ජිනීවා බ්‍රිතාන්‍ය තානාපතිනිය මැදිහත්වී සුමන්තිරන් එන්. ජී. ඕ නායකයන් හදිසියේ හමුවුනේ ඇයි?

0
1569

සාම සාධක බලකායේ ශ්‍රී ලංකා හමුදා නිලධාරියාගේ ලෙබනන් ගමනද අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරිය ධුරයෙන් ඉල්ලා අස්‌වේ

geneva6“ඔබ ඔබේ හදවත ජාතිමාමකත්වය වෙනුවෙන් විවෘත කරන විට ෙද්‍රdaහීන්ට අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇත. අප අපගේ රණවිරුවන් විසින් ඔවුන්ගේ ලේ මතින් රැකගනු ඇත. එසේම අප විසින් කටින් පමණක්‌ වැඩකරන අක්‍රිය දේශපාලකයන් නැවත පිළිනොගන්නෙමු. ඔවුන්ගේ හිස්‌ වචන සඳහා වූ කාලය ඇමරිකාව නිමාකර තිබේ. අපේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු ධජයට අප සියල්ලන්ම ආචාර කළ යුතුය.” – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරිනිය ලෙස ක්‍රියාකරන්නේ කෙලි බිලින්ග්ස්‌ලිය. ඇය මෙන්ම බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ස්‌විස්‌ටර්ලන්තය, ඉන්දියාව යන රටවල් ඇතුළු බටහිර තානාපති කාර්යාලවල සේවය කරන දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරීන්ට පසුගිය පෙබරවාරි 9 දා වනවිට ලත් දේශපාලන වාර්තාවල සඳහන් වූයේ යහපාලන රජය පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයක්‌ ලබන බවත් රජයේ සංහිඳියා ක්‍රියාමාර්ගය රටේ බහුතරය අනුමත කරන බවත්ය.

geneva4

මේ තොරතුරු සපයන ලද්දේ ද්‍රවිඩ දේශපාලකයන්, රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාලවලින් දීමනාවක්‌ ලබන මාධ්‍ය පාර්ශව විසිනි.

එහෙත් පෙබරවාරි 10 දා මැතිවරණය රජයට සුනාමියක්‌ ගෙන ආවේය. එම සුනාමිය ජිනීවා මානව හිමිකම් කවුන්සලය දක්‌වා පැතිර ගියේය. මේ නිසා ශ්‍රී ලංකාවේ සිදුවූයේ කුමක්‌දැයි අදහාගැනීමට බටහිර තානාපති කාර්යාලවලට බලධාරීන්ට නොහැකි විය. ඇමරිකාවේ සෝරොස්‌ පදනම රජයේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා සන්නිවේදන අංශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකුට ඩොලර් මිලියන ගණනක්‌ ප්‍රදානය කර තිබූ බවද අනාවරණය විය.

මෙරට හා විදේශ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ සියලු බලාපොරොත්තු සුණුවිසුණු කළ එම පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණ අතිවිශාල බලයක්‌ හිමිකර ගැනීම නිසා ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවර බ්‍රිතාන්‍ය තානාපතිනි ඡේන් ඕවන් දැඩි කැලඹීමකට පත්විය.

ඇය පසුගිය සිකුරාදා ජිනීවාහි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේදී මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් 29 ක තානාපතිවරු 29 ක්‌ හදිසි සාකච්ඡාවකට කැඳවූවාය.

ඒ වනවිට ද්‍රවිඩ සන්ධානය සිය මන්ත්‍රීවරයකු වූ එම්. කේ. සුමන්තිරන්ව ජිනිවා නුවරට යවනු ලැබුවේ පොදුජන පෙරමුණ ජයලැබීම නිසා ජිනීවා යෝජනාව අහෝසි වනු ඇති බවට සැක පහළ කරමිනි.

ද්‍රවිඩ සන්ධානයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව පසෙකට දමන බව දක්‌වමින් රජයට එරෙහිව දැඩි ප්‍රචාරයක්‌ දියත් කිරීමය.

එසේම ශ්‍රී ලංකාවේ යහපාලන රජය මැතිවරණයෙන් පසුබෑමට ලක්‌වනු ඇතැයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පවා සිතුවේ නැත.

genevaඒ වනවිට සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධව තම විමර්ශන වාර්තාව මාර්තු 21 දා පැවැත්වීමට තීරණය කර තිබුණි. එම විමර්ශන වාර්තාව මේවන විට සකස්‌ වී ඇතත් පළාත් පාලන මැතිවරණයෙන් රජය දැඩි පසුබෑමකට ලක්‌වී ඇති නිසා ඔහු එම වාර්තාව සංශෝධනය කරන බව ජිනීවා ආරංචි මාර්ග හෙළිකළේය.

