කොටි සොහොන් බිම් ඉදිකිරීමට ශ්‍රීධරන්ගෙන් ලක්ෂ 40 ක්‌

0
489

23 1කොටි ත්‍රස්‌තයකු වූ ශංකර් සැමරීමේ
ස්‌මාරකය නැවත ඉදිකර තිබීම

“සිංහලයන්ට සතියක්‌ ගත වන විට සියල්ල අමතක වෙයි”- වේලුපිල්ලේ ප්‍රභාකරන්

“මහවීර්” හෙවත් මහාවිරුවන් යයි හඳුන්වන කොටි ඝාතකයන් සැමරීමේ දිනය හෙටට (27 දා) යෙදී ඇත. මේ සඳහා උතුර නැගෙනහිර කොටි හිතවාදීහු පසුගිය සතිය මුළුල්ලේ බුල්ඩෝසර් යන්ත්‍ර ගෙනවුත් කොටි සොහොන් පිටි ශුද්ධ පවිත්‍ර කිරීමට ක්‍රියාකරනු ලැබීය.

මේ බිහිසුණු කොටි මිනීමරුවන් සැමරීමේ මුල්ම උත්සවය නොවැම්බර් 18 දා පුදුකුඩිඉරිප්පුවේ පිහිටි හිටපු කොටින් පිහිටුවූ පක්‍ෂ කාර්යාලයේදී පවත්වා ඇත. එහිදී විශේෂයෙන් ඉදිකළ ශාලාවකදී කොටි අපරාධකරුවන් 200 කගේ ඡායාරූපවලට මල්දම් පළඳවා ඇත.

මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමේ උත්සවයේදී මහාවිරු දේශනය නමින් කතාව පවත්වා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂයේ ලේකම් ඊ. තිරුපාකරන් නමැත්තායි. පුදුකුඩිඉරිප්පු වාණිජ මණ්‌ඩලයේ සභාපති එස්‌. සෙල්වචන්ද්‍රන් සහ මාධ්‍ය ප්‍රකාශක යෑයි පවසන කේතුලායිද එම සමරු උත්සවය අමතා ඇත.

එහෙත් පොලිසිය හෝ හමුදාව කොටි මිනීමරුවන් සැමරීමේ උත්සවය පිහිටි ප්‍රදේශයට ගියේ නැත.

මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය නමින් සංවිධානයක්‌ පිහිටුවාගෙන මේ කොටි හිතවාදීන් සැමරුවේ කවුරුන්ද?

ඒ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන්ය. මෙරට ජනතාවගේ අවධානය පිණිස අපි එම අතීතය හෙළිකරන්නෙමු. කොටි ත්‍රස්‌තයන් එල්ල කළ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාර සංඛ්‍යාව 126, මියගිය සංඛ්‍යාව 2071, ඝාතනය වූ රාජ්‍ය නායකයන් සංඛ්‍යාව -2, හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ආර්. ප්‍රේ්‍ර්‍රමදාස ඝාතනය වූ ඇමැතිවරු සංඛ්‍යාව 9.

ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ලක්‍ෂ්මන් කදිර්ගාමර්, ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ, සී. වී. ගුණරත්න, වීරසිංහ මල්ලිමාරච්චි, ජී. එච්. ප්‍රේමචන්ද්‍ර, ඩී. එම්. දසනායක, රන්ජන් විඡේරත්න

ඝාතනයට ලක්‌වූ මන්ත්‍රීවරු සහ පක්‍ෂ නායකයන් 12 යි. ඇල්ප්‍රඩ් දුරේඅප්පා, ඒ. අමිර්තලිංගම්, ඒ. කංගතුරෙයි, එම්. කනගරත්නම්, අබ්දුල් මජිඩ්, එස්‌. ෂන්මුගනාදන්, නිමලන් සවුන්ද්‍රනායගම්, සෑම් තම්බිමුත්තු, නීලන් තිරුචෙල්වම්, ජී. යෝගේෂ්වරන්, ජී. යෝගසංගරි, ඔසී අබේගුණසේකර

