පොලිස්‌ භටයන් 600ක්‌ ඝාතනය වූ රූපස්‌කුලම්හි ස්‌මාරකයක්‌ – පොලිසිය 28 වසරකට පසු අවදි වෙයි

0
1410

“අපරාධකරුවන් නීතියෙන් ගැලවුණත් දෙවියන්ගෙන් ගැලවෙන්නේ නෑ” – ප්‍රංශ ගත්කරු ඇලෙක්‌සැන්ඩර් ඩූමා

38 වැනි ජිනීවා මානවහිමිකම් සමුළුව ජුනි 18 (හෙට) ආරම්භවේ. මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ මෙයට අවු. 28 කට පෙර ශ්‍රී ලංකාවේ තිරුක්‌කෝවිල් ප්‍රදේශයේදී කොටි ත්‍රස්‌තවාදීන් විසින් සිදු කළ පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ යුද අපරාධයට අදාළ පැමිණිල්ල නිල වශයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇත. ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් යොමු කෙරෙන මෙම පැමිණිල්ලට අදාළව ඡායාරූප ගත සාක්‍ෂි ද ඉදිරිපත් කෙරේ. 1990 වසරේ සටන් විරාමයක්‌ පවතින අවස්‌ථාවේ කොටි සංවිධානය විසින් නැගෙනහිර පොලිස්‌ ස්‌ථානවල සිටි පොලිස්‌ භටයන් යටත් කර ඔවුන්ව පැහැරගෙන ගොස්‌ වධහිංසා සිදු කර සමූලඝාතනය කර ඇත. මෙම යුද අපරාධයේ පළමුවැනි වගඋත්තරකරු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ය. එහෙත් බ්‍රිතාන්‍ය රජය බාලසිංහම්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත මේ හැර මෙරට සිදුවූ යුද අපරාධ රැසකට බාලසිංහම්ගේ බිරිය වූ ඇඩේලා බාලසිංහම් ද සම්බන්ධ වුවත් වත්මන් බ්‍රිතාන්‍ය රජය ඇයට එරෙහිවද අද වනතුරු නීතිමය ක්‍රියාමාර්ග ගෙන නැත. එසේ වුවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා පැවැසුවේ මේ යුද අපරාධය වෙනුවෙන් යුක්‌තිය ඉටුවන තුරු සටන ගෙන යන බවයි.

1990 ජුනි 11 දා තිරුක්‌කෝවිල්හිදී සිදුවූ මේ බිහිසුණු අපරාධයේ සුලමුල අපි පසුගියදා හෙළි කළ තොරතුරු මත යළි මතුවී ඇත.

එසේම මෙම විශාල සමුල ඝාතනය ගැන ශ්‍රී ලංකා පොලිසියේ නිල වශයෙන් වාර්තාවක්‌ නොතිබුණි. එදා තිරුක්‌කෝවිල්හිදී පොලිස්‌ භටයන් ඝාතනයවීමේ සිද්ධියෙන් දින ගණනකට පසු සහකාර පොලිස්‌ අධිකාරි තිස්‌ස රවින්ද්‍ර රත්නායක, ඔහුගේ දෙවැනියා ලෙස ක්‍රියා කළ ලයනල් ගුණතිලක සහ රත්තම්පිටිය සහ සැරයන්වරයකු ලෙස කටයුතු කළ ජයසුන්දර ඇතුළු විශේෂ කාර්ය බලකායේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පාපැදිවල නැඟී සැතපුම් 14 ක්‌ දුර රූපස්‌කුලම් වනය වෙත පිටත්ව ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ සුළඟ සමඟ පැමිණි ගඳක්‌ ලයනල් ගුණතිලක මහතාට දැනෙන්නට විය. ඒ ගැන සොයා බැලීමේදී තම නිල ඇඳුම්වලින් ගැට ගසා වෙඩි තබා මරා වළ දමා තිබූ පොලිස්‌ නිලධාරීන් රැසකගේ සිරුරු දැකගත හැකි විය.

