දුක්‌ මහන්සියෙන් ඉපයූ මුදල් ජිනීවා සටනට වැය කළ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්

0
410

 

 

අට වසරක්‌ තිස්‌සේ කොටි ඩයස්‌පොරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ විවිධ සංවිධානවලට මුවා වී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනු ලැබීය.

එහෙත් ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නියෝජිතයකු එකී සාවද්‍ය චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කළේ නැත.

ලක්‍ෂයකට අධික ද්‍රවිඩ ජනතාවක්‌ සමූලඝාතනය කර තවත් 146000 ක්‌ අතුරුදන් කර ඇති බවට චෝදනා මානව හිමිකම් කවුන්සිලයේදී එල්ල විය.

එම චෝදනා නැඟêමට තමිල්නාඩුවේ සිටද යාපනයේ සිටද පිරිස්‌ පැමිණියහ. මෙලෙස කොටි ත්‍රස්‌තවාදය වනසාදැමූ ශ්‍රී ලංකා හමුදාවට අභූත චෝදනා එල්ලවීමත් වත්මන් රජය බටහිර රටවලින් ඉදිරිපත් වූ ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමත් නිසා විදෙස්‌ ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් රැසක්‌ එක්‌ වී ගෝලීය ශ්‍රී ලංකා සංසදය ආරම්භ කරනු ලැබීය.

ඒ සඳහා ඔවුන් වැය කළේ තමන් දුක්‌ මහන්සියෙන් උපයාගත් මුදල්ය.

එක්‌සත් එමීර් රාජ්‍යයේ අජන්ත ප්‍රේමරත්න සුනිල් චන්ද්‍රකුමාර, යසස්‌, තිලක්‌ දිසානායක, ඉතාලියේ වසන්ත කීර්තිරත්න ස්‌විස්‌ටර්ලන්තයේ රොෂාන් ඊශ්‍රායලයේ ජනිත් විමල සහ ඕස්‌ටේ්‍රලියාවේ රංජිත් සොයිසා යන දේශප්‍රේමීන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රට රැකගැනීමේ උදාර ක්‍රියාවලියට ජීවය දුන්හ.

එහි ප්‍රතිඵලයක්‌ වූයේ පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පොරාවට අභියෝග කිරීමේ සමාන්තර රැස්‌වීමක්‌ පැවැත්වීමයි. ජුනි 15 දා පැවැත් වූ මේ රැස්‌වීම කඩාකප්පල් කිරීමට කොටි ඩයස්‌පොරාව මෙන්ම ෙද්‍රdaහි සිංහලයන් කීප දෙනෙක්‌ද දැඩි උත්සාහයක්‌ ගත්හ. එහෙත් ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රතිරූපයත් මව්බිමේ නාමයත් රැක ගැනීමේ අරමුණින් සති දෙකක්‌ තුළ විශාල මහන්සියක්‌ දරමින් සැබෑ තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවට පිළිබිඹු කිරීමේ අරමුණින් වීඩියෝ පටයක්‌ද තිරගත කරමින් රැස්‌වීම පවත්වා කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌වීමට හැකි විය.

ඒ සඳහා අතිවිශාල මුදලක්‌ වැය විය. රැස්‌වීම සඳහා ඉතාලියේ සිට 20 කට අධික ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පිරිසක්‌ සැතපුම් 400 ක්‌ම ගෙවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණියේ අධික තෙහෙට්‌ටුව මැදය. ඔවුන්ට ගමන් විඩාව නිවා ගැනීමටද අවස්‌ථාවක්‌ නොලැබුණි. ඒ අලුයම 5 ට ඉතාලියේ සිට පැමිණි පිරිස ජිනීවා නුවරට එනවිට සවස 3 පසු වී තිබීමයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී දියත් කළේ අපි වෙනුවෙන් අපි සංකල්පයයි. එහෙත් ඒ සංකල්පය දියත්වූයේ තම මව්බිම වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ අධිකරණය පවා හෑල්ලුවට ලක්‌කරමින් මානව හිමිකම් කවුන්සිලය තුළට ව්‍යාජ වාර්තා ඉදිරිපත් වු අවස්‌ථාවේ ඊට එරෙහිව දේශප්‍රේමීහු හඬ නැගූහ.