හමුදාවේ සහ පොලිසියේ ඝාතනය වූ නිලධාරීන් සංඛ්‍යාව 16 යි. අද්මිරාල් ක්‌ලැන්සි ප්‍රනාන්දු, ලුතිනන් ජනරාල් පාරමී කුලතුංග, නලින් අංගම්මන, මේජර් ජනරාල්, ලකී අල්ගම, ලැරී විඡේරත්න, ලකී විඡේරත්න, පර්සි ප්‍රනාන්දු, ආනන්ද හමන්ගොඩ, ප්‍රසන්න මෙන්ඩිස්‌, ජානක පෙරේරා, ගුවන් කොමදොaරු ශිරන්ත ගුණතිලක, කර්නල් තුවාන් මුතාලිµa, නියෝජ්‍ය පොලිසිපති ටී. එන්. ද සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්ද්‍රd විඡේවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරි අයිවන් බොතේජු, පොලිස්‌ පරීක්‍ෂක තාබෘ

මරාදැමූ ආගමික නායකයන් 4 යි.

කිතලගම සීලාංකාර නාහිමියන් සහ හෑගොඩ ඉන්දසාර නාහිමියන් – සිවශ්‍රී කුනගරාජා කුරුක්‌කල්, සෙල්ලයියා පරමේශ්වරන් කුරුක්‌කල්

ඝාතනය වූ මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් 5 යි.

සෙල්වි ත්‍යාගරාජා බාලෙන්ද්‍රන් අයියර්, රුලන්ති සෙල්වරාජා, රාජිනී තිරාණගම කේතීශ් ලෝගේශ්වරන්

ඝාතනයට ලක්‌වූ අනිත් පිරිස 8 යි.

23 2යාපනය ශාන්ත ජෝන් විදුහල්පති සී. ආනන්දරාජා, හිටපු යාපනය දිසාලේකම් පී. එම්. පංචලිංගම්, හිටපු නීතිවේදී එස්‌. නඩරාජා, යාපනය හිටපු නගරාධිපතිනි සරෝජනී යෝගේශ්වරන්, නියෝජ්‍ය කොටි නායක ගෝපාලස්‌වාමි මහේන්ද්‍ර රාජා, ප්ලොට්‌ නායක උමා මහේශ්වරන්, ටෙලෝ නායක ශ්‍රී සබාරත්නම්, ටී. එම්. ටී. පී. පක්‍ෂයේ හිටපු සභාපති කේ. නන්දගෝපන්

එසේම සිවිල් ජනතාවට එල්ලවූ බිහිසුණු ප්‍රහාර මෙසේය.

1990 දී තිරුක්‌කෝවිල්හිදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීම. කාන්තන්කුඩි මුස්‌ලිම් පල්ලි ප්‍රහාරය, අනුරාධපුර ප්‍රහාරය, හබරණ බස්‌ ප්‍රහාරය, නැගෙනහිරදී සිවිල් වැසියන් ඝාතනය, පිටකොටුවේ බස්‌නැවතුම්පල අසල බෝම්බ ප්‍රහාරය, පොලොන්නරුව පෙතියාගොඩ සමූල ඝාතනය, මාතලේ දිගම්පතන බෝම්බ ප්‍රහාරය, කොටුවේ මහ බැංකු බෝම්බය, කැබිතිගොල්ලෑව සමූල ඝාතනය, දෙහිවල දුම්රිය බෝම්බය, කෙන්ට්‌ සහ ඩොලර් පාම් සමූල ඝාතනය, ලයන් එයාර් යානාව විනාශ කිරීම, ගෝනගල සමූල ඝාතනය, නල්ලරුව සමූල ඝාතනය, අරන්තලාව භික්‍ෂු ඝාතනය, එයාර් ලංකා යානාවලට ප්‍රහාර එල්ල කිරීම, ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීම, කෝකිලායි සමූල ඝාතනය, ගෝමරන්කඩවල ප්‍රහාරය, නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීම, කොටුව දුම්රිය ස්‌ථානයේ බෝම්බ පිපිරීම, පිලියන්දල සහ ගල්කිස්‌ස බස්‌ රථ බෝම්බ ප්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය, මාතර ගොඩගම පිපිරීම.

