකු ඒ සඳහා යාපනයේ ආවා කල්ලි ක්‍රියාකාරීන්ට අරමුදල් මෙන්ම යතුරුපැදි පවා ලබාදීමට කටයුතු කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. ස්‌විට්‌සර්ලන්තයේ ඇති ඩයස්‌පෝරා වත්කම ඩොලර් මිලියනයකට අධිකය.

උතුරේ අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට මූලිකව ස්‌විස්‌ සන්තෝෂම් මාස්‌ටර්ද, වෙට්‌ර සන්නස්‌ නමැත්තාද දායක වී ඇත.

එහෙත් මොවුන් ස්‌විට්‌සර්ලන්තයේ සිටින්නේ වෙනත් නම්වලින් නිසා ස්‌විස්‌ රජය ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකර නැත.

මේ වසරේ දී ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නගරයේ සිට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රැසක්‌ උතුරට පැමිණ තිබේ.

එහෙත් එම පිරිස ගැන උතුරේ දී නිරීක්‍ෂණය වී නැත.

ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව සතු අතිවිශාල මුදලක්‌ ස්‌විස්‌ බැංකුවල ඇති බවද හෙළිවී ඇත.

(12/08/2017 දිව්යින පුවත් පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here