මේ පසුබිම මැද ජිනීවාහිදී විදේශ තානාපති නිලධාරීන් 26 ක්‌ හමුවේ කරුණු දැක්‌වූ සුමන්තිරන් ගතවූ වසර තුන මුළුල්ලේ රජය ජිනීවා යෝජනාව ඉටුනොකළ බවත් එම යෝජනාවට සහාය දක්‌වන බවට රජය දෙන පොරොන්දු කෙරේ විශ්වාසය නොතබන ලෙසත් ඉල්ලා ඇත.

මේ නිසා ඉදිරි වසර තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඔහු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වලින් ඉල්ලීමක්‌ කරනු ලැබීය.

එසේ වූවත් ඡන්ද ප්‍රතිඵල මැද සුමන්තිරන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනය ජාත්‍යන්තර ප්‍රජාව ලවා ක්‍රියාත්මක කිරීමට කැසකවන බව මෙරට බහුතරයට වාර්තා වූයේ නැත.

මෙය දේශපාලන බලය උදෙසා සිංහලයන් බේද වී ඇති අවස්‌ථාවක ද්‍රවිඩ සන්ධානය දියත්කළ දීන ක්‍රියාමාර්ගයක ප්‍රධාන පියවරකි.

geneva1මෙවන් ෙද්‍රdaහී ක්‍රියාදාමයක්‌ මැද ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද තවත් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළේය. ඒ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා දුන් කාලසීමාව අහෝසිකර වහාම ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යොමුකළ යුතු යෑයි ඔහු මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමයි.

එසේම ද්‍රවිඩ සන්ධානය විසින් ශ්‍රී ලංකා රජය අටවසරක්‌ තිස්‌සේ යුද අපරාධ චෝදනා වලින් බේරාගෙන ඇති බවටද පොන්නම්බලම් චෝදනා කළේය.

මෙලෙස ජිනීවා නුවරදී බ්‍රිතාන්‍ය තානාපතිවරිය, විදේශ රටවල තානාපතිවරු ගෙන්වා ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව මරාදැමුවොත් අප කුමක්‌ කරන්නේද යයි ප්‍රශ්න කරන අවස්‌ථාවේ එදිනම කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජය ජිනීවා වෙත දූත පිරිසක්‌ යවන බවත් ඔවුන් ජීනීවා යෝජනාව ගැන මෙතෙක්‌ රජය ගෙන ඇති පියවර ගැන හෙළිකරන බවත් පවසා ඇත.

මේ අතර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල ගැන මෙරට බටහිර තානාපතිවරුන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද දැඩි පසුබෑමකට ලක්‌වී තිබේ.

ඊට සමගාමීව ගෝලීය ද්‍රවිඩ සංසදය සහ කොටි හිතවාදී සංවිධාන 37 ක්‌ද ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ සාවද්‍ය ප්‍රකාශ කරන ඊළාම් සංවිධාන 17 ක්‌ද අන්දමන්ද වී ඇත.

මේ ඊළාම් සංවිධාන මුහුණ පා ඇති තවත් බරපතල ප්‍රශ්නයක්‌ නම් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් අගෝස්‌තු 31 දා ධුරයෙන් නික්‌ම යැමයි. ඔහු වෙනුවට හිටපු චිලි ජනාධිපතිනි මිචෙලි බාචලම් ජෙරියා පත්වීමට ඉඩ ඇති බව ජිනීවා ආරංචි මාර්ග හෙළිකළේය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ නික්‌ම යාම ගැන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්ද ශෝකයට පත්වී ඇත. “අපේ සියළු බලාපොරොත්තු බිඳවැටුණා යෑයි ඇය කියා සිටියාය.

geneva2එසේම ජිනිවාහි බ්‍රිතාන්‍ය තානාපතිවරිය හමුවීමට මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ රුකි ප්‍රනාන්දු නැමැත්තා සහ වුමන්ස්‌ ඇක්‌ෂන් නෙට්‌වර්ක්‌ සංවිධානයේ ක්‍රියාකාරිනියද පැමිණ තිබේ.

