ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ සිංහලයෝ 9 දෙනෙක්‌ රැඳවුම් භාරයේ

0
411

 

කීර්ති වර්ණකුලසූරිය(උපුටා ගැනීම 2017/08/05 දිවයින පුවත්පතෙන්)

ත්‍රස්‌තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිංහලයන් නවදෙනකු රැඳවුම්භාරයේ සිටින බව හෙළි වී ඇත.

ඔවුහු 2013 සහ 2016 අතර සමයේ අත්අඩංගුවට පත්වූවෝ වෙති.

මෙම පිරිස අතර වසර අටක්‌ තිස්‌සේ රැඳවුම්භාරයේ සිටින්නේ හිටපු සහකාර පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් කුරේ බව ආරංචි මාර්ග කියා සිටී.

මොවුන්ට අමතරව හිටපු කොටි ක්‍රියාකාරීහු 88 ක්‌ ද රැඳවුම් භාරයේ සිටිති. මෙම කොටි ක්‍රියාකාරීන් තම ත්‍රස්‌තක්‍රියා ගැන ලබාදුන් පාපොච්ඡාරණ අහෝසි කර ඔවුන්ව මුදා හරින ලෙස එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here