දරුණු කොටින්ගේ නඩු වවුනියාවට මාරු කරගන්න ටී. එන්. ඒ. සටනක

0
278

කීර්ති වර්ණකුලසූරිය

බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි ත්‍රස්‌තයන් 86 කට එල්ලවී ඇති නඩු කොළඹ අධිකරණවලින් ඉවත්කර වවුනියා අධිකරණයට මාරුකර ගැනීමට ද්‍රවිඩ සන්ධානය දැඩි උත්සාහයක නිරතව ඇත.

මෙම නඩු වවුනියාවට මාරුකරන ලෙස ඉල්ලා එම කොටි ත්‍රස්‌තයන්ගේ ඥතීන් විසින් උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලා තිබේ.

මෙයට පෙර අනුරාධපුර සිරගෙදර සිටි කොටි ත්‍රස්‌තයකු යාපනය සිරගෙයට මාරුවක්‌ ඉල්ලා යාපනයේදී පැනගොස්‌ ඇත.

මෙම නඩු වවුනියාවට මාරුකරන ලෙස ඉල්ලීම හිටපු කොටින්ගේ උපක්‍රමශීලී ක්‍රියාවක්‌ බවට ද සැක මතුවී තිබේ.

(උපුටා ගැනීම 2017/08/04 දිවයින පුවත්පතෙන්)


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here