බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ට යුද අපරාධ චෝදනා – අගමැතිනි තෙරේසා මේ නිහඬවෙයි

0
417

ඉරාකයේදී බ්‍රිතාන්‍ය හමුදා යුද අපරාධ සිදුකළ බවට සාධාරණ තොරතුරු ඇති බව ජාත්‍යන්තර අධිකරණය මුල් වරට හෙළිකර ඇත.මෙම යුද අපරාධ තොරතුරු ජාත්‍යන්තර අධිකරණයට අයත් රටවල් දින නවයක්‌ තිස්‌සේ නිව්යෝර්ක්‌ නුවර පැවති වාර්ෂික සමුළුවේදී කළ සාකච්ඡාවකදී හෙළිවිය.

මෙයට පෙර බ්‍රිතාන්‍යය හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා 3500 කට අධික සංඛ්‍යාවක්‌ එල්ලවුවත් සාක්‌ෂි නැති බව දක්‌වමින් විමර්ශන කටයුතු නතර විය.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‌ෂිකා පාටවූ බෙන්සුබා පැවසුවේ බ්‍රිතාන්‍ය සෙබළුන් ඉරාකයේදී යුද අපරාධ සිදුකළ බවට විශ්වාස කළ හැකි බවයි.

ඇය තවදුරටත් පැවසුවේ ලැබී ඇති තොරතුරු මත ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවරුන්ගේ අවසරය මත පූර්ණ පරීක්‌ෂණයක්‌ කරන බවයි.

එහෙත් ටෝරි මන්ත්‍රී ජොනි මර්කර් පැවසුවේ ජාත්‍යන්තර අධිකරණය පැමිණිලි මත නිසි විමර්ශනයක්‌ කර නැති බවයි.

ukබ්‍රිතාන්‍යයට එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යය රජය පැවසුවේ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යය විමර්ශනය කරන බවත් ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ අවශ්‍ය නැති බවයි.

මෙම යුද අපරාධ චෝදනා එල්ලවූයේ 2003 මාර්තු සිට 2008 දෙසැම්බර් දක්‌වා කාලය තුළ ඉරාක ජාතිකයන් 1071 කට වධ හිංසා පමුණුවා ඇති බවට මානව හිමිකම් සංවිධාන හෙළිකිරීම නිසාය. මේ හැර රැඳවුම්භාරයේ සිටි 52 ක්‌ මරාදමා ඇති බවට ද චෝදනා එල්ල විය.

මේ අතර ජාත්‍යන්තර අධිකරණයේ පිටු 74 ක විමර්ශන වාර්තාවෙන් බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේදී යුද අපරාධ සිදුකළ බවට ප්‍රකාශ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here