 

police4

“මෙම පොලිස්‌ භටයන් 600 ක පිරිස ඝාතනය කිරීමට පෙර කොටි කඳවුරක රඳවාගෙන සිටි බව අපට වාර්තා වුණා. එම තොරතුරු රොබට්‌ නමැති කොටි නායකයාගේ පෙම්වතියගෙන් අපට ලැබුණා. එසේම ප්‍රදේශයේ පියනමක්‌ ද එම තොරතුරු හෙළි කළා” යෑයි එදා රූපස්‌කුලම් වනයට ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්‌ කියා සිටියේය.

police1අපේ පොලිස්‌ භටයන් මුහුණපෑ අවාසනාවන්ත සිද්ධිය නිසා අපි භික්‍ෂූන් වහන්සේ නමක්‌ ගෙන්වා ආගමික වතාවත් සිදු කර ආචාර වෙඩිමුර කීපයක්‌ අහසට තබා මියගිය පොලිස්‌ භටයන්ට ගෞරවය දැක්‌වූවා” යෑයි එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.

“ඝාතනයට ලක්‌වූ පොලිස්‌ භටයන් සොයා රූපස්‌කුලම් වනයට රිංගු විශේෂ කාර්ය බළකා කණ්‌ඩායමට මුල් වූයේ එදා පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ තිස්‌ස රවින්ද්‍ර රත්නායකයි. ඔහු සැබෑ විරුවෙක්‌. ඕනෑම අවස්‌ථාවකට මුහුණ දීමට ඔහු ඉදිරියට ගියා. පසුව අරලගංවිල ප්‍රදේශයේ කොටු වී සිටි පොලිස්‌ භටයන් පිරිසක්‌ බේරා ගැනීමට ආධාරක කණ්‌ඩායමක්‌ රැගෙන යන අවස්‌ථාවේ ඔහු කොටි ප්‍රහාරයකින් මිය ගියා” යෑයි හෙතෙම හෙළි කළේය.

තිරුක්‌කෝවිල්හි පොලිස්‌ භටයන් ඝාතනය වීමේ සිද්ධියට නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති කරුණා සම්බන්ධ බව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ටාසි සෙනෙවිරත්න චෝදනා කළේය. ඒත් කරුණාගෙන් මේ අපරාධය ගැන මහින්ද රාජපක්‍ෂ රජය මෙන්ම මෛත්‍රිපාල සිරිසේන රජය ද ප්‍රශ්න කළේ නැත. ඒ වෙනුවට මූල්‍ය අපරාධ අංශය ඔහුගෙන් ප්‍රශ්න කළේ වෙඩි නොවදින ජීප් රථයක්‌ තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි. පොලිස්‌ භටයන් 600 ක්‌ අමානුෂික ලෙස ඝාතනය කිරීම ගැන උගත් පාඩම් කොමිසම හමුවේදී අනාවරණය වූ අතර විනයාගමූර්ති කරුණා ද එම කොමිසම හමුවේ කරුණු දක්‌වමින් එම සමූල ඝාතනය සිදු කළේ ටොෂී බුද්ධි සේවාවේ නායකයා වූ පොට්‌ටු අම්මාන් ශිවසංකරන් බව සඳහන් කළේය. එහෙත් කරුණා එම අපරාධයට සම්බන්ධ බව කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානියකු වූ බැංගලෝරයේ මහාචාර්ය පෝල් නිව්මන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමකදී සනාථ කළේය.

“ඒ අපරාධය සිදු කළේ කරුණා මිස වෙනත් අයකු නොවේ. ශ්‍රී ලංකා රජය ඔහු ගැන ක්‍රියා කළ යුතුයි. එහෙත් පසුගිය රජය ඔහුට ඇමැති ධුරයක්‌ දුන්නා” යෑයි පෝල් නිව්මන් හිටපු රජයේ බලධාරීන්ට චෝදනා කළේය. එසේම හිටපු පොලිස්‌ අධිකාරි ටාෂි සේනාරත්න පැවසුවේ කරුණා එම ඝාතනයට සම්බන්ධ බවට සාක්‍ෂි ඇති බවයි. 1987 ඔක්‌තෝබර් 8 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිමල් සිල්වා මඩකලපුවේදී බිම්බෝම්බ ප්‍රහාරයකට හසුවී මියගියා. ඔහු නැගෙනහිර සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ක්‍රියා කළා. රජය ඔහුට උසි වර්ගයේ ස්‌වයංක්‍රීය අවියක්‌ ලබාදී තිබූ අතර එම අවිය කරුණා විසින් භාවිත කළ බවත් හිටපු පොලිස්‌ අධිකාරිවරයා අනාවරණය කළේය. උසි යනු ඊශ්‍රායල් නිෂ්පාදිත අවියෙකි. එදා නැගෙනහිර පොලිස්‌ ස්‌ථාන මෙන්ම පොලිස්‌ නිලධාරීන්වත් බේරා ගැනීමට අවස්‌ථාවක්‌ තිබුණා. කොටින්ට ගුවන් ප්‍රහාර එල්ල කර හමුදා බලඇණි නැගෙනහිරට යෑව්වා නම් මෙවන් විපතක්‌ සිදුවන්නේ නැහැ. එහෙත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස පොලිස්‌ භටයන් ගලවා ගැනීමට හමුදා යෙදවීම වැළැක්‌වූවා යෑයි ටාසි සෙනෙවිරත්න මහතා සඳහන් කර ඇත. මෙලෙස තිරුක්‌කෝවිල් සමූල ඝාතනය සිද්ධිය මෙරට කිසිදු ආණ්‌ඩුවක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු නොකළේ දේශපාලන හේතූන් මත බව පැහැදිලි වේ. එහෙත් වසර 28 කට පසු ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එම පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලයට යොමු කර ඇත්තේ තිරුක්‌කෝවිල් සමූල ඝාතනය සිද්ධියේ චූදිතයන් බ්‍රිතාන්‍යයේ සිටි නිසාය.