මේ හැර කොටි ත්‍රස්‌තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 100 කට වඩා සිදුකර ඇත.

අද අපි හෙළිකළේ කොටි ඝාතන සමාගම සිදුකළ ම්ලේච්ඡ අපරාධ වලින් ස්‌වල්පයක්‌ පමණි. මේ අපරාධවලට සම්බන්ධ කොටි මිනීමරුවන් රැසක්‌ මේ වනවිට විදේශරටවලට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලබා ඇත. තවත් හිටපු ත්‍රස්‌තයන් 132 ක්‌ රැඳවුම් භාරයේ සිටී. එහෙත් මේ මිනීමරුවන් දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වමින් යාපනයේ විශ්වවිද්‍යාලයේ සිටින කොටි හිතවාදී සිසුන් ඔවුන් බේරාගැනීමට මැදිහත්වන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

මේ මිනීමරු කොටි 132 ක කණ්‌ඩායම හඳුන්වා ඇත්තේ ස්‌වයං පාලනය උදෙසා සටන් කළ පිරිසක්‌ ලෙසිනි.

එසේම එම හිටපු කොටි ත්‍රස්‌තයන් පිරිස දේශපාලන සිරකරුවන් බවත් ප්‍රකාශයට පත්කරන ලෙසද යාපනය විශ්වවිද්‍යාල සිසුන් මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලා ඇත.

මේ අතර ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය සංදේශ යවා ඇති යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ ගුරුබරන් නමැත්තා හමුදාපති මහේෂ් සේනානායක වගඋත්තරකරුවකු කරමින් යාපනය මහාධිකරණයේ නඩුවක්‌ ගොනු කළේය.

1996 වසරේදී නාවක්‌කුලි හමුදා කඳවුර විසින් ද්‍රවිඩ තරුණයන් අතුරුදන් කළ බව කියමින් එම තරුණයන්ගේ ඥතීන් 12 ක්‌ වෙනුවෙන් මේ නඩුව පවරා තිබුණි. 2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ මෙම නඩුව චාවාකච්ෙච්රි මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී විභාග කර නිමාවීමෙන් පසු යළි යාපනය මහාධිකරණය හමුවේ විභාගය ආරම්භ වී ඇත.

මේ අනුව හමුදාපති, නීතිපති සහ නාවක්‌කුලිය හමුදා කඳවුරේ එවකට හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ දුමින්ද කැප්පෙටිපොල ජනවාරි 8 දා යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට විනිසුරු ඉලන්චෙලියන් නියෝග කර තිබේ.

මෙයට පෙර කොටි මිනීමරුවකු වූ එලිලන්ගේ බිරිය ආනන්දි සසිතරන් විසින් එවැනිම අතුරුදන්වීමේ නඩුවක්‌ මුලතිව් අධිකරණය හමුවේ ගොනුකරමින් 58 වැනි සේනාංකය භාරව ක්‍රියාකළ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කඳවන ලෙස කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ තත්ත්වය මත විදේශ රටවලට පැනගිය කොටි ත්‍රස්‌තයන්ගේ ඥතීන් ද හමුදාපති වගඋත්තරකරු කරමින් උතුර නැගෙනහිර සියලුම අධිකරණවල නඩු ගොනුකෙරුවොත් ඇති වන්නේ අයහපත් වාතාවරණයක්‌ නොවේද?

