ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සහය මහින්ද රාජපක්ෂට

0
1091
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මතිතුමා ප්‍රධාන කොටගත් පක්ෂයට සහයෝගය දැක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඒකමතිකව තීරණය කරනලද බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
වසර තිහක් පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය නිදහස් කරගැනීම සඳහා දේශපාලන නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ හිඳවීමට අවශ්‍ය භයානක වාතාවරණයක් අප රටතුල නැවතත් මතුවෙමින් පවතී. දින සියයක් වැනි කෙටිකලකට රට කරවීමට බාරගත් අදූරදර්ශි රජය විසින් දිනාගත් දේශයේ භෞමික අඛණ්ඩතාවය, දේශාභිමානය, රණවිරුවන්ගේ ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය විනාශ කරමින් ගෙනයන්නාවූ මර්ධනකාරී අත්තනෝමතික ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ඉඩ නොතැබීමට වග බලාගැනීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත්ව ඇත. බටහිරට හා ඉන්දියාවට ගැති කොටි හිතවාදී රූකඩ රජයක් බිහිවීම වැළැක්වීම ඒ සඳහා අනිවාර්ය සාධකයක්වී ඇත. ඒ සඳහා ඇති එකම විසඳුම වන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද රාජපක්ශ මැතිතුමා ප්‍රධන කොටගත් රජයක් බලයට පත් කිරීමවේ.
එබැවින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සහයෝගය මහින්ද රාජපක්ශ මැතිඳුන් ප්‍රධාන කොටගත් පක්ෂයට  පක්ෂ පාට භේදයකින්  තොරව ලබාදෙන අතර රටවාසී සියලුම දේශ මාමක ජනතාවටද ඒ සඳහා පෙළගැසෙන ලෙස ඉල්ලාසිටීමට කැමැත්තෙමු.
ගෝලීය ශ්‍රී ලංකික සංසදය ජාති පක්ෂ පාට භේදයකින් තොරවූ සංවිධානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here