එසේම ඇමරිකාව හා බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අවස්‌ථාවේ තිරුක්‌කෝවිල් සමූල ඝාතනය පමණක්‌ නොව කොටි සංවිධානය සිදු කළ බිහිසුණු අපරාධ 400 කට අධික සංඛ්‍යාවක තොරතුරු මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත්වී ඇත. මෙහි මුල් පියවර ලෙස එම අපරාධ ජාත්‍යන්තර ප්‍රජාවට අනාවරණය කරන ප්‍රදර්ශනයක්‌ ජුනි 28 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට ද එම සංසදය සැලසුම් කර ඇත. මේ අතර මානවහිමිකම් සමුළුවේ 38 වැනි සැසි වාරය ආරම්භ වීමට නුදුරුව තිබියදී උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ශ්‍රී ලංකා හමුදාව කැබැලි 9 කට කැඩිය යුතු යෑයි රජයට යෝජනා කරනු ලැබීය.

විග්නේශ්වරන්ගේ මේ න්‍යාය පත්‍රයා 13 වැනි සංශෝධනය උපක්‍රමශීලීව ක්‍රියාත්මක කිරීමකි. එහෙත් යහපාලන රජය අන්ධයන් සේ ක්‍රියා කරයි. ඔහු මෑතකදී පැවසුවේ වන්නියේ ද්‍රවිඩයන් උපක්‍රමශීලීව ඝාතන භූමියට ගෙනැත් ම්ලෙච්ඡ ලෙස ඝාතනය කර ඇති බවයි. මෙයට පෙර ශ්‍රී ලංකා පොලිසිය කැබැලි 9 කට වෙන් කළ යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් විය. ඉන්පසු පසුගියදා විග්නේශ්වරන් පැවසුවේ ජාතික ආරක්‍ෂාව යෑයි දක්‌වමින් උතුරේ කිසිදු ඉඩමක්‌ පවරා ගැනීමට තමා හමුදාවට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා උතුරු පළාත් සභාවේ අවසරය ලබා ගත යුතු බවත් ය. මේ පසුබිම මැද වඩමවාරච්චි මුහුදු කලාපය වෙත දකුණේ ධීවරයන් පැමිණීම වැළැක්‌වීමේ මෙහෙයුමක්‌ ද දියත් විය. මේ අතර මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත කොටි ඩයස්‌පෝරාවේ ඊළාම් සංවිධාන 31 ක්‌ ද පැමිණ ඇත. මේ සංවිධාන අතරින් ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරතී සහ ලාටර්නර් නමින් හඳුන්වා ගත් ඊළාම් සංවිධාන මෙහෙයවන්නේ මරියදාස්‌ බොස්‌කෝ ය.

