පොලිස්‌ භටයන් 600 ක්‌ මැරූ තිරුක්‌කෝවිල ඝාතන භූමිය 28 වසරකට පසු සොයා ගනියි

0
23260

police3මෙයට විසි අට වසරකට පෙර අතිබිහිසුණු මිනිස්‌ ඝාතනයක්‌ සිදු විය. මේ අමානුෂික සමූලඝාතනය දේශපාලකයන්ට මෙන්ම බොහෝ පාර්ශව වලට අමතක වී ඇත. අද අපි හෙළි කරන්නේ එම සිද්ධියයි. 1990 ජුනි 11 වැනිදා ලංකා පොලිස්‌ ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදුවිය. ඒ නැගෙනහිර පළාතේ සියලුම පොලිස්‌ ස්‌ථානවල නිලධාරීන්ට සහ භටයන්ට කොටි ත්‍රස්‌තවාදීන් හමුවේ යටත්වන ලෙස එවකට පොලිස්‌පතිව සිටි අර්නස්‌ට්‌ පෙරේරා නියෝග කිරීමයි. මේ නියෝගය ලැබුණේ එදා ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස ගෙනි.

මේ රාජෙද්‍රdaහී නියෝගය නිසා කල්මුනෙයි, කලවංචිකුඩි, සමන්තුරේ පොතුවිල් ඇතුළු පොලිස්‌ ස්‌ථාන රැසක පොලිස්‌ නිලධාරීනට අවි බිම තබා කොටි ත්‍රස්‌තයන් හමුවේ යටත් වීමට සිදු විය.

එහි ප්‍රතිඵලය වූයේ පොලිස්‌ නිලධාරීන් 600 කට අධික පිරිසක්‌ ම්ලේච්ඡ ලෙස ඝාතනය වීමයි. මේ ඝාතනය සිදුවන විට ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණි. එම සාම සාකච්ඡාවලට කොටි න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහම් හෙවත් ස්‌ටැනිස්‌ලාවුස්‌, කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගි සහ සන්නිවේදන විශේෂඥයකු වූ ජූඩ් ඇතුළු පිරිසක්‌ ද කොළඹ ගලධාරි හෝටලයේ අංක 429 සහ 430 කාමරවල ලැඟුම් ගෙන සිටියහ.

1990 ජූලි මුල් policeසතියේදී මේ සාකච්ඡාවල අරමුණ කුමක්‌ දැයි නිරීක්‍ෂණය කිරීමට අපි ඇන්ටන් බාලසිංහම් හමුවීමට ගලධාරි හෝටලයට ගියෙමු. කොළඹ වීරකේසරී පුවත්පතේ සේවය කළ ඇන්ටන් බාලසිංහම්ගේ කාමරයට යන විට ඔහු ටීචර්ස්‌ විස්‌කි පානය කරමින් ස්‌ටේට්‌ එක්‌ස්‌ප්‍රස්‌ සිගරැට්‌ටුවක්‌ අතේ තබා ගෙන සිටින අයුරු දැක ගැනීමට හැකි විය. එසේම කාමරය පැත්තක ගොඩ ගසා තිබුණේ පෙට්‌ටි රැසකි. මේ කාඩ්බෝඩ් පෙට්‌ටි කුමක්‌ දැයි අපට පසුව හෙළි විය. බාලසිංහම් සමඟ කළ සාකච්ඡාවේදී තහවුරු වූයේ කොටි සංවිධානය බොරු කරන බවයි.

මේ අතර 1990 ජුනි 11 වැනිදා පෙරවරු 8.05 ට පමණ කොටි ත්‍රස්‌තයන් මඩකලපුව පොලිස්‌ ස්‌ථානය වටලනු ලැබීය. දැඩි ලෙස සන්නද්ධ කොටි 200 කට අධික සංඛ්‍යාවක්‌ පොලිසිය වැටලීමට පෙර සිංහල පොලිස්‌ නිලධාරීන් රැසක්‌ සහ ඔවුන්ගේ පවුල්වල අයව ගුවන්තොටුපළ වෙත ට යවා තිබිණි. පොලිසියට කඩා වැදුණු කොටි වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති සහ එහි සිටි පොලිස්‌ භටයන් සිවුදෙනෙක්‌ අත්අඩංගුවට ගත්හ.

