එදා හොර රහසේවත් උතුරේ කොටි සැමරුමට ඉඩ ලැබුණේ නෑ – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

0
539

හෝකන්දර දක්‌ෂිණාරාමයේදී පෙරේදා (19 වැනිදා) පැවැති රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාවට එක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් දිවිපිදූ රණවිරුවන් සිහිකර පහන් දැල්වීමට එක්‌වූ අයුරු.

ඡායාරූපය – ඔරුවල සරත් ද සිල්වා

උතුරේ ඇතැම් දේශපාලනඥයන් කරන කියන දේවල් අනාගතයේ යළිත් රට බෙදීමේ ඇරඹුමක්‌ වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවැසීය.

මෙසේ රට දෙකඩ කරන්නට උල්පන්දන් දෙන අවස්‌ථාවාදීන්ට සදාචාරයක්‌ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා උතුරේ කොටි වීර සැමරුම් අද ප්‍රසිද්ධියේම පැවැත්වුවද තමා රට පාලනය කළ සමයේ හොර රහසේ හෝ කොටි සැමරුම් පැවැත්වීමට ඉඩක්‌ නොලැබුණු බවද කීවේය.

එදා යුද්ධය පැවැති සමයේ සැඟවී සිටි පුද්ගලයන් අද වීරයින් ලෙස පෙනී සිටින බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා යුද්ධය නිම කිරීමේ ගෞරවය අනිවාර්යයෙන්ම අපේ රණවිරුවන්ට හිමිවිය යුතු බවද දිවි පිදූ රණවිරුවන් එක්‌ දිනක්‌ පමණක්‌ නොව සෑම දිනම සිහිතබාගත යුතු බවද කියා සිටියේය.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here