කොටි යුද අපරාධ ගැන මානව හිමිකම් කවුන්සිලය තුළ දිගහැරුනේ මුල්වරටය.

දින 10 කට අධික කාලයක්‌ තිස්‌සේ ස්‌විස්‌ ප්‍රංශ දේශසීමාව අසල පිහිටි කුඩා හෝටලයක නතර වී කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌වීමේ ඉදිරිපත් කළ යුතු කරුණු ගැන සාකච්ඡාවට භාජනය විය. ඉතාලියේ සිට පැමිණි වසන්ත කීර්තිරත්න එමිර් රාජ්‍යයේ සුනිල් චන්ද්‍රකුමාර සහ ඊශ්‍රායලයේ ජනිත් විමල සහ රියර් අද්මිරාල්, සරත් වීරසේකරද ඊට එක්‌ වූහ.

ඉතාලියේ උපුල් සම්පත් පරිගණක ක්‍රියාවලියෙන් මෙම දේශප්‍රේමීන් පිරිසට දුන් සහය අමතක කළ නොහැකිය. ඔව්හු නිදිවර්ජිතව සමාන්තර රැස්‌වීම සඳහා සියලු ක්‍රියාදාමයන් ඉටු කරනු ලැබීය.

එහි ප්‍රතිඵලය වූයේ ජුනි 14 දා උදේ රැස්‌වීමට අදාළ ප්‍රචාරක පත්‍රිකාව මුළු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ බෙදා හැරීමයි.

මේ පත්‍රිකාව කොටි ඩයස්‌පෝරාව අතටද ලබාදීමට ක්‍රියාකිරීමෙන් ඔවුන් විශ්මයට පත් වූයේ ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු සහයක්‌ නැතිව රැස්‌වීම සංවිධානය කිරීමට ක්‍රියා කිරීමෙනි.

මෙම මෙහෙයුම ඉතාම කටුක අත්දැකීමක්‌ විය. හෝටලයේ සිට තේ පානයකින් තොරව පවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඒමට සංසදයේ පිරිස ක්‍රියා කළේය.

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජිනීවා නුවරට පැමිණි දේශපාලනඥයකුට ඉහළ මිලක්‌ ඇති කෙම්ජින්aස්‌කි හෝටලයේ නවාතැන් සපයා ගමන් බිමන් යැමට බෙන්ස්‌ මෝටර් රියක්‌ වෙන්කරද්දී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ දේශප්‍රේමීන් පිරිස භාවිතා කළේ ට්‍රොලි බස්‌ රථය.

මේ පසුබිම මත ජුනි 15 දා මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පිරිසක්‌ සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් කොටි ඩයස්‌පෝරාවට සහ මානව හිමිකම් කොමසාරිස්‌ටද අභියෝග කරනු ලැබීය.

තමන්ට දොස්‌ නගනු ඇති බවට සිතාගෙන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් විමර්ශන නිලධාරියකු පමණක්‌ නොව ගැටුම් ඇතිවන බවට සැකය මත ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙක්‌ද රැස්‌වීම් ශාලාවට එවා තිබුණි.

මෙම රැස්‌වීම් මෙහෙයවීමට ස්‌විස්‌ටර්ලන්තයේ සුරිච් නුවර සිට බ්‍රයන් බස්‌නායකද රොශාන්ද පැමිණ සිටියේය.

අපි ප්‍රභාකරන් ප්‍රමුඛ කොටින්ට බිය නොවෙමු යෑයි ශ්‍රී ලංකා හමුදාව එදා පෙන්නුම් කළේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙන්නුම් කළේ අපි කොටි ඩයස්‌පෝරාවට බිය නොවන්නෙමු යන ක්‍රියාදාමයයි.