එසේම පොලිස්‌ සේප්පුවේ තිබූ රු. මිලියන 45 ක්‌ ද, රන් ආභරණ ද ටී 56 අවි 109 ක්‌ ද, ටී 84 අවි 77 ක්‌ ද, සැහැල්ලු මැෂින් තුවක්‌කු 29ක්‌ ද උණ්‌ඩ පුරවා වෙඩි තබන අවි 29ක්‌ ද, සබ් මැෂින් තුවක්‌කු අවි 65 ක්‌ද, 303 වර්ගයේ අවි 28 ක්‌ද, එස්‌. ඒ. ආර්. අවි 78 ක්‌ ද, පැහැරගත් කොටි දවල් 2.30ට පෙර නැගෙනහිර සියලුම පොලිස්‌ ස්‌ථානවලින් නොගියහොත් ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව නිවේදනය කළහ. මේ පසුබිම මැද පොලිස්‌ නිලධාරීන්ට යටත් වන ලෙස පොලිස්‌පති අර්නස්‌ට්‌ පෙරේරා නියෝග කළේය. එහෙත් එවකට කල්මුණේ පොලිස්‌ ස්‌ථානාධිපති ලෙස සේවය කළ අයිවන් බොතේජු පොලිස්‌පතිගේ නිවේදනය ප්‍රතික්‍ෂේප කරමින් පොලිසිය යටත් වුවහොත් ඝාතනය වනු ඇතැයි ඔහු කියා සිටියේය. නැගෙනහිර පොලිස්‌ ස්‌ථානය බේරා ගැනීමට ගුවන් සහය සහ කාලතුවක්‌කු සහය ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක්‌ කළත් කොළඹ ආරක්‍ෂක මූලස්‌ථානය සහ ආරක්‍ෂක ප්‍රධානීන් එම ඉල්ලීම ඉටු කළේ නැත.

def1

අයිවන් බොතේජුගේ මෙම ඉල්ලීම බීරිඅලීන්ට වීණා ගායනයක්‌ විය. තමා කොටින්ට එරෙහිව සටන් කරන බව ඔහු පැවසූ අතර පොලිස්‌පතිවරයා කීවේ වෙඩි තැබීම් නතර කර යටත් වන ලෙසයි. මේ අවස්‌ථාවේ විදේශ ඇමැති වූයේ ඒ. සී. එස්‌. හමීඩ් ය. ඔහු ඇන්ටන් බාලසිංහම් ඇමතූ විට පැවසුවේ බයවෙන්න දෙයක්‌ නැහැ සියලුම පොලිස්‌ භටයන් සතියකින් නිදහස්‌ කරයි. යනුවෙනි. එහෙත් ඒ වනවිට ප්‍රභාකරන් පොලිස්‌ භටයන්ගේ ඉරණම තීන්දු කර තිබිණි. දැත් බැඳ තිරුක්‌කෝවිල් මහ වනයට ගෙන යනු ලැබූ පොලිස්‌ භටයන් පේළි ගස්‌වා මැෂින් තුවක්‌කු ප්‍රහාර එල්ල කර මරා දැමීමට කොටි ක්‍රියා කළහ. මෙය පොලිස්‌ ඉතිහාසයේ ඛේදනීය දිනයයි. මේ ඝාතනය සිදුවීමට පෙර ජුනි 11 වැනිදා රාත්‍රි 7 ට පමණ කොටි කලවංචිකුඩි පොලිසිය වට කර තිබුණි.

කොළඹ බම්බලපිටියෙ පොලිසියේ සේවය කළ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ද කලවංචිකුඩි පොලිසියේ විය. ඔහු රාත්‍රියේ 7.05 ට පමණ මා අමතමින් පැවසුවේ කොටි පොලිසිය වටලා ඇති බවත්, ඔහුගේ කටහඬ ඉතා දුක්‌බර බව අපිට වැටහුණි. අපව කෙසේ හෝ බේරා ගන්නා ලෙස ඉහළ බලධාරීන්ට දන්වන ලෙස ද ඔහු ආයාචනා කළේය. ඒ සමඟම දුරකථන සම්බන්ධතා නතර විය. කලවංචිකුඩි පොලිසියට කඩා වැදී කොටි පොලිස්‌ පණිවුඩ හුවමාරුවට වෙඩි තබා විනාශ කරනු ලැබීය.

