ජගත් ජයසූරිය හිරකරන්න බ්‍රිතාන්‍යයෙන් මෙහෙයුමක්‌

0
279

 

කීර්ති වර්ණකුලසූරිය

ජෙනරාල් ජගත් ජයසූරිය ඉන්ටර්පෝල් පොලිසිය ලවා අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස බ්‍රිතාන්‍යයේ සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කමිටුව බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

ලන්ඩන් නුවර කොටි ඩයස්‌පෝරාව මෙහෙයවන මෙම පාර්ලිමේන්තු කමිටුවේ මන්ත්‍රී ස්‌කලී විසින් එම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියා මාර්ගය සාර්ථක වන්නේ එම ඉල්ලීම ඉටුකිරීමෙන් බවද ඔහු සඳහන් කර ඇත.

සත්‍ය සහ යුක්‌තිය සෙවීමේ සංවිධානය නමැති රාජ්‍ය නොවන සංවිධානයක්‌ ගොනු කළ මෙම නඩුවෙන් මියගිය සහ අතුරුදන් වූවන්ගේ පවුල්වලට යුක්‌තිය හිමිවන බවද එම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here