police2මෙලෙස ඊළම් සංවිධාන සමග එක්‌වූ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව හෙවත් යුද අපරාධ ගැන විමර්ශනය කළ යුතුයෑයි කියන යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යන අවස්‌ථාවේ ඇෆ්ගනිස්‌ථානයේදී යුද අපරාධ සිදුකිරීම ගැන ඇමරිකාවට එරෙහිව පරීක්‍ෂණ ආරම්භ කරන බව ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකා පටාවූ බෙන්සුඩා ප්‍රකාශ කළාය. ඇමරිකාව සිදු කළ යුද අපරාධවලට ලිතුවේනියාව, රුමේනියාව සහ පෝලන්තය යන රටවල් සම්බන්ධ බවත් එම රටවල සී. අයි.ඒ. වධකඳවුරු ස්‌ථාපිත කර තිබූ බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය. ඇමරිකාවට සහාය වූ මේ රටවල් තුනම මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිවූ රටවල් ය. ශ්‍රී ලංකා රජය යුද අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු යෑයි කියන ඇමරිකාව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාග පිළිගන්නේ නැත. එසේම යුරෝපා සංගමය ද ඇමරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනාවලට සහය දක්‌වන්නේ නැත. මේ අතර තිරුක්‌කෝවිල්හිදී ඝාතනය වූ පොලිස්‌ නිලධාරීන්ගෙන් කොටසකගේ තොරතුරු අපට ලැබී ඇත. එලෙස ඝාතනය වූ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන්ගේ නාමලේඛන මෙසේය.

ඩබ්ලිව්. ජයසූරිය, එච්. එම්. සමරනායක, ජී. එම්. වංශපාල, එල්. සරත් එම්. සලිං. අයි එම්. ජබාර්, ඒ. චමින්ද පාලිත, එම්. එම්. අලි අක්‌බාර්, එම්. ඒ. නසාර්, එන්. රෝයි පෙරේරා, එස්‌ සමරතිලක, ජී. ජයතිස්‌ස, පී. රත්නසිරි, එච්. ධර්මසේන, එස්‌. ඒ. සිරිවර්ධන , කේ. එම්. විමලදාස, පී. කුලරත්න, එම්. කමල්සිරි, ඡේ. මෛත්‍රිපාල, යූ. එස්‌. සලීම්, එස. එච්. හවාෆීල්, එම්. ඒ. කරුණාරත්න, යූ. ජී. ධර්මසිරි, බී. එස්‌. ගුණතිලක, එල්. එම්. කරීම්, එච්. ජී. ප්‍රේමලාල්, කේ. පෙරේරා, එච්. ඒ. කුමාර සහ ඒ තාජුඩීන්. මෙලෙස මෙයට වසර 28 කට පෙර සිදුවූ තිරුක්‌කෝවිල් සංහාරය විශේෂයෙන් අනාවරණය කළේ ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂාංගයෙනි. එතෙක්‌ මෙරට කිසිදු ජාතික පුවත්පතක්‌ තිරුක්‌කෝවිල් සමූල ඝාතනය අනාවරණය කළේ නැත. අපේ හෙළිදරව්වෙන් පසු තිරුක්‌කෝවිල් සංහාරය සමයේ නොසිටි පාර්ශ්ව ලකුණු දමා ගැනීමට ද ඉදිරිපත් විය. එසේම ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවට ද තිරුකෝවිල් ඝාතනය සිහිපත් වූයේ මෙවරය. මේ මහා මිනිස්‌ සංහාරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමකදී මුලින්ම හෙළිදරව් කරමින් කොටි ඩයස්‌පෝරාවට චෝදනා කළේ හිටපු විශේෂ කාර්ය බලකා භටයකු වූ ජනිත් විමලය. ජනිත් විමල සහ අපි මේ සිද්ධිය අනාවරණය කරන තෙක්‌ මෙරට කිසිදු දේශපාලනඥයෙක්‌ තිරුක්‌කෝවිල් සංහාරය හෙළි කළේ නැත. මේ ම්ලේච්ඡ සංහාරයත් සමඟ යට ගිය අතීතය ද මතුවන අතර එහිදී කොටින්ට අවි ආයුධ ලබා දුන් දේශපාලකයන් ද හෙළි වේ. 1990 සටන් විරාම සමයේ කොටින්ට මුදල් සහිත පෙට්‌ටි ලබා දීමට ක්‍රියා කළේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ රජයයි. ඔහු විසින් කොටින්ට අවි ආයුධ පවා ලබාදීමට ක්‍රියා කළේය.

එසේම එම සමයේදී ප්‍රභාකරන්ගේ උපන් දිනය දා ඔහුට ඊශ්‍රායල් නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් නමැති පිස්‌තෝලයක්‌ ද රජය ලබා දුන්නේය.

