ජිනීවා යෝජනා ගැන හුසේන්ගේ අවසන් තීරණය මාර්තු 21

0
552

යුද අපරාධ චෝදනා සම්බන්ධ ජිනීවා යෝජනා පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මාර්තු 21 වැනිදා සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා 2018 සැප්තැම්බර් මාසයේදී ධුරයෙන් ඉවත්ව යන නිසා ශ්‍රී ලංකාව සම්බන්ධව මෙම ප්‍රකාශය කරනු ඇත.

බ්‍රිතාන්‍ය රජය සහ කොටි ඩයස්‌පෝරාව විසින් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත එල්ල කරන ලද බලපෑම් මීට හේතුවී තිබේ. මෙහිදී ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌දැයි හෙතෙම ප්‍රකාශ කරනු ඇත. මෙයට මුල්වී ඇත්තේ ශ්‍රී ලංකාව මේ දක්‌වා යුද අපරාධ යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කර නැති බවට රාජ්‍ය නොවන සංවිධාන පෙත්සම් ගණනාවක්‌ම කොමසාරිස්‌ වෙත යොමු කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here