ජිනීවාහී සිංහ කොටි සටන ඇරඹේ

0
1110

2018 සැප්තැම්බර් 11 දින ජිනීවාහීදී ආරම්භ වුන 39 වන මානව හිමිකම් සමුලුවේදී සුපුරුදු පරිදිම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳව අභූත චෝදනා එල්ල කරන්නට යෙදුනි. ඔවුන් විවිධ රටවලින් පැමිණ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත්වී නිර්දය ලෙස අසත්‍ය ප්‍රකාෂ කරන්නට යෙදුනි. ඒ ඒ රටවල නියෝජිතයින්ට කරුනු ප්‍රකාෂ කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටිය තරුණිය එම අවස්ථාව රට වෙනුවෙන් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ප්‍රකාශය කරන්නට ඉදිරිපත් වුනේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විස්ටර්ලන්තයේ සභාපති සහ විධායක කමිටුවේ සභික එරික් මාකේවිටගේ පමණි. ඔහු එහිදී ඇමරිකාව මානව හිමිකම් කොමිසම නරා වලක් ලෙස සඳහන් කර ඉවත් වී ඇති බවත්, මානව හිමිකම් කොමිසම නරා වලක් නොවන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කල යුතු බවත් ප්‍රකාශ කරන ලදී. තවද ඔහු කියා සිටියේ 2012 දී සිටම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනාවල ක්‍රියාපටිපාටියේ දෝශයන් තිබෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය අනුගමනය කරන විසර්ජනය දෝශ සහිත බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහලයින්ට ඉන් ඉතා අසාධාරණයක්වී ඇති බවත්, මේ ගැන තව කරුණු දැක්වීමට මෙම සභාවාරය තුල කටයුතු කරන බවත්, මානව හිමිකම් කවුන්සිලය තම වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්‍ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here