ප්‍රජාතන්ත්‍ර වාදයේ මල් පිපිම හෙවත් මෛත්‍රීගේ වෛරී දේශපාලනය

0
642

ශ්‍රීලනිපයට ද්‍රෝහී වුයේ කවුද?

 

එතෙක් මෙතෙක් ලෝකයේ දේශපාලන ක්ෂේත්‍රය තුල සිදු කල පාවාදීම් අතරින් මහා පාවාදීම ශ්‍රිලංකාවේ විධායක ජනාධිපති වුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ සභාපති වුද මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 14-08-2015 දින සිදු කර තම නාමය කුහක, දීනයන් සහ දුෂ්ටයන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඔසවා තබන්නට සමත් විය. එය සුවිශේෂී වනුයේ එම වාර්තාව මානව ඉතිහාසයේ නැවත කිසිවෙකුටත් බිඳිය නොහැකි ආකාරයේ වාර්තාවක් වන හෙයිනි. එ මක්නිසාද? මෛත්‍රිපාල සිරිසේන වැන්නකු මුළු ලෝක ජනගහනය වන බිලියන 7.3 තුල දැනට සිටින්නේ එකෙකු බැවිනි. මෙයින් පාඩමක් ඉගෙන ගන්නා ලෝක ජනතාව මින් මතු තමන්ගේ අනාගතය තීරණය කිරීමට තෝරාගන්නා නායකයන් තුල ජාතිය සහ මව්රට පිලිබඳ සංකල්පනා සංසන්දනය කිරීමට ඉතාමත්ම නිවැරිදි මිනුම් දණ්ඩක් ලංකාවෙන් සොයාගත් බැවිනි. සිරිසේනට සම කල හැකි කිසිවෙකුට දේශපාලනයේ දොරටු විවර නොවනු ඇත. හෙළයේ අවාසනාවටත් ඊලමයේ වාසනාවටත් ලංකාව තුල පහල වූ මෙම සුවිශේෂී මනු සතා එකක් කියමින් වෙනෙකක් කරමින් ලංකා දේශපාලනය අලුත් මානයකට මේ වන විට රැගෙන ගොස් ඇත.
මෛත්‍රී විසින් දිගින් දිගට මහින්දට දෝශාරෝපනය කලේ ශ්‍රීලනිපය කැඩීමට, දුර්වල කිරීමට උත්සාහ කල බවත් තමන් පමණ පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙක් තවත් නොමැති බවත්ය. යහපාලනයේ සළුපිළිවලින් වසා ගැනීමට උත්සාහ ගත්තත් තම පිළිකුල් සහගත නිරුවත මේ වන විට ශ්‍රී ලංකා පාක්ෂිකයන් හට පමණක් නොව මු ලෝකයටම අනාවරණය වි ඇති බව නොදන්නේ මෛත්‍රීපාල පමණි.
පළමුව ජාතිය අමතා කතා කරමින් මහින්ද අගෝ. 17 දින මහා මැතිවරණයෙන් පරාජය වන බවත් මහින්දට වඩා සුදුසු අය අගමැති තනතුරට සිටින බවත් පවසා ජන්දදායකයන් අධෛර්යමත් කර රනිල් ප්‍රමුඛ එජාපයට වැඩි වාසියක් ලැබෙන තත්වයක් ඇතිකරන ලදී. නමුත් රට බේරාගත් නායකයා පිළිබඳව සංවේදී වූ ජනතාව එම අදහස් ප්‍රතික්ෂේප කර වඩ වඩාත් මහින්ද වෙත සමීප විය. එම නිසා වියරු වැටුණු රනිල් මෛත්‍රී අශුද්ධ පෙරමුණ මගින් දෙවන ප්‍රහාරය එල්ල කලේ මහින්දට සහ පාක්ෂිකයිනට සාධාරණයක් ඉටු කිරීම සඳහා බලපෑම් සහ ඩොලර් කුට්ටි වලට යටත් නොවී ඍජුව හදවතට එකඟව කටයුතු කරමින් මහජන මතයට ගරු කල සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා කිසිදු වග විභාගයකින් තොරව වංචනිකව ලබා ගත් උසාවි නියෝගයකින් ඉවත් කිරීමයි. මහින්ද වෙනුවට ආදේශකයන් ලෙසට ලේකම්වරු දෙදෙනාගේම නම් අගමැති තනතුරට යෝජනා කර ගතවුයේ එක් දිනක් පමණි. එදිනම එසේ නම් කරන ලද සියල්ලන්ම එම යෝජිත වරදානයන් ලිඛිතව ප්‍රතික්ෂේප කරන ලද්දේ සිරිසේනගේ ඊනියා යහපාලන තුරුම්පුවක් කුජිත කරවමිනි. වියරු වැටුණු පිස්සු බල්ලෙකුගේ තත්වයට ඇද වැටුණු සිරිසේනගේ අන්තිම තුරුම්පුවත් මෙලෙස දමා ගැසීමෙන් එය දැනටමත් සිරිසේනට සහ ඔහු නියෝජනය කරන දේශද්‍රෝහින්ට පාරාවළල්ලක් වි ඇති බව තහවුරු වි ඇත. ජන්දය ප්‍රකාශ කිරීමේදී තීරණයක පසු නොවු සියළුම ජනතාවගේ කැමැත්ත මහින්දට හිමි වන්නට මෙම පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සිදු කල සහ පක්ෂ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව දිරිගැන්වීමක් වි ඇත.
මව්බිමට ආදරය කරන අනාගත දූදරු පරපුරට නොබෙඳු රටක් උරුම කර දිය යුතු යයි අවධාරණය කර ඒ වෙනුවෙන් කටයුතු කරන සියලුම ලාංකික ජනතාව පක්ෂ, ජාති, ආගම් භේදයකින් තොරව තමන්ගේ ප්‍රතිචාරයන් දැක්වීමට මෙම අගෝ. 17 වනදාට එළිවෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටී. මහින්ද අගමැති කිරීමෙන් තොරව විදේශීය බලවේගයන්ගේ පුර්ණ අනුග්‍රහයෙන් සහ මෙහෙයවීමෙන්ද කොටි ඩයස්පෝරාවේ මුල්‍ය ආධාරයෙන්ද ජාතිකත්වයට සාප කරන දේශීය ප්‍රතිගාමීන් විසින් දියත් කල මෙම මහා ජාතිවාදී කුමන්ත්‍රණය පරාජය කල නොහැක.
මව්බිමෙන් බැහැරව රැකියාවන් සහ පදින්චිය සඳහා විදේශගත වූවන්ගෙන් සැදුම් ලත් මව්බිමට ආදරය කරන ජනතාව වත්මනෙහි ලංකා මාතාව මුහුණ පා ඇති ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා එකමුතු වි පිහිටුවා ගත් “ගෝලීය ශ්‍රී ලාංකික සංසදය” මේ දක්වා උපරිම කාර්යක්ෂමතාවයකින් සහ ඵලදායිතාවයකින් යුතුව මහින්ද අගමැති කරවා රට බෙදුම්වාදයෙන් බේරා ගැනීමට කටයුතු කල බවත් එ සඳහා දිවිහිමියෙන් ඉදිරියේදීද කැපවෙන බවත් සඳහන් කරන්නෙමු.
නිදහස් සන්ධානය දිනවා මහින්ද අගමැති කරවමු. මව්බිම බෙදුම්වාදයෙන් බේරා ගනිමු. මව්බිමට ජය වේවා!
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here