උතුරේ ඡන්දය ගන්න ද්‍රවිඩ සන්ධානය නව ව්‍යවස්‌ථාව විකුණයි

0
520

කීර්ති වර්ණකුලසූරිය

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ෆෙඩරල් පාලනයක්‌ ලැබෙන බව දක්‌වමින් ද්‍රවිඩ සන්ධානය උතුරේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

ද්‍රවිඩ සන්ධානයෙන් උතුරට තරගවදින අපේක්‍ෂකයන් හමුවේ මෙම ප්‍රකාශය කර ඇති ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයෙක්‌ ද්‍රවිඩ සන්ධානය පරාජය වූවොත් ෆෙඩරල් ලබා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර හිටපු කොටි ක්‍රියාකාරිනියක්‌ වූ අන්නා ලෙච්චමී ස්‌වාධීන අපේක්‍ෂකයන් පිරිසකට සහාය දීමේ ප්‍රචාරක රැලියකදී ද්‍රවිඩ සන්ධානයට චෝදනා කරමින් ඡන්ද ලබාගැනීම සඳහා මියගිය කොටි මහාවිරුවන්ගේ නාමයන් භාවිත කරන බව කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here