එහෙත් නැගෙනහිර පොලිස්‌ ස්‌ථානවලට ප්‍රමාණවත් ලෙස අවි ආයුධ ලබාදීමට රජය ක්‍රියා නොකළේය. රජය කොටින්ට අවි ආයුධ සැපයීමට යෙදවූයේ ශ්‍රීලංකා හමුදාවේ ලුතිනන් වැදිගේ නමැත්තාය. ඔහු අවි ආයුධ ලබා දීමට හමුදා ට්‍රක්‌ රියෙන් නෙදුන්කර්නි වනයට අවස්‌ථාවේ එහි ආයුධ පෙට්‌ටියකින් ටී 56 ආයුධයක්‌ සොරාගෙන අනාගතයේදී මේ රහස හෙළි කිරීම සඳහා සඟවාගෙන ඇත. කොටින්ට අවි භාර දී එන ගමනේදී ලුතිනන් වැදිගේ අතුරුදන් විය. ඔහු මාස කීපයකට පසු ඉන්දියාවෙන් මතු විය. ඉන්දීය මාධ්‍ය ඇමතූ ලුතිනන් වරයා පැවසුවේ කොටින්ට අවි භාරදී ආපසු එන ගමනේදී තමාව කැලෑවේදී ඝාතනය කිරීමේ මෙහෙයුමක්‌ සැලසුම් වී තිබූ බවයි. තමාව කොළඹ ඉන්දීයා මහා කොමසාරිස්‌ කාර්යලයේ පිහිටෙන් ඉන්දියාවට යවනු ලැබුවේ හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත් මුදලි බව ලුතිනන්වරයා ප්‍රකාශ කර ඇත. පසුව කොටින්ට අවි සැපයූ ආකාරය කොබ්බෑකඩුව කොමිසම ඉදිරියේදී හෙළි විය. එම අවි විශේෂ කාර්ය බළකා කඳවුරකට ගෙන එනු ලැබූ බව හිටපු පොලිස්‌පතිවරයෙක්‌ද අනාවරණය කරනු ලැබීය.

මෙලෙස කොටින්ට 1990 දී මුදල් ලබාදුන් පුද්ගලයෙක්‌ අද යහපාලන රජයේ උපදේශකවරයකු ලෙස සේවය කරයි. මෙය සංහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරීන්ට එල්ල වූ සරදමකි. එම උපදේශකවරයා එදා කොටින්ට එරෙහිව සටන් කිරීම සඳහා යුද හමුදාවට අමතර ආරක්‍ෂක අයවැය ලබාදීම ද ප්‍රතික්‍ෂේප කර තිබුණි. එසේම බැඳුම්කර මගඩියට සම්බන්ධ විදේශිකයකු ද කොටින්ට අවශ්‍ය භාණ්‌ඩ සහිත කන්ටේනර් වන්නියට යෑවීම සඳහා අවසර දී තිබුණි. මේ අතර ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත නොකරන බව රජය ප්‍රකාශ කර ඇත. එහෙත් නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්‌ කේට්‌ ගිල්මෝර් ශ්‍රී ලංකා රජයට තර්ජනයක්‌ කරමින් ප්‍රකාශ කළේ විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කරනු නැත්නම් විශ්ව අධිකරණ යාන්ත්‍රණයට මුහුණ දෙනු යන්නයි. ඇගේ මෙම තර්ජනය ශ්‍රීලංකාවට බරපතළ අනතුරු ඇඟවීමකි. එහෙත් රජය ඊට ප්‍රතිචාර දක්‌වා නැත. මේ විශ්ව අධිකරණ යාන්ත්‍රණයට රටවල් 139 ක්‌ අත්සන් කර ඇත. එම යාන්ත්‍රණය යටතේ යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරියකු හෝ දේශපාලකයකු විදේශ රටකදී අත්අඩංගුවට ගැනීමට එම රටවලට හැකිවේ. මෑතකදී යුරෝපා සංගමය හා ජර්මනිය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ යුද අපරාධිත චෝදනා සඳහා විශ්ෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි. මේ අතර කොටි යුද අපරාධකරුවන් 200 කට අධික සංඛ්‍යාවකට දේශපාලන රැකවරණ ලබා දුන් කැනඩා රජය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාවලට මුල්වී ඇත. කැනඩා අගමැති ජස්‌ටින් ටෘඩෝ සමඟ දැඩි සබඳකම් පවත්වන කොටි හිතවාදී මන්ත්‍රීවරයකු වන ගැරී ආනන්ද සංගරී ප්‍රකාශ කර ඇත්තේ යුද අපරාධ චෝදනා එල්ල වූ අයවළුන් විදේශ රටකදී කොටු වන බවයි. මේ අනුව යුද අපරාධ චෝදනා විමර්ශනයට විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය ලබා දී ඇති කාල සීමාව 2019 මාර්තු මස අවසන් වේ. එහෙත් රජය පවසන්නේ 2019 මාර්තු මස මානව හිමිකම් සමුළුවට සහභාගි නොවන බවයි. එසේ නම් මානව හිමිකම් කොමසාරිස්‌ කුමන ක්‍රියාමාර්ගයක්‌ ගන්නේද ? එසේම මේ වසරේ අගෝස්‌තු මස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සිය ධුරය අතහැර යනු ඇත. එහෙත් ස්‌විස්‌ බැංකුවක ඩොලර් මිලියන 5 කට අධික මුදල් සම්බාරයක්‌ ඇති කොටි ඩයස්‌පෝරාව ශ්‍රි ලංකා හමුදාවට එරෙහිව ගෙන යන සටන නතර නොකරයි. මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලාංකිකයන් බාර දෙන පැමිණිලි ගැන නිසි ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම සම්බන්ධයෙන් රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සිය දැඩි විරෝධය දක්‌වා ඇත. බ්‍රිතාන්‍ය රාජ්‍ය නීතිඥ ජෙෆ්රි නයිස්‌ විසින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීරට ජිනීවා යෝජනාවට එකඟ වීම සඳහා බලයක්‌ නොමැති බව කළ පැමිණිල්ල ඇතුළු පැමිණිලි 3 ක්‌ ගැන මානව හිමිකම් කවුන්සිලය මෙතෙක්‌ විභාග කර නැත. මින් තහවුරු වන්නේ කොටි ඩයස්‌ පෝරාවේ බලපෑම එම කවුන්සිලයට යොමුවීමයි.