police1මෙලෙස එදා රජය නැගෙනහිර පොලිස්‌ නිලධාරීන් කොටි ත්‍රස්‌තයන්ට බිල්ලට දුන්නේය. මේ පොලිස්‌ භටයන් 600 සමූල ඝාතනය කිරීමේ සිද්ධියෙන් සතියකට පසු සංගමන්කන්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු වූ ජනෙත් විමල ප්‍රමුඛ භට පිරිසක්‌ නැගෙනහිර පිහිටි රූපස්‌කුලම් වනයට පිවිසියහ. එහිදී ඔවුන්ට දැක ගැනීමට හැකි වූයේ බිහිසුණු දර්ශනයකි. ඒ විශාල වළකින් උඩට මතුවී තිබූ මළ සිරුරු කීපයකි. එම මළසිරුරු ඉදිමී වළෙන් මතුවී තිබිණි. මේ වළේ ඇත්තේ පැහැර ගොස්‌ ඝාතනය කරනු ලැබූ පොලිස්‌ භටයන්ගේ මළ සිරුරු බව ජනෙත් විමල ඇතුළු භටයන්ට තහවුරු විය. අපි කිසි මෙහෙයුමකදී භටයන් මියගියාට හැඬුවේ නැහැ. එහෙත් මේ උඩට මතුවී තිබූ සිරුරු දුටු අපට හැඬුණා.

මේ සිරුරු ගැන අපි විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරියෙකුට දැන්වූ විට ඔහු විගස කඳවුරු වෙතට එන ලෙස නියෝග කළා. මළ සිරුරු අසල වැටී තිබූ දැවී නොගිය හැඳුනුම්පතක්‌ මා දුටුවා. එය උප පොලිස්‌ පරීක්‍ෂක ගමගේට අයත් වූවක්‌ යෑයි ජනෙත් විමල ඇඟ ලොමුදැහැගැන්වෙන එම බිහිසුණු දර්ශන හෙළි කරමින් කියා සිටියේය. අපි පසුව විශේෂ කාර්ය බළකා කඳවුරට පැමිණ මෙම මළ සිරුර ගැන උසස්‌ නිලධාරීන්ට දැනුම් දුන්නා. එහෙත් මළ සිරුරු හාරා ගෙන ඒමට පියවරක්‌ ගත්තේ නැහැ. දින කීපයකට පසු අපට තොරතුරක්‌ ලැබුණා. අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක්‌ ගෙන්වා සමූහ මිනීවල වසා තැබීමට පියවර ගෙන තිබුණා” යෑයි හෙතෙම වැඩිදුරටත් පළ කළේය. ජනෙත් විමලගේ මේ ප්‍රකාශයෙන් හෙළි වූයේ එදා රජය කොටි ඝාතනය කළ පොලිස්‌ භටයන්ගේ සිරුරු කොටස්‌ ගොඩ ගෙන ඔවුන්ගේ ඥතීන්ට භාරදීමට ක්‍රියා නොකිරීමයි. ඒ සමයේ ජනාධිපති වූයේ ආර්. ප්‍රේමදාසය රූපස්‌කුලම කැලෑවේ තිබී පොලිස්‌ භටයන්ගේ සිරුරු අපේ කණ්‌ඩායම සොයාගත් බව විශේෂ කාර්ය බළකාය කිසිවකු කිසිම දේශපාලකයකුට හෙළි කළේ නැති බවත්, එදා පැවැති අයහපත් වාතාවරණය නිසා එම සිද්ධිය හෙළිදරව් කිරීම අපේ ජීවිතවලට තර්ජනයක්‌ විය හැකි බවත් ජනෙත් විමල වැඩිදුරටත් සඳහන් කළේය. මෙලෙස කොටි ත්‍රස්‌තයන් විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කළ අවස්‌ථාවේ සාම සාකච්ඡා සඳහා පැමිණි කොටි ක්‍රියාකාරීන් කීපදෙනෙක්‌ ගලධාරී හෝටලයේ ලැඟුම් ගෙන සිටියේය. ඔවුන් අතර ජූඩ් කොටි සන්නිවේදන විශේෂඥයකු ද විය. විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවරණ මැද කළුතර හමුදා කඳවුරට ගෙන ගිය එම කොටි කණ්‌ඩායමට රත්මලාන ගුවන් තොටුපළෙන් පලාලි බලා යැමට පහසුකම් සලසනු ලැබීය.

