බ්‍රිගේඩියර්ගේ දරු පවුල බ්‍රිතාන්‍යයෙන් යෑවීම ප්‍රතික්‍ෂේප කරයි

0
1354

කීර්ති වර්ණකුලසූරිය

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ බිරිය සහ දරුවන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙස කොටි ඩයස්‌පෝරාව එරට විදේශ ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේෂ් සුරේන්ද්‍රන් නමැත්තා විසිනි.

බ්‍රිගේඩියර්වරයාගේ දරුවන් බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන නිසා ඔවුන් පිටුවහල් කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ බව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුවද ආරම්භ වී ඇති අතර එම සමුළුවේ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here