කොටි ත්‍රස්තවාදයෙන් මෙරට ජනය බැට කන විට තොප්පිගල කැලයක් කියමින් කෑ ගැසුවෝ

0
356

ජාතික ආණ්ඩුව වලංගුද යන්න පිළිබදව ව්‍යවස්ථානුසාරයෙන් තර්ක කිරිම දේශපාලන අඳබාල කමකි. වෙස්මිනිස්ටර් ක්‍රමය ඇතුලු බටහිර දේශපාලන මොඩලය අමාරුවෙන් ගලපගත්ත රටක් වශයෙන් අපි ව්‍යවස්ථා ප්‍රතිපාදන වල හරය මත පදනම් වී රනිල් වික්‍රමසිංහ වැනි කෛරාටික දේශපාලකයකුගේ ක්‍රියාකාරකම් නිර්වචනය කිරිමට උත්සහ කිරිම කාලය නාස්තිකිරිමක් පමණි.

රනිල් වික්‍රමසිංහ යනු සියවස් කාලකට (අවුරුදු 25ක් )වැඩ් කාලයක් ලංකාවේ ජනතාව විසින් ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබු ප්‍රතික්ෂේපිත පුද්ගලයෙකි. බටහිර මොඩලය අබ ඇටයකින් තරම් වත් පිළිගත් රටක නම් 1999 සිට වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ දේශපාලන කුණු කූඩයේය. 2005 න් පසු ජානාධිපතිවරණයකදි සෘජු ජනතා වරමක් ඉල්ලීමට තරම් වත් වික්‍රමසිංහ පෞර්ෂ්‍ය ශක්තිමත් නොවිය. 2015 ජනාධිපතිවරණයද මෙම හැංගි මුත්තමෙම එක අවස්ථාවක් පමණි.

19 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ජනතා වරමකින් තමා වෙත නතු කර ගත නොහැකි වු බලය ලබා ගැනිම සඳහා වු යහපාලන පවුඩර් ගාන ලද ව්‍යවස්ථා උප්පරවැට්ටියක් පමණි. අවසානවකට එකල පැවැති දේශපාලන පරිසරය තුල ස්වාධින කොමිෂන් සභා සහා විධායක ජනාධිපති බලය කප්පාදු කිරිම වැනි ආලවට්ටම් කෙබ්බ වල ගොදුරක් බවට ව්පක්ෂයේ මන්ත්‍රිවරුද පත්වූහ.

ජාතික ආණ්ඩුව පිළිබදව ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුල් කිරිමට වික්‍රමසිංහට අවශ්‍යතා කිහිපයක් විය.

1. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල මහින්ද රාජපක්ෂ බලවේගයට තරඟයක් දිමට ඇති නොහැකී වීම.

2. ඉහත කරුණ මත වික්‍රමසිංහ මහතාට පාර්ලිමෙන්තුවේ බහුතරයක් ලබා ගැනිමට නොහැකි වීම.

3. සිරිසේන ජනාධිපතිගෙ ව්ධායක බලතල පාවිච්චි කොට ශ්‍රිලනිප බලය අල්ලා ගැනිමෙන් පසු පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ට දොල පිදෙනි දීම සඳහා ඇමතිකම් ලබා දීම.

මෙහිදි බොහො දෙනාට අමතක වු කරුණක් වන්නේ ඊනීයා සිවිල් සමාජය විසින් පතුරු ගසන ලද මහින්ද රාජපක්ෂගේ ” ජම්බෝ කැබිනට්ටුවයි.

පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම මන්ත්‍රිවරයකු ඇමතිවරයකු ,නියෝජ්‍යය අමාත්‍ය වරයකු කිරිමට 19ට පෙර ජනාධිපතිවරයාට හැකියාව තිබුණි. ජම්බෝ කැබිනට් සම්බන්ධයෙන් තිබුණේ සදාචාරය හා මුල්‍ය විනය පිළිබඳව ප්‍රශ්නයක් මිස ව්‍යවස්ථාවේ බාධාවක් නොවේ.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිම හරහා වික්‍රමසිංහ මහතා මවා පෙන්වා දෙන්න උත්සහ කරන්නේ ජම්බෝ කැබිනට්ටුවක් හදන්න ඔහුට ව්‍යවස්ථානුකූල බාධාවක් නොමැති බවයි. නැවතත් අවධාරණය කරන්නේ රාජපක්ෂ මහතාට ද එවැනි අවහිරයක් නොවු බවය. දූෂණයට එරෙහි යහපාලනය පිළිබඳව ඔබේ බලාපොරොත්තුව ඔබ ගොනාට ඇන්දවිමට ව්ක්‍රමසිංහ විසින් යොදා අකාරයයි.

කොටි ත්‍රස්තවාදයෙන් මෙරට ජනය බැට කන විට තොප්පිගල කැලයක් කියමින් ජාතික ආරක්ෂක අවශ්‍යතා හෑල්ලුවට ලක් කරමින් , යසුෂි අකාෂි ට ඊමේල් පණිවිඩ මගින් ආර්ථික ආධාර අවහිර කරන ලෙස කියමින් රට ආර්ථික අර්බුදයකට තල්ලු කරන නරුම ව්‍යායාමයක යෙදි සිටි වික්‍රමසිංහ අගමැතිවරයා යුධ සමයේ බ්‍රිතාන්‍යයේ ඇතිවු ජාතික ආණ්ඩු පිළිබඳව ගෙන හැර පාන උදාහරණ දෙස ආධෝමුඛයෙන් සිනා සීමට වඩා දෙයක් කල නොහැක. කිසිදු සාම කාලයක බ්‍රිතාන්‍යයේ ජාතික ආණ්ඩු පිහිටුවා නැත.

නීතීවේදි නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව
ශ්‍රි ලංකා සම්බන්ධිකාරක
ගෝලීය ශ්‍රී ලංකා සංසදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here