මේ අතර ප්‍රභාකරන් විසින් ජූඩ් වෙත එවූ පණිවුඩයක්‌ හමුදාවට ශ්‍රවණය විය. එහි සඳහන් වූයේ කුමක්‌ සිදු වුවත් ලබා දුන් මුදල් නුඹ ගෙන ආ යුතු බවයි.

police4

මේ තත්ත්වය මැද ජූඩ් ඇතුළු කොටි කණ්‌ඩායම පලාලි වෙත ගියේ එදා රජය ලබා දුන් මුදල් සහිත පෙට්‌ටි රැගෙනය. ඒවන විට පොලිස්‌ භටයන්ගේ සමූල ඝාතනය පලාලි වෙත වාර්තා වී තිබුණි. ජූඩ් ඇතුළු කොටි කණ්‌ඩායම පලාලි ගුවන් තොටුපළින් ගොඩ බැස ඔවුන් රැගෙන ආ පෙට්‌ටි තොගය ධාවන පථයේ රඳවා තිබුණේ ඔවුන් ගෙන යැමට කොටි එනතුරුය. එහිදී කෝපයට පත් එක්‌ හමුදා භටයෙක්‌ එක්‌ පෙට්‌ටියකට වෙඩි තැබීමෙන් පියන ගැලවිණි. පෙට්‌ටියේ තිබුණේ රජය කොටින්ට පරිත්‍යාග කළ මුදල් ය. එහෙත් කොටින්ට මුදල් සැපයීමට ක්‍රියාකිරීමේ සිද්ධිය රජය වසන් කරනු ලැබීය. මෙවන් පසුබිමක්‌ මැද වසර 28කට පසු විශේෂ කාර්ය බළකායේ නිලධාරී ජනෙත් විමල ඊශ්‍රායලයේ සිට පැමිණ පොලිස්‌ භටයන් ඝාතනය කළ ස්‌ථානය වෙත යැමට විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ලතීෆ්ගෙන් කළ ඉල්ලීමට අවසර ලැබිණි.

පොලිස්‌ භටයන් මරා දැමූ සමයේ ජනෙත් විමල සේවය කළේ සංගමන්කන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේය. පොතුවිල් සිට සංගමන්කන්ද විශේෂ කාර්ය බළකා කඳවුරට ගිය ඔහු විශේෂ කාර්ය බළකා භටයන් 6 කු සහාය ලබා ගත්හ. සන්නද්ධව සිටි එම භටයන් සමඟ ජීප් රියෙන් ගමන් කළ ජනෙත් විමල කාංචනකුඩා වෙත පැමිණියේය. සංගමන්කන්ද සිට කාංචනාකුඩා වෙත කි. මී. 8 ක්‌ විය. එතැන් සිට පොලිස්‌ භටයන් ඝාතනය වූ ස්‌ථානයේ දුර කිලෝමීටර් 12 කි. තමා සංගමන් කඳවුරේ සිටි අවධියේ අඩු කුලයේ ගම්මානයක සිටි පිරිසකට කෝවිලක්‌ ඉදිකර දීම සඳහා මුල්ගල තැබීමට ක්‍රියා කළේය. රූපස්‌කුලම් කැලෑවේ කි. මී. 12 ක්‌ දුර දුෂ්කර ගමනකින් පසු පොලිස්‌ භටයන් සමූල ඝාතනයට ලක්‌වූ ස්‌ථානය සොයා ගැනීමට ඔහුට හැකි විය. එම ඝාතන භූමිය නිරීක්‍ෂණය කරන අවස්‌ථාවේදී පොලිස්‌ බූට්‌ සපත්තුවක කොටසක්‌ ද හමු විය. එය අපරාධය සිදුවූ ස්‌ථානය තහවුරු කිරීමකි. මේ ඝාතන භූමිය වසර 28 ක්‌ තිස්‌සේ නිරීක්‍ෂණය වූයේ නැහැ. ඒත් අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වැදිසිංහ මේ ප්‍රදේශයට පැමිණ පහන් දල්වා මියගිය පොලිස්‌ නිලධාරීන්ව සැමරුවා යෑයි ජනෙත් විමල අනාවරණය කළේය.

