කෝපායි ප්‍රහාරයට සම්බන්ධ තවත් ආවා ප්‍රබලයෙක්‌ දැලේ

0
929

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා බරපතළ තුවාල  සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ආවා පාතාල කල්ලියේ තවත් ප්‍රබලයකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

චන්ද්‍රනාදන් රගීදරන් නමැති මෙම පාතාල සාමාජිකයා පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට පහරදී කපා කොටා තුවාල කිරීමට සම්බන්ධ වූවකු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

පොලිස්‌ නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ආවා කල්ලියේ සාමාජිකයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කෝපායි ප්‍රදේශයේ රාජකාරි කටයුත්තකට යමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු මෙසේ ආවා කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්‌වූ අතර ඔවුහු මේවන විටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබති.(2017/08/10 දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here