කොමදෝරු දසනායකගේ දියණියට බෑ කියූ එ. ජා. තිදෙනාට එරෙහිව පැමිණිල්ලක්‌

0
890

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට පැමිණි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන් තිදෙනා යුද අපරාධවලට සම්බන්ධ හිටපු කොටින්ගේ සාක්‌ෂි ලබා ගැනීමේ සිද්ධිය පිළිබඳව ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් ශ්‍රී ලංකා සංවිධානය එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන පොලිස්‌පතිවරයා වෙත පැමිණිල්ලක්‌ ගොනු කර ඇත.

මෙම නියෝජිතයන් තිදෙනා එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් නාවික කොමදෝරු දසනායකගේ දියණිය ඉදිරිපත් කළ පැමිණිල්ල භාරගෙන නැතැයිද එක්‌සත් ජාතීන්ගේ පොලිස්‌පති වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ දක්‌වා තිබේ.

මෙම පැමිණිල්ලෙන් එක්‌සත් ජාතීන්ගේ දූතයන් වූ අන්තෝනියෝ ගුවේරා, ලී මූවී සහ එලීනා ස්‌ටෙයි නයිඩෙරි යන අය චූදිතයන් ලෙස නම් කර ඇත.

බිහිසුණු යුද අපරාධ කළ හිටපු ත්‍රස්‌තවාදීන් හමු වී ඔවුන්ගේ බොරු ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇති බවද එහි දක්‌වා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here