ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පොරාවේ ජිනීවා බලය බිඳ දැම්මා – රියර් අද්මිරාල් සරත් වීරසේකර

0
1683

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දූෂණ ගුහාවකි. ගත වූ වසර 12 මුළුල්ලේ අපි මානව හිමිකම් කවුන්සිලයේ දූෂණ අනාවරණය කළෙමු. එහෙත් අපි හැර මෙරට වෙනස්‌ කිසිදු මාධ්‍යයක්‌ සිදුවන දූෂණ ක්‍රියා ගැන දැන සිටියේ නත. සමස්‌ත මානව හිමිකම් කවුන්සිලය 2008 සිට කොටි ගුහාවක්‌ විය. යුද අපරාධ චෝදනා ලත් හිටපු කොටින්ට පවා මානව හිමිකම් කවුන්සිලයට ඒමට අවසර ලැබිණි. රටින් පිටත ඊළම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානය පවා එන්. ජී. ඕ. සංවිධානය ලෙස පිළිගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා එහි නියෝජිතයකුට එම කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව සමාන්තර රැස්‌වීම් පැවැත්වීමට ඉඩ දුන්නේය.

එසේම ශ්‍රී ලංකා හමුදාව අතුරුදන් කළ බවට ප්‍රචාරය වූ කොටි සංවිධාන ක්‍රියාකාරීන්ගේ බිරියන්ද මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව බොරු චෝදනා නගනු ලැබීය.

මෙලෙස අපි හෙළිකළ තොරතුරු නිසා ගෝලීය ශ්‍රී ලංකා සංසදය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා නුවරට එවීමට ක්‍රියා කළේය. වීරසේකර මහතා තනියෙන් මානව හිමිකම් කවුන්සිලයේ කොටින්ගේ සමාන්තර රැස්‌වීමකට සහභාගී වී රටින් පිටත ඊළම් ආණ්‌ඩුවේ මනිවන්නන් නමැත්තාට දැඩි ප්‍රතිචාර දැක්‌වීය. ඉන්පසු ගෝලීය ශ්‍රී ලංකා සංසදය වඩාත් ක්‍රියාශීලී විය.

ඉන් මානව හිමිකම් කවුන්සිලයේ කොටි ඩයස්‌පෝරා බලයට විශාල අභියෝගයක්‌ එල්ල විය. මේ නිසා හමුදා නිලධාරීන් පිරිසක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බව දක්‌වමින් කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කොමසාරිස්‌ට බොරු පැමිණිල්ලක්‌ යොමු කරනු ලැබීය.

එවන් පසුබිමක්‌ මැද ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වී ඇති බවට තවත් බොරු ප්‍රචාරයක්‌ දියත් විය. එහෙත් රියර් අද්මිරාල් සරත් වීරසේකර නොසැලී සිටියේය. ගෝලීය ශ්‍රී ලංකා සංසදය ශක්‌තිමත්ව ඉදිරියට යනවා. එය නතර කිරීමට බොරු ප්‍රචාරවලට නොහැකියි. සංසදයේ කටයුතු නතර කිරීමට කිසිවකුටත් බැහැ. දේaශප්‍රේමීන් එදා මෙන් අපි සමඟ සිටිනවා යෑයි ඔහු කියා සිටියේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වී ඇති බවට දියත් වූ සාවාද්‍ය ප්‍රචාරය උතුරේ කොටි හිතවාදී මාධ්‍යයකද පළ විය. දේශප්‍රේමීන්ගේ ජිනීවා බෙරය පළුදු වෙලා යෑයි කියමින් කොටි ඩයස්‌පොරාව තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එහෙත් කොටි ඩයස්‌පොරාවට වැරදුනි. ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මීලඟ අරමුණ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් ගුටාරෙස්‌ හමු වී මෙරටට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන්ගේ වැරදි ක්‍රියා හෙළි කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here