මෙම සංසදයේ අභීත දේශප්‍රේමීන් මානව හිමිකම් කවුන්සිලය අරක්‌ගෙන සිටින කොටි හමුවේ මානව හිමිකම් කවුන්සිලය අමතද්දී අපේ තානාපති කාර්යාල බලධාරීන් පළාතේවත් සිටියේ නැත.

එහෙත් ජිනීවා යෝජනාව විවේචනයට ලක්‌ කරන්නේද යන්න ගැන සටහන් කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පරිගණකයක්‌ සමඟ නිලධාරිනියක්‌ එවා තිබුණි.

එසේ වුවත් ඇයව රැස්‌වීම් ශාලාවෙන් ඉවත් කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියා කළේ නැත. තමන් රැකියා කරන ස්‌ථානවලින් නිවාඩු ලබා ගනිමින් ඇතැම් දේශප්‍රේමීන් මෙම රැස්‌වීමට පැමිණි අයුරු අපි දුටුවෙමු.

කිසිදු ව්‍යාපාරිකයෙක්‌ මේ සංසදයට උදව් කළේ නැත. එහෙත් ඉතාලිය ස්‌විට්‌සර්ලන්තය එමීර් රාජ්‍යය ඇතුළු රටවල සිටින දේශප්‍රේමීහු වෙහෙස මහන්සිවී උපයන වැටුපෙන් මාස්‌පතා කොටසක්‌ ජිනීවා මෙහෙයුමට පරිත්‍යාග කළහ.

කොටි ඩයස්‌පෝරාවට එරෙහි මුල්ම ජිනීවා මෙහෙයුමට යුරෝ 5000 ක මුදලක්‌ වැය විය. මේ මෙහෙයුමට සම්බන්ධ වූ දේශප්‍රේමීන්ට බොහෝ අවස්‌ථාවල දිවාභෝජනය ගැනීමටද නොහැකි විය.

ඔවුන් සෑමවිටම මුල්තැන දුන්නේ තම මව්බිමටය. ස්‌විට්‌සර්ලන්තය වැනි රටකට පැමිණෙන විට සිහිපත් වන්නේ මනස්‌කාන්ත ස්‌ථාන නැරඹීමටය. එහෙත් පුරා දින 11 ක්‌ තිස්‌සේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ රැඳී සිටිමින් ඔවුහු කොටින්ට ප්‍රතිචාර දැක්‌වීමේ ක්‍රියාවලියේ යෙදුණි.

එහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉමහත් වෙහෙසක්‌ දැරීය. ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර සිට රොහාන් සැතපුම් 250 ක්‌ මග ගෙවමින් මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සහාය විය. හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ නිර්මලා ලියනපටබැඳි සහ ජිනීවා නුවර සිටින එරික්‌ මාකවිටද මේ කටයුතුවලට සහය වූහ.

එහෙත් මේ දේශප්‍රේමීන් ජිනීවාහිදී කොටි ඩයස්‌පෝරාවට එරෙහිව දියත් කළ සටනට ඒකාබද්ධ විපක්‍ෂයේ අවධානය යොමු වුයේ නැත. ඔවුන්ගෙන් කිසිවෙක්‌ ජිනීවාහිදී මේ දේශප්‍රේමීන් අත්විඳි කටුක තත්ත්වය ගැන විමසුවේ නැත. ඒ ඔවුන්ගේ ස්‌වභාවයයි. එසේ වුණත් ඉතාලි, ප්‍රංශ හා ස්‌විට්‌සර්ලන්තයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විශිෂ්ට ක්‍රියාදාමය අගය කළහ.

කීර්ති වර්ණකුලසූරිය(උපුටාගැනිම2017.07.02 ඉරිදා දිවයින පුවත්පතෙන්)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here