කීර්ති වර්ණකුලසූරිය
පුනරුත්ථාපනය කළ හිටපු කොටින්ට පවා දීමනාවක් ගෙවීමට රජයට සිදුවී ඇත.
මේ වසරේදී එලෙස පුනරුත්ථාපනය වූ කොටින්ට දීමනා ගෙවීමට රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබේ.
මෙලෙස පුනරුත්ථාපනය වූ එක් කොටියකුට රුපියල් දසදහසක මුදලක් ගෙවනු ලබයි.
මෙයට අමතරව එම හිටපු කොටින්ට පාපැදි ඇතුළු වෙනත් භාණ්ඩ ලබාදීම සඳහා රුපියල් මිලියන 35 ක් ද වැයකර ඇත.
රජයට අමතරව උතුරු පළාත් සභාව ද හිටිපු කොටින්ට දීමනාවක් ලබාදී තිබේ.