මාධ්‍ය ප්‍රකාශනයයි

24-05-2018

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා සම්භන්ධයෙනි

21-05-2018 දින ‘අද දෙරණ’ රාත්‍රී 10 ට විකාශය වූ ප්‍රවුර්තී වැඩසටහන සහ ජාතික පුවත්පත් කිහිපයක පළවූ ප්‍රවුර්ති මගින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවට නව සංවිධානයක් බිහි කරන බව ප්‍රකාශ වූ අතර එසේ කිරීමට හේතුව ලෙස නව සංවිධානයේ සභාපති ලෙස කරුණු ඉදිරිපත් කල පුද්ගලයා විසින් ඉදිරිපත් කල කරුණු අසත්‍ය  සහ සාවද්‍ය බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තරයේ ප්‍රකාශ කර සිටි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ  පිරිසකට LTTE ඩයස්පෝරාවෙන් එල්ල වූ බලපෑම් නිසා සංවිධානයේ කටයුතු කරගෙන යාමට බාධාවන් ඇතිවූ හෙයින් මෙලෙස තමන්හට නව සංවිධානයක් පිහිටුවා ගැනීමට සිදුවූ බව එම ප්‍රකාශයෙන් හුවා දැක්විය. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජාත්‍යන්තරයේ සිදු කල කටයුතු වලදී LTTE ඩයස්පෝරාව සමග අත්වැල් බැඳ ගැනීමක් ලෙස ව්‍යංගාර්ථයෙන් අර්ථ ගැන්වෙන  ස්වරුපයෙන්  ඉදිරිපත් කරන ලද මෙම ප්‍රකාශය අප සමග ඉතා විශ්වාසයෙන් යුතුව කටයුතු කරන ලොව පුරා සිටින දේශප්‍රේමින් නොමග යැවීමක් ලෙසින් අප දකිමු. එමෙන්ම මෙතෙක් කල් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය  විසින් ඉටු කල සියලුම කාර්යභාරය මෙතැන් පටන් නව සංවිධානය මගින් ඉටුකරන බව සඳහන් කිරීමද අසන්නන් සහ අප සාමාජිකයන් නොමග යැවීමකි. නව සංවිධානයක් ආරම්භ වුවා මිස මෙතෙක් පවතී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉටු කල මෙහෙවරෙහි කිසිදු වෙනසක් නොවුණු බව සහ ජිනීවා, එංගලන්තය සහ ලොව අනෙකුත් රටවල් තුල අපගේ ක්‍රියා කාරිත්වය එලෙසම පවතින බව සියලුම දේශප්‍රේමී ජනතාව වෙත මෙයින් දැනුම් දෙමු.

2015 දී ආරම්භවූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෝකය පුරා ව්‍යාප්ත කරමින් ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද 30/1 යෝජනාවලියට පදනම වූ, වසර 2014 දී මානව හිමිකම් කොමිසම මගින් මානව හිමිකම් මහා කොමසාරිස් වරයාට පවරන ලද බලය ප්‍රකාර සකස් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාවට  (Office of High Commissioner for Human Rights Investigation on Sri Lanka  නැතහොත් OISL) අභියෝග කරමින්, “රණවිරු විත්ති වාචිකය” නමින් වූ වාර්තාවක් සභාගත කරමින් මානුෂිය මෙහෙයුමට නායකත්වය දුන් දේශපාලන නායකයන් සහ දිවි පරදුවට තබා සියලු ශ්‍රී ලාංකිකයන් හට අභය දානය ලබා දුන්  රණවිරුවන් වෙනුවෙන් සිදු කල සැබෑ කාර්යභාරය ඉටු කලේ මේවනවිටත් ක්‍රියාශිලිව පවතින ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයි. මහා බ්‍රිතාන්‍යයේ සාමිවරයෙකු වන නෙස්බි සාමිවරයා සමග දිගටම සහයෝගයෙන් කටයුතු කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල බලපෑමක් ඇතිකිරීමට කටයුතු කරනුයේද අප සංවිධානයයි. මෙම සියලු කටයුතු සඳහා ආරම්භයේ සිටම එක්ව කටයුතු කරන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා රට බේරා ගත් රණවිරුවන් සහ දේශපාලන නායකයන් ජාත්‍යන්තර අධිකරණයට පාවාදීමේ උත්සාහය ව්‍යවර්ථ කිරීම සඳහා  තවදුරටත් අප සමග කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවත් සඳහන් කරන්නෙමු.

අප මව්බිම බෙදා වෙන්කිරීම සඳහා පෙළ ගැසුණු සංවිධාන බොහෝ ගණනක් සිංහල, දෙමල බේදයකින් තොරව මව්බිම තුල මෙන්ම ජාත්‍යන්තරයේත් ඉටු කරන දේශද්‍රෝහී භූමිකාව පරාජය කිරීමට මව්බිමේ ඒකීය භාවය රැක ගැනීම උදෙසා කැපවූ දේශප්‍රේමී සංවිධාන ප්‍රමාණවත් ලෙස ජාත්‍යන්තරයේ නොමැති කම බරපතල අඩුවක් ලෙස දකිමු. එය මග හරවා ගැනීම උදෙසා මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් පෙනීසිටින සංවිධාන තවතවත් බිහි වන්නේ නම් එය ඉතාමත්ම සතුටට කරුනකි. නමුත් එම සතුට රැඳී පවතින්නේ එලෙස පිහිටුවා ගන්නා ලද සංවිධාන අතර එකිනෙකාට අවලාද නගමින් අසත්‍ය ප්‍රචාර කරමින් හෙලාදකිම නොකලොහොත් පමණක් බවත් මෙම නව සංවිධානය හඳුන්වාදීමේ මුල්ම මාධ්‍ය සාකච්චාවෙහිදීම එම යතාර්ථය හෑල්ලුවට ලක්කිරීම පිළිබඳව අප කනගාට්‍රුවන බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.

මෙයට,
සුනිල් චන්ද්‍රකුමාර
සභාපති, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here