තමිල්නාඩුවේ මැලේසියාවේ කැනඩාවේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනවා නම් අපිටත් සහාය දිය හැකියි – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි

0
475

 ව්‍යවස්‌ථා අතුරු වාර්තාව හදලා තියෙන්නේ යාපනයේ දේශපාලන පක්‍ෂ පදනම් කරගෙන  – ප්‍රවීණ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
sanga134

මේ රටේ ජීවත්වන දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙනවා. එම ප්‍රශ්නය තමයි ඔවුන්ට වෙනම රටක්‌ නැති එක. දෙමළ ජනතාව එම ප්‍රශ්නය තමිල්නාඩුවේදී, මැලේසියාවේදී, කැනඩාවේදී විසඳා ගැනීමට කටයුතු කරනවා නම් අපටත් ඒ සඳහා සහයෝගයක්‌ ලබාදිය හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (07 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී “එළිය” සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ මෙසේද පැවසූහ.

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අතුරු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවති විවාදයෙන් පසුව නිහඬතාවයක්‌ ඇතිවී තිබෙනවා. එම විවාදයෙන් පසුව ලබන අප්‍රේල් දක්‌වා එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා තීරණය කර තිබෙනවා. එම තීරණය අඩියක්‌ පසුපසට ගැනීමක්‌ වුවත්, එය දුර්වලකම නිසා ගත් තීරණයක්‌ නොවන බව සඳහන් කළ යුතුයි. එම තීරණය ඉදිරියේ දී වඩාත් ශක්‌තිමත්ව කටයුතු කිරීම සඳහා ගත් පියවරක්‌ බව පැහැදිලියි.

පොදු විපක්‍ෂය ඉදිරිපත් කළ යෝජනාවලට රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී තිබෙනවා. එම එකඟවීම නිසා එම වාර්තාව පිළිබඳව තිබුණ ප්‍රශ්න අවසන් කියල සිතනවා නම් ඒක මෝඩකමක්‌. බෙදුම්වාදී බලවේගවලට තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට ක්‍රම දෙකක්‌ තිබෙනවා. එක ක්‍රමයක්‌ තමයි තිබෙන ව්‍යවස්‌ථාවට තාක්‍ෂණික ක්‍රම යොදා ගැනීම. දෙවැනි ක්‍රමය තමයි අලුත් ව්‍යවස්‌ථාවක්‌ මගින් තම සම්පූර්ණ අවශ්‍යතාව ඉටුකර ගැනීම. පාර්ලිමේන්තුවේ පැවති දින 4 ක විවාදය තීරණයක්‌ නැතිව අවසන් කළත් එය සම්පූර්ණ පසුබැසීමක්‌ නොවන බව විශ්වාස කළ යුතුයි.

අතුරු වාර්තාව පිළිබඳව රට තුළ ගොඩනැඟී තිබෙන විරෝධය නිසා ජනාධිපතිතුමා තීරණය කළා සර්වපාක්‌ෂික විද්වතුන්ගේ සමුළුවක්‌ කැඳවීමට. ජනාධිපතිතුමාට එම යෝජනාව කරල කට ගන්න ලැබුණේ නෑ අගමැතිවරයා එම තීරණය ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය යටතට ගැනීමට සූදානම් වනවා.

බෙදුම්වාදී වැඩපිළිවෙල තුළ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්‌ නෑ. දෙමළ ජනතාවගේ මුහුණේ ලේ නෑ. එමනිසා ඔවුන්ට ලේ දෙන්න ඕනි කියල, බෙදුම්වාදී දේශපාලනඥයන්ට බලය දීම නොවෙයි කළ යුත්තේ. කළ යුත්තේ මෙම බෙදුම්වාදී ව්‍යාපෘතිය පරාජය කරන අතරේ සියල්ලන් සතුටු කරන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමයි.

මේ රටේ ඓතිහාසික උරුමය තියෙන්නේ සිංහල බෞද්ධයන්ට. ඔවුන් ජාතිවාදී අන්තවාදීන් පිරිසක්‌ නොවෙයි. එම නිසා තමයි මේ රටට ආපු ජනතාවට අත දීල පිළිගත්තේ. එම නිසා තමයි මුස්‌ලිම් ජනතාවට බිරින්දෑවරු දී ආගමික ස්‌ථාන ගොඩනඟා ගැනීමටත් ඉඩ දුන්නේ. ජාතිවාදීන් වන්නේ බෙදුම්වාදයට පක්‍ෂ අයද විරුද්ධ අයද කියන එක තීරණයක්‌ කළ යුතුයි. එක එක අයගේ ඉල්ලීම් ඉටු කරමින් අපේ හිමිකම් කප්පාදු කරමින්, බෙදුම්වාදීන් පිනවීම නෙවෙයි විය යුත්තේ. අගමැතිවරයා හැම දේටම දක්‍ෂ නැති වුවත්, කුමන්ත්‍රණ සඳහා නම් දක්‍ෂයි. එම නිසාම තමයි අගමැතිකම ලබා ගැනීමට හැකි වූයේ.

ප්‍රවීන මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා – ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අතුරු වාර්තාව පිළිබඳව දවස්‌ 4 ක්‌ විවාද කළත්, එය අවසන් වූයේ කොතැනින්ද කියල දන්නේ නෑ. මෙම විවාදයේ දී අතුරු වාර්තාවෙන් මතුවූ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නෑ. මෙම අතුරු වාර්තාව සකස්‌ කරල තිබෙන්නේ යාපනය පදනම් කරගත් දේශපාලන පක්‍ෂවල දේශපාලනය පදනම් කරගෙන. එම නිසා දින 4 ක්‌ පුරා පැවති විවාදයේ දී එම වාර්තාව වෙනත් අයට එය කෙසේ බලපාවිද කියන එක අපට දැන ගැනීමට ලැබේවි කියල අපි සිතුව. හකීම් මහතා ප්‍රකාශ කර තිබෙනවා දෙමළ දේශපාලන නායකයන්ට උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙස ඉල්ලීමට අයිතිය තිබෙන බව. හිස්‌බුල්ලා මහතා පමණයි මෙම වාර්තාවට විරුද්ධ බව කිව්වේ. ඒ හැර වෙනත් මතයක්‌ දැන ගන්න ලැබුණෙත් නෑ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා –

අලුත් ව්‍යවස්‌ථාව ජනතාව ඉල්ලපු එකක්‌ නොවෙයි. එයට ජනවරමක්‌ නෑ. ජිනීවා මානව හිමිකම් කොමිසමේ 30.1 යෝජනාව නිසා තමයි නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සඳහා කටයුතු කරන්නේ. ඒ ජාත්‍යන්තර ප්‍රජාව සහ දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීම සඳහායි. ව්‍යවස්‌ථාව පමණක්‌ නොවෙයි අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පනත ගෙන එන්නෙත් 30.1 යෝජනාවට අනුව තමයි.

30.1 යෝජනාව ආවේ කොහොමද? 2009 මැයි මාසයේ දී යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව ජර්මනිය තවත් රටවල් 17 සමඟ අපට එරෙහිව යෝජනාවක්‌ ගෙනාවා. එම යෝජනාව අපි පරාජය කළා.

එසේ තිබියදී 30.1 යෝජනාව ආවේ දරුස්‌මාන් වාර්තාව නිසා තමයි. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කරමින් තමයි එම වාර්තාව සකස්‌ කිරීමට කටයුතු කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here