මෙහිදී ජිනීවාහි රැස්‌වූ විදේශ තානාපතිවරුන්ගේ දැඩි අවධානයට යොමුවී ඇත්තේ ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස මැතිවරණයෙන් ජාතිකවාදීන් වැඩි බලයක්‌ සහිතව ජය ලැබීමයි.

මේ නිසා තමන් ශ්‍රී ලංකා රජයට යෝජනා කළ සංක්‍රාන්ති යුක්‌තිය බිඳවැටෙනු ඇති බවට විදේශ තානාපතිවරු සැක පහළ කරනු ලැබීය.

මෙවන් පසුබිමක්‌ මැද විදේශ තානාපතිවරු සමඟ සාකච්ඡාවට සහභාගිවූ එන්. ජී. ඕ ක්‍රියාකාරීහු යුද අපරාධ චෝදනා එල්ල වන 30/1 හෙවත් ජිනීවා යෝජනාව මානව හිමිකම් කවුන්සිලය ලවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීය. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ උතුරට ගොස්‌ නිරීක්‍ෂණ කටයුතු සිදුකර ජිනිවා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබිලෝ ඩි ග්‍රෙයිප්ද තම විමර්ශන වාර්තාව මාර්තු මසදී ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ග්‍රෙයිප්ගේ ධුර කාලය පසුගියදා අවසන් විය.

මෙවන් පසුබිමක්‌ මැද රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නැමැති හොර සංවිධානයේ නියෝජිත මනිවන්නන් කොටි හිතවාදීන් පස්‌දෙනකුද කැටුව ලන්ඩන් නුවර පිහිටි අගමැතිනි තෙරේසා මේගේ කාර්යාලයට ගොස්‌ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රටින් පිටවීමට ඉඩනොදෙන ලෙසත් විශ්ව සම්මුතිය මත ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් සංදේශයක්‌ භාරදී ඇත.

මේ සංදේශයේ දක්‌වා ඇත්තේ බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍ය පුරවැසියන්වූ ද්‍රවිඩයන්ට මරණීය තර්ජන එල්ල කර ඇති බවයි.

geneva3එසේම මනිවන්නන් එම සංදේශයට අත්සන් කර ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ මානව හිමිකම් ඇමැති ලෙසිනි. ෂෝපනා සිවරාඡ් නමින් හඳුන්වාගත් තැනැත්තියක්‌ද රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ මානව හිමිකම් අධ්‍යක්‍ෂ ලෙස අත්සන් කර ඇත.

එහෙත් මනිවන්නන් ප්‍රමුඛ කොටි හිතවාදීන් පස්‌දෙනා එම සංදේශය භාරදෙන අවස්‌ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිවාඩුවක්‌ ගතකිරීම සඳහා ජිනීවා නුවරට පැමිණ ඇත. ඔහු ජිනීවා වෙත පැමිණි බව ස්‌විස්‌ කොටි ජාලයට වාර්තා වූයේ නැත. ජිනීවාහිදී ශ්‍රී ලාංකික දේශප්‍රේමියකුගේ නිවසේ ඔහු සහ පවුලේ අය ලැගුම් ගත්තේය. ඔහු හෝටලයක නතරවූයේ නම් ස්‌විස්‌ කොටි ජාලයට සහ ස්‌විස්‌ බුද්ධි අංශයට එම තොරතුරු වාර්තා වේ. ඒවනවිට තමාව කොළඹට කැඳවා ඇතිබව බ්‍රිගේඩියර්ට වාර්තා විය. බ්‍රිගේඩියර්වරයා පිළිබඳව මෙලෙස තොරතුරු හෙළිවන අවස්‌ථාවේ ලන්ඩන් කොටි මහකොමසාරිස්‌ කාර්යාලයේ වෙබ් අඩවිය අක්‍රීය කර ඇති බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් විය. ලන්ඩන් නුවර සිට එම තොරතුරු කොළඹට එවීමෙන් පසු කොළඹදී එම සාවද්‍ය තොරතුරු බෙදාහැර ඇත. එහෙත් මහ කොමසාරිස්‌ කාර්යාලයේ වෙබ් අඩවිය අක්‍රීය වූයේ තාක්‍ෂණික දොaෂයකින් බව හෙළිවිය.

ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන බෙදුම්වාදී කල්ලි වල ක්‍රියා එම් අයි 6 බුද්ධි සේවාව විමර්ශනය කරන නිසා ඒවා අක්‍රීය කිරීමට නොහැකි වේ. මේ තත්ත්වය මැද කොටි ඩයස්‌පෝරාව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයෙන් පන්නා දමන මෙන් ස්‌වදේශ ලේකම් ඇම්බර් රඩ් හා විදේශ ලේකම් බෝරිස්‌ ජොන්සන් වෙත දැඩි බලපෑම් එල්ල කර ඇත.

එසේම එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මිත් සුකා සහ කොටි ත්‍රස්‌තයන්ගේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධන නැමැති කොටි හිතවාදියා එක්‌ව බ්‍රිගේඩියර්වරයා මුලතිව් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට දක්‌වමින් පිටු 7 ක වාර්තාවක්‌ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර තිබුණි. එහි දිනය ලෙස පෙබරවාරි 5 සඳහන් කර තිබුණි.

මේ වාර්තාව බ්‍රිගේඩියර්වරයා වන්නි කඳවුරක සිටින ඡායාරූපයක්‌ සපයා තිබුණේ වන්නි මෙහෙයුම සමයේ බොම්බඩියර් නැමැති මාධ්‍ය අඳබාලයා සමඟ වන්නියට ගොස්‌ සිටි රජයේ මුද්‍රිත මාධ්‍යයක ඡායාරූප ශිල්පියෙකි. එම ඡායාරූපය සමඟම කොටි ඩයස්‌පෝරාවට ඡායාරූප සපයන්නේ ඔහු බව සනාථ විය.

එසේම යස්‌මිත් සුකා සහ රෝහිත භාෂණ අබේවර්ධන සහ දෙදෙනාම කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්කරුවන් බව හෙලිවී ඇත.

මේ හැර බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍යයෙන් එලවාදමන ලෙස ඉල්ලමින් පෙත්සමක්‌ අත්සන් කිරීමටද ලන්ඩන් ක්‍රියාකාරීන් කටයුතු කරද්දී ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය නිහඬවිය. ආරංචි මාර්ග දැක්‌වූයේ බ්‍රිගේඩියර්වරයාට ශ්‍රී ලංකාවට කැඳවූ බවට තොරතුරු ඩයස්‌පෝරාව ලැබුණේ අපේ මහකොමසාරිස්‌ කාර්යාලයෙන් බවයි. මේ අතර කොටි ඩයස්‌පෝරාව තවත් හමුදා නිලධාරියකුවූ ලුතිනන්a කර්නල් වසන්ත කුමාර හේවගේ යුද අපරාධකරුවකු යෑයි නම්කර ඔහු ලෙබනන් සාම සාධක හමුදාවෙන් ඉවත්කරන ලෙස දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ 2008 දෙසැම්බර් 22 දා ලුතිනන් කර්නල්වරයා ප්‍රමුඛ හමුදා බලඇණියක්‌ කිලිනොච්චි නගරයට ප්‍රහාර එල්ල කර එය කොටින්ගෙන් මුදාගත් බවත් එහිදී එම නගරය ගිනිතබා වැනසූ බවත්ය.

එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය තුළ සිටින කොටි නියෝජිත මාටින් රසල් ලී නමැත්තා බව අනාවරණය වී ඇත.

මෙම පැමිණිල්ල ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කර තිබේ.

නිව්යෝර්ක්‌හි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක්‌ මතුකළ මාටින් රසල් ලී එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාව අපරාධකරුවන්ව සේවයට යොදාගන්නේද යනුවෙන් විමසා ඇත.

මාටින් රසල් ලී යනු කොටි ඩයස්‌ පෝරාවේ අරමුදල් මත යෑපෙන්නෙක්‌ බව හෙළිවී තිබේ.

ඔහු කළ පැමිණිල්ල එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ අවධානයට යොමුවිය.

මේ පසුබිම මැද මානව හිමිකම් ප්‍රශ්නය අහෝසියි යනුවෙන් රජයට සම්බන්ධ කේවට්‌ටයන් ගතවූ කාලය මුළුල්ලේ ජනතාව මුළාකරමින් දියත් කළ ප්‍රචාරය බොරුවක්‌ බවට පත්කරමින් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශන වාර්තා තුනක්‌ ඉදිරිපත් වී ඇත.

මුල්ම වාර්තාව මාර්තු 16 වැනිදාද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාව මාර්තු 21 වැනිදා සහ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ගේ වාර්තාව ඉන්පසුද ඉදිරිපත් කෙරේ.