කොටි ත්‍රස්‌තවාදී යුද්ධය යටතේ හමුදා භටයන් 5000 ක්‌ අතුරුදන් විය. එහෙත් එම හමුදා භටයන්ගේ කිසිදු ඥතියෙක්‌ අද වන තුරු කොටි රූකඩය ලෙස ක්‍රියාකළ ආර්. සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය වගඋත්තරකරුවන් කරමින් නඩුවක්‌ ගොනු කර නැත.

මේ පසුබිම මැද නොවැම්බර් 15 දා ජිනීවාහිදී ආරම්භ වූ විශ්ව කාලාන්තර සමුළුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්‍ෂණයට ලක්‌විය. එම සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජ්‍යය කළේ විදේශ ඇමැති නොව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වායි. ඔහු එහිදී අභ්‍යන්තර විරුද්ධවාදීන්ට චෝදනා කළේය.

“මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වූ අපගේ ක්‍රියාපිළිවෙතට රටේ විරුද්ධ පක්‍ෂය විසින් ප්‍රහාර එල්ල කරමින් එම ක්‍රියාදාමය විදේශ මැදිහත්වීමකට ඇරයුම් කිරීමක්‌ ලෙස දක්‌වනවා. එසේම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ජනතාව දෙකඩ කිරීමක්‌ ලෙසට විරුද්ධවාදීන් දක්‌වනවා යෑයි ඔහු කියා සිටියේය.

23 3නියෝජ්‍ය ඇමැතිවරයා මේ ප්‍රකාශය කරන අවස්‌ථාවේ ඉන්දීය නියෝජිතයාද මානව හිමිකම් කවුන්සිලයේ විය. ඉන්දු කාශ්මීරයේ තත්ත්වය විමර්ශනය කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශන කණ්‌ඩායමක්‌ ඉන්දියාවට එවීමට කළ ඉල්ලීම ඉන්දීය රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කරමින් විදේශ මැදිහත්වීමකට ඉන්දියාව ඉඩ නොදෙන බව තරයේ ප්‍රකාශ කරනු ලැබීය. එහෙත් ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධාන හෝ දේශපාලකයෙක්‌ ඉන්දීය රජයේ ස්‌ථාවරත්වයට එරෙහිව වචනයක්‌වත් පැවසුවේ නැත.

එහෙත් මෙරට විරුද්ධවාදීන් කවුදැයි නියෝජ්‍ය ඇමැතිවරයා නම් කළේ නැත. හර්ෂ ද සිල්වා මේ වසරේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇතුළු වන ස්‌ථානයේදී හමුවූ පිරිස කවුදැයි අපි දුටුවෙමු. ඒ මානව හිමිකම් වලට කිසිසේත් සම්බන්ධ නැති පිරිමි හෙදි සමන් රත්නප්‍රියයි. 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකු වූ රංජිත් හෙන්නායක ලොගබිලර් හෙවත් බඩල්ගම බර්ටි ඇතුළු පිරිසකි. මානව හිමිකම් කවුන්සිලයේ උඩුමහලට ඔවුන් සමඟ පැමිණ සිටි නිර්මාල් රංජිත් දේවසිරි නමැත්තා ද අපි දුටුවෙමු.

ජිනීවාහි විශ්ව කාලාන්තර සමුළුව ඇමතීමෙන් පසු නියෝජ්‍ය ඇමැතිවරු පැවසුවේ අපි දැන් සාමාජික රටවල්වලට සවන්දෙමු යන්නයි.

එහෙත් එම සාමාජික රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ කල්තියා කොටි ඩයස්‌පෝරාවට ලැබී තිබුණි.

එසේම මුල්වරට විශ්ව කාලාන්තර සමුළුව වෙත පෝර්ට්‌සිටි හෙවත් වරාය නගරය පිළිබඳවද ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කිරීමට කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌ව ක්‍රියාකරන විදේශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ වූ ප්‍රැන්සිස්‌කන්ස්‌ ඉන්ටර්නැෂනල් සහ ඩොමිනිකන්ස්‌ පෝ ජස්‌ටීස්‌ ඇන්ඩ් පින් සංවිධාන ක්‍රියා කළේය.