police3

විශේෂාංග

සංවේදී නිවේදකයෙක්‌ මැරයෙක්‌ කළ පිහි ඇනුමක්‌ 

Jun 17 2018 00:00Hits 279

සංවේදී නිවේදකයෙක්‌ මැරයෙක්‌ කළ පිහි ඇනුමක්‌මහේෂ් නිශ්ශංක රටම පිළිගත් ජනප්‍රිය මාධ්‍යවේදියෙකි. ඔහු රාජ්‍ය රූපවාහිනී නාලිකාවක මේ දිනවල විකාශනය වන එම නාලිකාවේ ජනප්‍රියම සංගීත වැඩසටහන රසික සිත් අමන්දානන්දයට පත්කරමින් මෙහෙයවයි.

කුඩු නිසා කුඩු වී ගිය තරුණ ජීවිතයක්‌ යළිත් ගොඩ ආ හැටි… 

Jun 17 2018 00:00Hits 79

කුඩු නිසා කුඩු වී ගිය තරුණ ජීවිතයක්‌ යළිත් ගොඩ ආ හැටි...දැන් සම්බන්ධ වෙලා ඉන්න වයසක මනුස්‌සයා හොඳටම සල්ලි වියදම් කරනවා. වයිෆ්ටත් ඕනෑ වෙලා තිබුණේ අධි සුඛෝපභෝගී ජීවිතයක්‌. එයාගේ විච්චූරණවලට හම්බකරන පඩිය මදි. වයිෆ්ගේ ගෙදර බර දරන්නෙත් වියපත් පෙම්වතා

ඉදිරි මාස තුන ඇතුළත විශාල නියගයක්‌ ඇති වෙනවා 

Jun 17 2018 00:00Hits 172

ඉදිරි මාස තුන ඇතුළත විශාල නියගයක්‌ ඇති වෙනවාඉන් ජනතාව සතාසීපාවුන් බෙහෙවින්ම පීඩාවට පත්වෙනවා. උෂ්ණත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අන්දමින් ඉහළ යැමක්‌ සිදුවෙනවා. ජූලි මාසයෙන් අනතුරුව අගෝස්‌තු මාසය ආරම්භයත් සම`ගින්ම මෙම නියං සමයේ ආරම්භය සනිටුහන් වනවා. එය දැඩි නිය`ගයක්‌ බවට පරිවර්තනය වනවා.

