කොටි තහනම බලාත්මක කරන්න ගෝලීය ශ්‍රී ලංකා සංසදයෙන් බි්‍රතාන්‍ය රජයට පෙත්සමක්

0
598

දෙනගම ධම්මික රණවීර

බි්‍රතාන්‍ය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කොට තිබෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එම තහනම බලාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් බි්‍රතාන්‍ය රජය වෙත මහජන පෙත්සමක් භාරදීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය කටයුතු යොදා ඇත.

එම පෙත්සමට අස්සන් ලබාගෙන ඇත්තේ අන්තර් ජාලය ඔස්සේ සති එකහමාරක කාලයකදීය. එසේ ලබාගෙන ඇති අස්සන් සංඛ්‍යාව 11,511ක් බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කොට තිබෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් එරටේ නතර කරගැනීම පෙත්සම ඉදිරිපත් කිරීම් අරමුණ වී ඇත.

පසුගිය පෙබරවාරි 4 වැනිදා ඊළාම් කොඩි ඔසවමින් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරමින් කලහකාරී ලෙස හැසිරීම එම පෙත්සම ඉදිරිපත් කිරීමට ආසන්න හේතුව වී ඇත. ලබන සතියේදී එම පෙත්සම භාරදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here