මෙහිදී ඔහු තවත් රහසක්‌ හෙළි කළේය. මඩකලපුවේ සිට පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ භටයන් ඒකරාශීකර කන්දකුඩිච්චිආරු කොටි කඳවුරට ගෙන ආවේ ඩේවිඩ් නමැති කොටි හමුදා නායකයායි. මොහු ලාහුගල ප්‍රදේශයට පැමිණියේ උතුරින් පොලිසියෙන් පැහැරගත් යතුරු පැදියෙනි. එහෙත් විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරක ඒකකයක්‌ පොලිස්‌ පරීක්‍ෂක අශෝක්‌ කුමාරගේ මෙහෙයවීමෙන් මග රැක සිට ඩේවිඩ් ට එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු මරුමුවට පත් වුණා යෑයි ජනෙත් විමල කියා සිටියේය.

මේ සමූල ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍ෂේත්‍රය තුළ නඩුවක්‌ ගොනු කිරීමට මා කටයුතු කරනවා. මේ වනවිට මියගිය පොලිස්‌ භටයන් 270 කගේ වගතුග මා සතුව තිබෙනවා යෑයි ඔහු සඳහන් කළේය. එදා මේ මිනිස්‌ ඝාතනය ගැන ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු කිසිදු රටක්‌ හඬ නැඟුවේ නැත. අපේ දේශපාලකයකු වූ රාජිත සේනාරත්න මහත්තයා යෑයි හඳුන්වන ප්‍රභාකරන්ට එරෙහිව යුද අපරාධ එල්ල වූයේ නැත.

මේ මහ අපරාධය ගැන රහස්‌ පොලිසිය කටයුතු කළේ මන්දගාමී ස්‌වභාවයෙනි. එසේම කොටි ත්‍රස්‌තවාදීන් හමුවේ පොලිසියට යටත්වන ලෙස නියෝග කළේ කවුදැයි පවා සෙවීමට ක්‍රියා කළේ නැත. ඒත් 2012 වසරේ මෙම සමූල ඝාතනය සිද්ධිය යළි මතු විය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 18 කගෙන් යුත් පිරිසක්‌ 2012 පෙබරවාරි 08 වැනිදා පොලිස්‌පති නලීන් ඉලංගකෝන් වෙත ලිපියක්‌ යවමින් එම සමූල ඝාතනය ගැන යළි විමර්ශනයක්‌ කරන ලෙස ඉල්ලීමක්‌ කළත් එම ඉල්ලීම ඉටු වූයේ නැත. මේ විශ්‍රාමික පොලිස්‌ කණ්‌ඩායම ඝාතනයට ලක්‌වූ පොලිස්‌ කණ්‌ඩායම වෙනුවෙන් රූපස්‌කුලම කැලෑවේ ස්‌මාරකයක්‌ ඉදිකරන ලෙස කළ ඉල්ලීම ද ඉටු වී නොමැත. මෙම ඉල්ලීම කළ පොලිස්‌ නිලධාරීන් අතර හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ඇන්ටන් ජෙයනාදන් ද විය. එසේම හිටපු විශ්‍රාමික පොලිස්‌ අධිකාරි ටාසිස්‌ සෙනෙවිරත්න ද සමූල ඝාතනය වූ පොලිස්‌ නිලධාරීන් වෙනුවෙන් යුක්‌තිය ඉටු කිරීමට ගත් සෑම උත්සාහයක්‌ ම ව්‍යර්ථ විය.

