නාග විහාරාධිපතිගේ ආදාහනය තහනම් කරන්න උසාවි යැමෙන් දෙමළ අන්තවාදීන්ගේ දුෂ්ඨ විෂකුරු බව හෙළි වූවා – නිශාන්ත වර්ණසිංහ

0
386

යාපනය නාග විහාරාධිපති ආදාහන උළෙලට එරෙහිව ඉල්ලු අධිකරණ තහනමින් පෙනී යන්නේ දෙමළ අනත්වාදීන්ගේ දුෂ්ට විසකුරු බව යෑයි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා නිවේදනය කර සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

වසර 40 කට ආසන්න කාලයක්‌ යාපනයේ නාග විහාරයේ වැඩ වාසය කළ නාග විහාරාධිපති අපවත්වී වදාළ මීගහජදුරේ ඥනරතන නාහිමියන්ගේ ආදාහන උත්සවය යාපනය කොටුවේ ජනාකීර්ණ ස්‌ථානයක පැවැත්වීමෙන් පරිසර දූෂණය මෙන්ම ජනතාව පීඩාවට පත්වන බව සඳහන් කරමින් එය වළක්‌වාලමින් තහනම් නියෝගයක්‌ ලබාදෙන ලෙසට ඉල්ලා යාපනයේ සිවිල් ක්‍රියාකාරිකයන් 12 දෙනෙකු පසුගිය 22 වැනි දින යාපනයේ මහාධිකරණයෙන් ඉල්ලීමක්‌ කර තිබේ. මේ අවස්‌ථාවේදී යාපනය පොලිසියේ නිලධාරීන් මැදිහත්වී පැය දෙකකට ආසන්න කාලයක්‌ කරුණු දැක්‌වීමෙන් පසුව මහෙස්‌ත්‍රාත්වරයා එම තහනම් නියෝගය ඉල්ලා ඇති පෙත්සම ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ සම්බන්ධව පළමුව යාපනය පොලිසියේ නිලධාරීන්ටත්, මහෙස්‌ත්‍රාත් සදිස්‌වරන් මහතාටත් ස්‌තූති පූර්වක ගෞරවය පුදකර සිsටිමු.

දෙවනුව සිංහල බෞද්ධ ජනතාව හා ශාසන භාරධාරී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තේරුම් කොට සිහි එළවා ගත යුතු කරුණ නම් දෙමළ අන්වාදීන්ගේ ජාතිවාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ ඇති දුෂ්ටකමේ හා විසකුරුකමේ තරම තේරුම් ගැනීමයි.

තෙවනුව යාපනයේ දෙමළ සමාජය පමණක්‌ නොව සමස්‌ත ලාංකීය දෙමළ ජනතාව හා හින්දු භක්‌තිකයන් ලැඡ්ජාවෙන් ලැඡ්ජාවට පත්විය යුතුය. හින්දු ආගමත් බෞද්ධ ආගමත් අතර ඇති බැඳීම හා සංස්‌කෘතික නෑකම ගැන දෙසමින් ආගමික සහජීවනය ගැන කතා කරන ආගම්වලට ගරු කරන්නැයි උදේ සිට රෑ වනතුරු දෙසුම් පවත්වන වැඩසටහන් සංවිධානය කරන මහත්වරුන්ගේ නිරුවත හෙළිවී ඇතිවා පමණක්‌ නොව ඔවුන්ගේ ව්‍යාජත්වය ද හෙළිදරව්වී ඇත.

මේ පිළිබඳව දෙමළ දේශපාලන නායකයන් සංහිඳියා සහ සහජීවන ඇමැතිවරුන් සාමය, සහජීවනය ගැන රූපවාහිනී නාලිකාවල පාඩම් කියා දෙන සිවිල් සංවිධානවල ක්‍රියාකාරිකයන් හා පුරවැසි නායකයන්ගෙන් දේශපාලන නායකයන්ගෙත් නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ කුමක්‌ද? මෙම ක්‍රියාව හෙළා දැකීමට ඔවුන් කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. සංහිඳියා ඇමැතිවරයා ලැඡ්ජාවට පත්විය යුතුය. වසර 40 කට ආසන්න කාලයක්‌ නාග විහාරාධිපති හිමියන් යාපනයේ වැඩ සිටියේය. එය බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා පමණක්‌ නොවේ බෞද්ධ හින්දු සහෝදරත්වය, සිංහල දෙමළ සමගිය නෑකම සංකේතවත් කරමින් දෙමළ ජනතාවගේ සුභ සිද්ධියට දායක වෙමිනි.

දෙමළ අන්තවාදීන්ගේ ජාතිවාදීන්ගේ බෙදුම්වාදීන්ගේ තර්ජන, ගර්ජන හා එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ මරණීය තර්ජන මැද උන්වහන්සේ තම ජාතික ශාසනික හා මහජන සේවය ඉටු කළේය. උන්වහන්සේගේ ආදාහන උත්සවයට එරෙහිව තහනම් නියෝග ඉල්ලීමට මූලිකත්වය ගත්තේ EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ටෙලෝ සංවිධානයේ නායක අලෙයි කඩනාදන්. එහි ලේකම් ශ්‍රීකාන්තන් හා දෙමළ කොංග්‍රසයේ ගඡේන්ද්‍ර පොන්නම්බලම්ය. තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණය ඉදිරියට ගියේ ගඡේන්ද්‍ර පොන්නම්බලම්ය. තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණය ඉදිරියට ගියේ ගඡේන්ද්‍ර පොන්නම්බලම්ගේ යාපනය නගරාධිපති අපේක්‍ෂක නීතිඥ මනිවන්නන්ය. ටෙලෝ සංවිධානයේ නායක සභාරත්නම් ඇතුළු දහස්‌ ගණනක්‌ පැය 48 ක්‌ තුළ මහ පාරට ගෙනවිත් භාගෙට මරා එල්ටීටීඊ විසින් ටයර් දමා පුළුස්‌සද්දී මහජන පීඩාව හා පරිසර දූෂණය ගැන කතා නොකළ අධිකරණ නියෝග නොපැතු එම අන්තවාදීන් එදා ආරක්‍ෂාව පතා කොළඹට පලා ආවේය. කොළඹදී ඔවුන්ට රැකවරණය ලැබුණේ දකුණේ සිංහල වාමාංශික දේශපාලන කණ්‌ඩායම්වලින් හා ආරක්‍ෂක හමුදාවෙනි. කොළඹදී ද, ඔවුන් එකිනෙකා මරා ගැනිණි. අප ද එහිදී එල්ටීටීඊ විරෝධී කණ්‌ඩායම්වලට සහය දුන්නෙමු. කොළඹදී එල්ටීටීඊය අතින් මැරුම් කෑ එල්ටීටීඊ විරෝධී කණ්‌ඩායම්වල මළ සිරුරුවලට අපි කර ගැසුවෙමි.

මෙයින් කියා පාන්නේ අන් කිසිවක්‌ නොව වසර 40 ක්‌ යාපනයේ නාග විහාරයේ වැඩ වාසය කළ අපවත්වී ආදාහනය වීමටත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට ඉඩ නොතැබීමේ අන්තවාදී ජාතිවාදී බෙදුම්වාදී ප්‍රතිපත්තිය නොවේද? මොවුන්ගේ ඇති මානව විරෝධී සදාචාර විරෝධී දුෂ්ට විසිකුරු බව පක්‍ෂ පාට ජාති ආගම් භේදයෙන් තොරව හෙළා දැකිය යුතු නොවේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here