පොරොන්දු ඉටු කරනවා නම් බ්‍රිතාන්‍යයත් ලංකාවට සහාය දෙන්න සූදානම්

0
704

වසන්ත පිවිතුරු

 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සහ පශ්චාත් යුද සමයේ දී සිදුවු සිද්ධින් පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඔවුන් විවිධ අදහස් ලබාදී තිබු බව සඳහන්.

ශ්‍රී ලංකාවේ තවත් වරක් යුද්ධයක් ඇති නොවන ආකාරයෙන් වග බලාගත යුතු බවද මෙහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරික්ෂණ කණ්ඩායමක් පත්කරන බවට ශ්‍රී ලංකාව පොරොන්දු වූවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිසංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත් කියා සිටියා.

මේ අතර ඊයේ (21) දින අමෙරිකාව ද කියා සිටියේ ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වූ පරිදි කටයුතු කරන්නේ නම් ඊට තමන් ද සහාය දක්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here