මාර්තු 16 දා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර ඇති විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ 177 ක්‌ ශ්‍රී ලංකා රජය පිළිගනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකා රජය නිර්දේශ 53 ක්‌ පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළේය. මේ හැර තවත් නිර්දේශ 20 ක්‌ ස්‌වෙච්ඡාවෙන්ම ගිවිස ගැනීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් විය.

මෙලෙස ශ්‍රී ලංකා රජය පිළිගත් නිර්දේශ අතර මෙරට බහුතර ජනතාව සහ ආරක්‍ෂක හමුදාවට වසන්වූ නිර්දේශයක්‌ද විය.

ඒ ඇමරිකානු රජයේ නිර්දේශයක්‌ වූ මානව හිමිකම් කෙළෙසීම සහ අපචාර පිළිබඳව ආරක්‍ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බව සහතික කිරීමයි.

ඇමරිකානු රජය පවා එරට හමුදාව සම්බන්ධයෙන් මෙවැනි නිර්දේaශයකට එකඟ නොවන අතර ශ්‍රී ලංකාවේ වත්මන් රජය එම නිර්දේශය පිළිගැනීමෙන් සිදුකළේ මුළු හමුදාවම පාවාදීමයි.

මීට අමතරව යුද අපරාධ චෝදනා එල්ලවූ සියරා ලියෝන් රාජ්‍යය ඉදිරිපත් කළ සන්නද්ධ ගැටුමෙන් පසු සිදුවූ මානව හිමිකම් කෙළෙසීම පිළිබඳ ස්‌වාධීන සහ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර ගතයුතුයි යන නිර්දේශයක්‌ද ගැටුම අතරතුර සහ ඉන්පසු කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධව වරදකරුවන්ට නඩු පැවරිය යුතු බවට පලස්‌තීනය සහ ආජන්ටිනාව ඉදිරිපත් කළ නිර්දේශයද ශ්‍රී ලංකා රජය පිළිගනු ලැබීය.

ප්‍රංශ රජයද ඉදිරිපත් කළ නිර්දේශය වූයේ සිවිල් යුද සමයෙහි සිවිල් ජනතාවට එරෙහිව කරන ලද අපරාධ ගැන කෙරෙන පරීක්‍ෂණ නිමාකරන බවට ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවයි.

එම නිර්දේශයටද ශ්‍රී ලංකාව එකඟත්වය පළකළේය. මෙම නිර්දේශ ඇතුළත් විශ්ව සමාලෝචනයට සහභාගිවූ නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා රජය වෙනුවෙන් කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදී ඇති මානව හිමිකම් ප්‍රතිඥා නිසැක ලෙසට ක්‍රියාවට නැංවෙන බවයි.

මෙම විශ්ව සමාලෝචන වාර්තාව පිටු 25 කින් යුක්‌තය. ශ්‍රී ලංකාව දණ්‌ඩ නීති සංග්‍රහය සහ අපරාධ විධිවිධාන නීති සංග්‍රහය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමට කමිටුවක්‌ පත්කළ බව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී තිබුණ බව එහි දක්‌වා ඇත.

එසේම මෙම වාර්තාවේ තවදුරටත් දන්වා ඇත්තේ එස්‌ටෝනියා, ලැට්‌වියා, ගෝතමාලාව, ආර්මේනියා සහ ටිමෝරය සහ රටවල් ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවයි.

මේ අතර ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධක බළකායේ ප්‍රධානියා ලෙස පත්කර සිටි ලුතිනන් කර්නල් වසන්ත කුමාර හේවගේ යුද අපරාධකරුවකු ලෙසට නම් කළ කොටි ඩයස්‌පෝරාව සහ එන්.ජී.ඕ ක්‍රියාකාරීන් ඔහුව ලෙබනනයට යෑවීම නතර කරන ලෙස එක්‌සත්ජාතීන්ගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

එම ඉල්ලීමට හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌වූ යස්‌මිත් සුකා සහ කොටි සමඟ සබඳකම් පැවැත්වූ රෝහිත භාෂණ නැමැති කොටි හිතවාදියා දායක විය.

මේ ඉල්ලීම නිව්යෝර්ක්‌ නුවර පැවැති එක්‌සත් ජාතීන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී කොටි නියෝජිත මාටින් රසල් ලී විසින් ඉදිරිපත් කරනු ලැබීය.

එහි ප්‍රතිඵලය වූයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලුතිනන් කර්නල් හේවගේ ලෙබනනයට යැම වහාම අත්හිටුවීමයි.

geneva5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here