මේ වරාය නගර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ බවත් ඒ ගැන විශ්ව කලාන්තර සමුළුව අවධාරණයට ලක්‌කළ යුතු බව ද එම ක්‍රිස්‌තියානි සංවිධාන දෙක විසින් ප්‍රකාශ කරනු ලැබීය.

ආරංචි මාර්ග දැක්‌වූයේ එම විදේශ සංවිධාන වරාය නගරයට එරෙහි ජනතා සංවිධාන නමැති මෙරට රාජ්‍ය නොවන සංවිධානය සමඟ එක්‌ව ක්‍රියාකරන බව හෙළිවී ඇත. කතෝලික පියනමක්‌ එම රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ වී ඇති අතර එම පියනමට අවශ්‍ය වී ඇත්තේ වරාය නගරය නතර කිරීම බව හෙළිවිය.

මේ අතර කුමන චෝදනා පැමිණියත් මානව හිමිකම් රකින වැඩපිළිවෙළ නතර නොකරන බව නියෝජ්‍ය ඇමැති හර්ෂ සිල්වා කළ ප්‍රකාශයට සාමාජික රටවල් මෙලෙස ප්‍රතිචාරය දැක්‌වීය.

පසුගිය සිකුරාදා දහවල් ජගත් කාලාන්තර සමුළුව විසින් ශ්‍රී ලංකාවට නිර්දේශ 230 ක්‌ ඉටුකළ යුතු බව කියා සිටියේය. එහෙත් මේ නිර්දේශ වලින් 53 කට ශ්‍රී ලංකාව පූර්ණ සහාය නොදක්‌වන බව රජයේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකාව ඉටුකළ යුතු බව දක්‌වන බරපතල නිර්දේශ මෙරට මාධ්‍ය විසින් හෙළි නොකළත් රටේ බහුතර ජනතාවගේ අවධානය සඳහා අපි හෙළිකරන්නෙමු.

ඇමරිකාව – මානව හිමිකම් උල්ලංඝනය කළ ආරක්‍ෂක හමුදාවට සහ රජයේ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකරනු

ජර්මනිය – යුද අපරාධ චෝදනා විමර්ශනයට සත්‍ය සෙවීමේ කොමිසමක්‌ සහ අධිකරණ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරනු

ඔස්‌ටි්‍රයාව – හමුදාවේ සියලු වාණිජ කටයුතු අත්හිටවනු

කැනඩාව – ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර නව පනත ජාත්‍යන්තර ප්‍රමිතිය මත කෙටුම්පත් කරනු

වතිකානුව – සියළු රැඳවියන්ගේ හිමිකම් ආරක්‍ෂා කරනු

එස්‌ටෝනියාව – යුද අපරාධ සිදුකළ පිරිස ගැන ක්‍රියාකරනු

මැසිඩෝනියාව – සංක්‍රාන්ති අධිකරණ හතර සඳහා විශේෂඥයන් පත්කරනු

නෝර්වේ – ජිනීවා මානව හිමිකම් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කාල සීමාවක්‌ ඇතිකරනු

කැනඩාව – ජිනීවා යෝජනාව ප්‍රකාර හයිබ්‍රිඩ් අධිකරණයක්‌ සඳහා විදේශ විනිසුරුවරු පරීක්‍ෂකවරු – විමර්ශකයන් පත්කරනු

ස්‌ලෝවේනියාව නැගෙනහිර ටිමෝරය, එස්‌ටෝනියාව, ගෝතමාලාව, ඔස්‌ටි්‍රයාව, ලැට්‌වියාව, ඉතාලිය, – ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කරනු

ප්‍රංශය – අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවනු

ඔස්‌ටේ්‍රලියාව – සංහිඳියා කාර්ය සාධන බළකායේ නිර්දේශ ඉටු කරනු ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු

ඉන්දියාව – ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට සම්බන්ධ වූ 13 වැනි සංශෝධනය මත ක්‍රියා කරනු

මේ රටවල් කර ඇති නිර්දේශවලින් විදේශ රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්කමක්‌ සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර අධිකරණය ලවා විමර්ශනය කර දඬුවම් කිරීමට ගෝතමාලාව උත්සාහ කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාව සීනි ආනයනය කරන්නේ ගෝතමාලාවෙනි.