police2

අනතුරුව මැක්‌ස්‌වෙල් පරණගම කොමිසම හමුවට ද පොලිස්‌ භටයන් ඝාතනය වීමේ සිද්ධිය ඉදිරිපත් වූවත් අද වනතුරු යුක්‌තිය ඉටු වූයේ නැත. මේ අතර 1990 ජුනි 19 වැනිදා ලන්ඩන් ටයිම්ස්‌ පුවත්පතේ බ්‍රොaඩි ෙඩ්‍රාaජන් නමැති වාර්තාකරු අම්පාර නගරයට ගොස්‌ ඝාතනයෙන් දිවි ගලවා ගත් උප පොලිස්‌ පරීක්‍ෂක පියරත්න රණවීර හමුවී තොරතුරු විමසා ඇත. එසේම වෙඩි වැදී තුවාල ලබා දිවි ගලවාගත් ලතීෆ් නමැති පොලිස්‌ භටයා පැවසුවේ කොටි තරුණියන් සිනහවෙමින් අත්පුඩි ගසද්දී කොටි ත්‍රස්‌තයන් පොලිස්‌ භටයන්ට වෙඩි තැබූ බවයි. ලතීෆ්ට අමතරව තවත් පොලිස්‌ භටයන් 11 ක්‌ කොටින්ගෙන් බේරී ලාහුගලට පැන අවුත් ඇත.

මෙලෙස කොටි සංවිධානය පොලිස්‌ භටයන් 600 ක්‌ අත්අඩංගුවට ගන්නා විට අම්පාර සහකාර පොලිස්‌ අධිකාරි ලෙස කටයුතු කළේ එම්. නූර්දීන් ය. ඔහු වසර කීපයකට පසු පැමිණියේ ගුවන් සහය සහ කාලතුවක්‌කු සහය ලබාගැනීමට උත්සාහ කළත් එම උත්සාහයන් අසාර්ථක වූ බවත් ඒ වනවිට මඩකලපුවට පැමිණ සිටි අර්නස්‌ට්‌ පෙරේරා වෙඩි තැබීම නතර කරන ලෙස පොලිස්‌ ස්‌ථානවලට නියෝග කළ බවත් ය. මේ අතර තිරුක්‌කෝවිල්හි සිදු වූ මෙම සමූල ඝාතනය සම්බන්ධව කිසිදු ආණ්‌ඩුවක්‌ මෑතකදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි කළේ නැත.

එහෙත් 2017 ජූලි 15 වැනිදා ජනෙත් විමල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මේ යුද අපරාධය හෙළි කරද්දී කොටි හිතවාදියකු වූ පොල් නියුටන් එය පිළිගත්තේය. ඒ බිහිසුණු අපරාධයක්‌ කළේ විනයගමූර්ති කරුණාම් යෑයි පෝල්නියුමන් ප්‍රසිද්ධියේ කියා සිටියේය. කරුණා කොළඹදී හමුවූ අවස්‌ථාවේදී මා ඔහුට එම චෝදනාව එල්ල කළ විට පොලිස්‌ භටයන් සමූල ඝාතනය කළේ පොට්‌ටු අම්මාන් බවත් තමා එම සමයේ වන්නියේ සිටි බවත් පළ කළේය.

ඒ පිළිබඳව ජනෙත් විමල පැවසුවේ නැගෙනහිර කොටි හමුදා නායකයකු වූ සිවමූර්ති කනපතිපිල්ලේ හෙවත් නගුලන් පොලිස්‌ භටයන් මරා දැමීමට සම්බන්ධ බවයි. 2016 අප්‍රේල් 26 වැනිදා ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් නගුලන් අත්අඩංගුවට ගනු ලැබුවත් තිරුක්‌කෝවිල් ඝාතනය සම්බන්ධව ප්‍රශ්න කළේ නැත. එසේම මේ ම්ලේච්ඡ මිනිස්‌ සංහාරය ගැන අපේ විදේශ කටයුතු බලධාරීන් පවා කිසිදු මානව හිමිකම් කොමසාරිස්‌වරයකුට පැමිණිලි කිරීමට ක්‍රියා කර නොමැත.

මේ සංහාරය වසං කිරීමට ඉඩ දිය යුතු ද? වන්නිය ඝාතන භූමියක්‌ යෑයි පවසමින් චිත්‍රපටයක්‌ නිපද වූ බ්‍රිතාන්‍ය චැනල් ෆොa රූපවාහිනියේ කැලම් මැක්‌රේ තිරුක්‌කෝවිල් ඝාතන භූමිය ගැන නිහඬ වී ඇත.

 

police6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here