කොටි 4000 ක්‌ තවමත් උතුරේ සරත් වීරසේකර අනතුරු අඟවයි

0
268

කීර්ති වර්ණකුලසූරිය(උපුටා ගැනීම 2017/08/05 දිවයින පුවත්පතෙන්)

එල්. ටී. ටී. ඊ. යේ 4000 ක පිරිසක්‌ හමුදාවට යටත් නොවී උතුරේ සිටින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (4 දා) සඳහන් කළේය.

රජයට භාර වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් එකොළොස්‌ දහස්‌ හයසියයක්‌ දෙනා පුනරුත්ථාපන කළ නමුත් ඉහත කී කොටින් හාරදහසක පිරිස හමුදාවට භාර වූයේ නැති බව පැවසූ ඒ මහතා ඔවුන් මනාව ආයුධ පුහුණුව ලැබූවන් බවද කීවේය.

මේ කොටින්ගේ දත්ත බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය සතුව ඇති බවද පැවසූ රියර් අද්මිරාල්වරයා එම සංවිධානයේ තහනම එරට රජය මගින් ඉවත් කිරීම නිසා සංසදයේ ක්‍රියාකාරීන්ට උතුරට පැමිණීමට ඉඩ ලැබී ඇති බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here