සාහිත්‍ය කලා ලෝකයේ පුරා දශක හතරක්‌ බැබළුණු සෝම තාරකාව නිවී යයි 

Jun 17 2018 00:00Hits 31

සාහිත්‍ය කලා ලෝකයේ පුරා දශක හතරක්‌ බැබළුණු සෝම තාරකාව නිවී යයිදශක හතරක්‌ මෙරට සාහිත්‍ය ලෝකය ඒකාලෝක කළ සෝම තාරකාව නිවී ගියේය. ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර මෙරට ගම්දනව් සිසාරා පතුරුවා ජන හදවත් නිවා ඔහු දැයෙන් සමුගත්තේය.

චේ අවසන් පැය කීපය ගත කළ ලාහිගුරා වෙත… 

Jun 17 2018 00:00Hits 50

චේ අවසන් පැය කීපය ගත කළ ලාහිගුරා වෙත... බොලිවියානු හමුදා භට කණ්‌ඩායම් වෙඩි තබද්දී චේ ගුවේරා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මුවා වූ ගල එහි දිස්‌ විය. අද එම ගල චේ ගුවේරා සිහිවීම සඳහා ඔහුගේ මුහුණ සහිත රතු තරුවක්‌ සිතුවම් කර ඇත. එම ස්‌ථානය හඳුන්වන්නේ…

කෞෂාල් ලොකුආරච්චි බුකී කාරයන් හඹා ආ හැටි 

Jun 17 2018 00:00Hits 107

කෞෂාල් ලොකුආරච්චි බුකී කාරයන් හඹා ආ හැටිමුදලට තරග පාවාදීමේ වැඩපිළිවෙළට එකතුවන ලෙස ආරාධනාවක්‌ කෞෂාල් ලොකුආරච්චිට ලැබිණ. ඔහු එය ප්‍රතික්‍ෂේප කරමින් ඩොලර් ලක්‍ෂයක්‌ ලබාගැනීමට තිබූ අවස්‌ථාවක්‌ නැතිකර ගත්තේය. එහෙත් පසුව මෙය හෙළි විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රූ රැජන තරගයට යන දොස්‌තර නෝනා 

Jun 17 2018 00:00Hits 100

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රූ රැජන තරගයට යන දොස්‌තර නෝනාඇඟ පෙන්වනවාට වඩා එහා දෙයක්‌ නිරූපණයේ තියෙනවා. නිරූපණය ඇත්තටම වෘත්තියක්‌. මම හිතන්නේ මේක හරියට අධ්‍යයනය නොකළ පිරිසක්‌ මේක ඇතුලේ ඉන්න හින්දයි ඔය ප්‍රශ්නය ඇතිවෙන්නේ. අපිට සමාජය හදන්න බැහැ.

මේව තමයි ජිල් ජිල් ජිල් ගීතයට නටපු විජිත මල්ලිකා 

Jun 17 2018 00:00Hits 50

මේව තමයි ජිල් ජිල් ජිල් ගීතයට නටපු විජිත මල්ලිකාහා…..හා…… පදවලට බොනිෆස්‌ විජිතාගේ අතින් අල්ලන්නට හදනවාත් සමඟම බෝට්‌ටුව අයිනේ සිටි විජිතා මුහුදට වැටුණි. මේ වනවිට ඇය ගැබිනියක්‌ව සිටියාය. රළ පාරේ වේගයට ඇය ගසාගෙන යයි. තම ආදරවන්තිය මුහුදේ ගසාගෙන යද්දි ආදරවන්තයා කෙසේ බලා සිටින්නාද?…

ජනපති අණින් යළිත් සිංහරාජයට ගාල්වූ අලි දෙන්නා 

Jun 17 2018 00:00Hits 40

ජනපති අණින් යළිත් සිංහරාජයට ගාල්වූ අලි දෙන්නාසිංහරාජ සිය ගණනින් පැවති අලි පරපුරේ මේ වනවිට ශේෂවී සිටින්නේ මේ හස්‌තීන් දෙදෙනා පමණක්‌ බවත් වයස 35-40 පමණ වන මේ අලි දෙදෙනා සිංහරාජ වනයට ආභරණයකි. සිංහරාජයේ ප්‍රෙෘඪත්වයට, ගාම්භීරත්වයට සාධකයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here