එසේම තමිල්නාඩුවේ වයිකෝ නමැත්තා ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරද්දී රජයේ ස.තො.ස. ආයතනය කැඩුණු සහල් ගෙන්වන්නේ තමිල්නාඩුවෙනි.

මෙම නිර්දේශ අතරින් මැසිඩෝනියාව, ඔස්‌ටි්‍රයාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, පින්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල් සෘජුව පවසන්නේ ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අමතර සම්පත් ලබාදී නිසි කාලසීමාවක්‌ ඉදිරිපත් කළ යුතු බවයි.

මේ හැර ඉන්දියාව යළිත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙමින් බලය බෙදාහරින ලෙස කියා සිටියි.

එසේ වුවත් මැසිඩෝනියාව, ගෝතමාලාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නැගෙනහිර ටිමෝරය වැනි රටවල යුද අපරාධ සිදුවී තිබියදී නුඹලා අපට යුද අපරාධ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලන්නේ කෙසේදැයි එම රටවලින් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකාවට කොන්දක්‌ තිබුණේ නැද්ද?

මේ හැර රැඳවුම් භාරයේ සිටින අයගේ (හිටපු කොටි) හිමිකම් ආරක්‍ෂා කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලන වතිකානුව මේ රැඳවියන් බිහිසුණු අපරාධකරුවන් බව නොදන්නේද?

ඉතාලි රජය මෙලෙස ඉතාලි සහ සිවිල් මාපියා කල්ලිවල හිමිකම් ආරක්‍ෂා කරන්නේද?

2017 සැප්තැම්බර් විශ්ව කාලාන්තර සමුළුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට දේශපාලනය සහ ජාතික ආරක්‍ෂාව සඳහා මැදිහත්වී ඇත. එය මෙරට ස්‌වෛරීභාවය උල්ලංඝනය කර තිබේ.

එසේම කොටි කොන්ත්‍රාත්කාරිය වූ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මිත් සුකා ශ්‍රී ලංකාවේ හමුදාව හිටපු කොටි 52 කට වධහිංසා පමුණුවා ඇති බවට කර ඇති සාවද්‍ය ප්‍රකාශය නිසා රටවල් රැසක්‌ම පවසා ඇත්තේ ස්‌වාධීන විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා කණ්‌ඩායමක්‌ එවීමට ශ්‍රී ලංකාව ඉඩදිය යුතු බවයි.

මේ අතර මියගිය කොටි ඝාතනය සැමරීමේ ක්‍රියාවලියට උතුරු පළාත් සභාවද සම්බන්ධ වී ඇත. යාපනය විශ්වවිද්‍යාල සිසුන්ද නිදහස උදෙසා දිවිපිදුවන් යයි දක්‌වමින් කොටි මිනිමරුවන් සැමරීමට ක්‍රියාකර ඇත.

මේ තත්ත්වය මත වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කොටි ත්‍රස්‌තයකු වූ ශංකර්ගේ ස්‌මාරකය නැවත වරක්‌ ප්‍රතිසංස්‌කරණය කර තිබේ. මේ හැර කැබලි බවට පත්වූ කොටි සොහොන් කොත් එකලස්‌ කර කොටි සොහොන් භූමි වල නැවත වරක්‌ තැන්පත් කර තිබේ. මින් පෙන්නුම් කරන්නේ කොටි නැවත වරක්‌ ඒමට සැරසෙන බව නොවේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here