කිලිනොච්චියේ රණවිරු ස්‌මාරකය ඉවත් කරන්න

0
355

දිසා ලේකම්ගෙන් ජනපතිට සංදේශයක්‌

කීර්ති වර්ණකුලසූරිය

කිලිනොච්චියේ ඉදිකර ඇති මියගිය රණවිරුවන් සැමරීමේ ස්‌මාරකය ඉවත් කරන ලෙස කිලිනොච්චිය දිසා ලේකම් එම්. අරුමානියගම් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සන්දේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් මෙම හමුදා ස්‌මාරකය ඉවත් කළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ.

මෙම හමුදා ස්‌මාරකය සංහිඳියාවට බාධාවක්‌ බවද දිසා ලේකම්වරයාගේ සංදේශයේ සඳහන් කර ඇත.

මෙම සම්බන්ධීකරණ රැස්‌වීමේදී වැඩිදුරටත් කරුණු දක්‌වා ඇති ශ්‍රීධරන් හමුදාව කිලිනොච්චියේ සංවර්ධනයට බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here