නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ට හා රජයට ජනතාව වරමක්‌ දී නෑ

0
276

රියර් අද්මිරාල් සරත් වීරසේකර

කීර්ති වර්ණකුලසූරිය

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යෝජනා කිරීම සඳහා ජීනීවා මානව හිමිකම් කොමසාරිස්‌ට සහ එවැනි ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීමට රජයට ජනතාව වරමක්‌ දී නැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (6දා) මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතා ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යෝජනා කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්‌ කර ඇති ක්‍රියාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිට පැමිණිල්ලක්‌ යෑවීමටද කටයුතු යොදා ඇති බව හෙතෙම කීවේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මගින් නාවල පාරේ පිහිටි එම මධ්‍යස්‌ථානයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර නැති බවට හමුදාපතිවරයා කර ඇති ප්‍රකාශය අගය කරන බව පැවසූ වීරසේකර මහතා එසේ නම් පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නැති බව කියා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපතිවරුන් වූ සුනිල් චන්ද්‍රකුමාර, අජන්ත ප්‍රේමවර්ධන, වසන්ත කීර්තිරත්න, තිලක්‌ දිසානායක සහ එරික්‌ මාකවිට යන මහත්වරු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here