කොටි ‘කිට්‌ටු’ පෙරට දාගෙන උතුරේ මැතිවරණ වැඩ

0
2557

කීර්ති වර්ණකුලසූරිය

පුපුරන ද්‍රව්‍ය සහ විනාශකාරී ආයුධ මෙරටට ගෙන ඒමේදී මරුමුවට පත් කොටි හමුදා නායකයකු වූ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්‌ටු නමැත්තා වීරයකු ලෙස හඳුන්වමින් උතුරේ දේශපාලන පක්‌ෂ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කර ඇත.

‘කිට්‌ටු’ සැමරීමේ උත්සවයක්‌ පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී පවත්වා ඇති බවද ආරක්‌ෂක අංශ ආරංචි මාර්ග පැවසීය.

පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ රැගෙන යහට්‌ නමැති කොටි නැවෙන් පැමිණෙමින් සිටි අවස්‌ථාවේ කිට්‌ටු ඇතුළු ත්‍රස්‌වාදීහු 11 දෙනෙක්‌a ඉන්දීය නාවික හමුදා ප්‍රහාරයෙන් මරුමුවට පත් වූහ.

කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම තහනම් වුවත් උතුරේ කොටි හිතවාදීන් මැතිවරණ ප්‍රචාර සඳහා කිට්‌ටු සමරා රැස්‌වීම් පවත්වන බව හෙළිවී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here