ගෝලීය ශ්‍රී ලංකික සංසදයෙන් නව අගමැති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත යොමු කරන විවෘත සංදේශයයි

0
709

ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් අගමැති ධුරයේ පිහිටුවීම ජනතාවාදී වෙනසකි. එම වෙනස සැබෑ වෙනසක් බවට පත් කරලීම නව අගමැතින්දුන්ගේ මෙන්ම දේශප්‍රේමී ජනතාවගේ ද වගකීමක් බව පසක් කර ගත යුතුය. වසර 2012 දී බෙදුම්වාදය නීතිගත කිරීම සඳහා ගෙනා රනිල්/නොර්වේ සාම ගිවිසුම මෙන්ම රනිල්/මංගල අනුමැතියෙන් සහ ආශිර්වාදයෙන් ඊනියා ජාත්‍යන්තරය මගින් වසර 2015 දී සම්මත කරන ලද ජිනිවා 30/1 යෝජනාවලිය මගින් ද අප මව්බිමේ ඒකීයබව විනාශ කිරීමට සකල විධි දේශද්‍රෝහී බලවේගයන් සමග අත්වැල් බැඳ සියලු පිඹුරුපත් සකසා තිබුනද අවසන් මොහොතේ එය වැලකි ගිය බව මතකයට නගා ගනිමු. එමෙන්ම වසර 30 ක ත්‍රස්තවාදය පරාජය කලද ජනතා අභිලාෂයන් නිසියාකාර අවබෝධ කර නොගත් වාතාවරණයක් තුල වසර 6ක පමණ සුළු කාලයක් තුල ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් සියලු ජයග්‍රහණයන් පරාජය වූ බවත් මතක් කර සිටිමු. එම නිසා මෙම අවස්තාව අප විසින් සැමරිය යුත්තේ එම යතාර්ථය මත පිහිටා බව අවධාරණය කර සිටින්නෙමු.ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ආරම්භ කරන ලද බෙදුම්වාදය ජාත්‍යන්තරය තුල පරාජය කිරීමේ ක්‍රියාමාර්ගයන් වඩාත් තීව්‍ර කරමින් ඒකීය භාවය රැක ගැනීම වෙනුවෙන් කැපවෙමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here