කොටි සිදු කළ බිහිසුණු යුද අපරාධ ජිනිවා නුවර ප්‍රදර්ශනය කෙරෙයි

0
5568

ජිනිවා මානව හිමිකම් සමුළුවට ආරම්භවී ඇත මෙවරද ශ්‍රී ලංකාවට එරෙහිව තොග පිටින් සාවද්‍ය තොරතුරු මානව හිමිකම් සමුළුව හමුවේ පැවසීමට ඊළම් සංවිධාන 17 ක්‌ ඉදිරිපත් වී ඇත. මේ බොරු තොරතුරුවල ලිඛිත පිටපත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළින්ම අපට ලැබී ඇත. එක්‌ බොරු වාර්තාවකින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ සියයට සියයක්‌ම වධහිංසා සිදු කළ අය සිටින බව දක්‌වා ඇත.

මේ සෑම වාර්තාවකින්ම පවසන්නේ ශ්‍රී ලංකාව හමුදාව යුද අපරාධ සිදු කළ බවයි. එසේම වත්මන් රජය යටතේ ද වධ හිංසා දිගටම සිදුවන බවද කියා සිටියි.

මේ නිසා මුල්වරට මාර්තු 21 දා ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කොටි අපරාධ පිළිඹූ කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමට ගෝලීය ශී ලංකා සංසදය කටයුතු යොදා ඇත.

මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම්, බස්‌ රථ සහ දුම්රියවල බෝම්බ තැබීම, මායිම් ගම්මානවල ළදරුවන් ඝාතනය කිරීම සහ වෙනත් බිහිසුණු අපරාධ ක්‍රියා රැසක්‌ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ අරමුණ වේ.

මේ සඳහා මැදපෙරදිග බ්‍රිතාන්‍යය කුවේටය හා ඉතාලි යේ සිට දේශප්‍රේමී කණ්‌ඩායම් දැන් ජිනීවා වෙත පැමිණ තිබේ.

මැදපෙරදිග සිට පැමිණෙන කණ්‌ඩායම් සුනිල් චන්ද්‍රකුමාර සහ යසස්‌ ධර්මදාස මෙහෙයවන අතර බ්‍රිතාන්‍ය කණ්‌ඩායම කපිල ජයසේන, ජෙයරාඡ් ප්‍රනාන්දු, ප්‍රසන්න ජයමාන්න මෙහෙයවයි. එසේම කුවේටයේ සිට පැමිණෙන මාරි විලියම්ස්‌ කුවේට්‌ කණ්‌ඩායම මෙහෙයවයි.

ජිනීවා ඉතිහාසයේ මුල්වරට කොටි යුද අපරාධ පිළිබඳව පවත්වන ඡායාරූප ප්‍රදර්ශනය මෙයයි. මෙයට පෙර මෙවැන්නක්‌ සිදුවී නැත.

මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීමේ උත්සාහය ගැන රජය නිහඬව සිටිති.

එසේම ජිනීවා යෝජනාව සහ මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව ඇතැම් පාර්ශ්ව පටලවාගෙන ඇති බවත් පෙඩරල් ක්‍රමයක්‌ ගැන කවුරුත් කතා කර නැති බවටයි ප්‍රකාශ සිදු කර ඇත්තේ දේශපාලකයන්ය.

එහෙත් යුරෝපා සංගමය ස්‌විට්‌සර්ලන්තය හා ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාවට එරෙහි වෙමින් අපි නැවතත් කියන්නේ ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිට්‌ අධිකරණයක්‌ අවශ්‍ය බව යනුවෙන් පවසා ඇත.

මේ පසුබිම ජිනීවා යෝජනාවේ පසුබිම කුමක්‌ද? මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවක්‌ පදනම් කරගත් ඇමරිකාව විසින් ජිනීවා යෝජනාව කෙටුම්පත් කරනු ලැබිණ. එය 2015 ඔක්‌තෝබර් 1 දා ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය මැද සම්මත විය. එම යෝජනාව තුලින් අවබෝධ වන්නේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ කර ඇති බවට මානව හිමිකම් කොමසාරිස්‌ කළ නිගමනය ශ්‍රී ලංකාවේ වත්මන් රජය පිළිගත් බවයි.

ජිනීවාහිදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර එකී යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක්‌ අවශ්‍ය බව කීවේය.

මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය අධිකරණ විභාගයකින්a තොරව ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ පිළිගත් බව අමාත්‍ය මංගල සමරවීර පිළිගැනීමයි. චූදිතයන්ට දඬුවම් කිරීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව යෝජනාවේ කර ඇති නිගමනයන් අතර ප්‍රධාන තැනක්‌ ගනී. යුද අපරාධ පිළිබඳ අධිකරණය යාන්ත්‍රණයට විදේශවිනිසුරුවන් සහභාගී කර ගත යුතු බවට පැහැදිලිව සඳහන් 30/11 යෝජනාව පිළිගත් රජය අදාළ නියමය කඩ කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් තහවුරු වේ. මානව හිමිකම් කොමසාරිස්‌ගේ හයිබ්‍රිඩ් අධිකරණ යෝජනාව ශ්‍රී ලංකා රජය පිළිගත්තේ නැති බව දැනටමත් ප්‍රකාශ වී ඇත. මේ තත්ත්වය මත රජයේ දේශපාලකගෙන් පවසා ඇත්තේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ගැන යෝජනාවේ සඳහන් නොවන බවයි. එසේම පෙඩරල් ක්‍රමයක්‌ ගැන හඬක්‌ නැඟී නැති බවද එම දේශපාලකයා පවසා තිබේ.

මේ සියලු ප්‍රකාශ කර ඇත්තේ ජනතාව රැවටීමට ය. 2018 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ප්‍රහාර හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.

මෙයට පෙර මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියක්‌ වූ රීටා අයිසැක්‌a ශ්‍රී ලංකාවේ උතුරුකරයට පෙඩරල් පාලන ක්‍රමයක්‌ අවශ්‍ය බව කීවාය.

ඇය තම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ පෙඩරල් ක්‍රමයකි. මේ නිසා පෙඩරල් ගැන ජිනීවාහිදී කතා කරලා නැති බව පැවසීම විහිළුවකි. එසේම ජිනීවා යෝජනාව ගැන අද මෙරට ජනතාවට බොරු කියන්නේ කවුරුන්ද? ඒ විද්වතුන් ලෙස හඳුන්වාගත් එන්ජීඕ ප්‍රධානීන් කීපදෙනෙකි. මේ පසුබිම මැද ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ඇමැතිවරයා ජිනීවා නොව සිය කාර්යභාරය නිසි ලෙස ඉටු කළේද යන බරපතළ ප්‍රශ්නය පැනනැඟී ඇත.

ශ්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන පරීක්‍ෂා කරන ලෙස ඉල්ලන බ්‍රිතාන්‍ය රජය චිල්කොට්‌ වාර්තාවෙන් එල්ලවී ඇත. යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයක්‌ කර නැත. ඒ ගැන අමාත්‍ය සමරවීර බ්‍රිතාන්‍ය තානාපතිගෙන් ප්‍රශ්න කර නොමැත. එසේම කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන මානවහිමිකම් කවුන්සිලය තුළ හඬ නැඟී නැත.

මානව හිමිකම් කවුන්සිලයට සාක්‍ෂි ලැබී ඇත්තේ ද කොටි ත්‍රස්‌තයන්ගෙන් බව තහවුරු වී ඇත. මෙම පසුබිම මැද කොටි ඩයස්‌පෝරාවේ ඊළම් සංවිධාන 17 කට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා සංසදය අද අභියෝග ඉදිරිපත් කර ඇත.

මෙවර විශේෂත්වය නම් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඉතාලි ශාඛාවේද විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයද ජිනීවා පැමිණීමයි.

මෙම මාර්තු 16 දා ශ්‍රී ලංකාව සම්බන්ධ විශ්ව සමාලෝචන වාර්තාව ඉදිරිපත් කෙරේ. එහිදී ශ්‍රී ලංකාව නිර්දේශ 77ක්‌ පිළිගෙන තිබේ. මේ නිර්දේශ ශ්‍රී ලංකා රජය පිළිගෙන ඇත.

එහි ඇති ප්‍රධානතම නිර්දේශය නම් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ විට එහි ඇති ප්‍රධානතම නිර්දේශය නම් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ විට ඇමරිකාවේ නිර්දේශය රජය පිළිගැනීමයි.

ලොව වෙන කිසිම රටක්‌ මෙවැනි නිර්දේශයක්‌ පිළිගෙන නැත. මෙම විශ්ව සමාලෝචන වාර්තාවේ නිර්දේශ පළිගැනීමට රජය ක්‍රියා කිරීම ගැන තොරතුරු රැසක්‌ අපට ලැබී ඇත. එසේම මානව හිමිකම් කවුන්සලයට රජය ඩොලර් 10000 ක අනුග්‍රහයක්‌ ද ලබාදී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here