මහාවීරර් නාල් හෙවත් කොටි ඝාතකයන් සැමරීම

0
417

arakasa700

* රුපියල් හාරලක්‌ෂයක්‌ වැයකර කිළිනොච්චි කොටි සුසානභූමිවලට විදුලි පහන්

* කොටි සමරුවට බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාවෙන් අරමුදල්

* ප්‍රභාකරන්ගේ සමයේ මෙන් කොටි තොරන් ඉදිවෙයි

* සිංහල විශ්වවිද්‍යාල සිසුන්ට තර්ජන

* යාපනය විශ්වවිද්‍යාලය කොටි ගුහාවක්‌

* බ්‍රිතාන්‍යයේ කොටි මුද්දර නිකුත් වෙයි

keeහිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ අත්අඩංගුවට නොගැනීම ගැන නෝර්වේ ඇතුළු බටහිර රටවල්වල ඩොලර් මත යෑපෙන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දැඩි කනස්‌සල්ලේ පසුවේ. කොටි ඝාතක කණ්‌ඩායම පරාජය කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියකු වූ හිටපු ආරක්‌ෂක ලේකම් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවට වාර්තාවීමත් සමඟම ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු නාහිමිවරු කිහිප දෙනෙක්‌ ජනාධිපතිවරයා හමුවී ඔවුට එරෙහිව දූෂණ චෝදනා තිබේ නම් නඩු පවරන ලෙසත් එසේ නැතිව අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඉල්ලා ඇත.

ඒ වන විට මේ සිද්ධිය කොටි ඩයස්‌පෝරාව වෙත පැතිර ගියේය. යුද අපරාධ රැසකට සම්බන්ධ කොටි ඩයස්‌පෝරාව බලාසිටියේ එම අවස්‌ථාව එළඹෙනතුරුය. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට රජය සැලසුම්කරන බවට ප්‍රචාරය දියත්වෙද්දී වඩාත් සතුටට පත්වූයේ කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙයවන කොටින්ය.

මේ වන විට නව කොටි නායකයා යෑයි හඳුන්වන සේකරපිල්ලේ විනයාගමූර්ති හෙවත් විනයාකම්ගේ නම ද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අහෝසි වී තිබුණි. 2016 වසරේ නොවැම්බර් 24 දා පොලිසිය විසින් විනයාකම් අල්ලා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්ගෙන් වරෙන්තුවක්‌ ලබාගත්තේය. එම වරෙන්තුව මත ඉන්ටර්පෝල් පොලිසිය විනයාකම්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්කරනු ලැබිණි. 2009 පෙබරවාරි 4 දා චලෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා හමුදාව සමඟ ඇතිවූ සටනකින් විනයාකම් මරුමුවට පත්වූ බව පැවසුවත් ඔහුගේ සිරුර හමුවූයේ නැත. එහෙත් කොටි හැඳුනුම්පත හමුවිය.

විනයාකම් පිළිබඳව පසුව වාර්තා වූයේ ඔහු යුරෝපයේ සිටින බවයි. යුරෝපයේ සිට ප්‍රකාශයක්‌ කළ විනයාකම් තමා කොටි බුද්ධි සේවා ප්‍රධානි පොට්‌ටුඅම්මාන් විසින් යුරෝපයට එවූ බව කියා සිටියේය.

විනයාකම් යනු කොටි බුද්ධි සේවාවේ ප්‍රධානියකු බව ද තවදුරටත් මෙරට බුද්ධි අංශ ලත් තොරතුරුවලින් හෙළිවිය.

මේ කොටි බුද්ධි සේවා ක්‍රියාකාරීන් සහ මෙරට කොටි ජාත්‍යන්තර ජාලයේ 2 වැනියා වූ අයියන්නා අත්අඩංගුවට ගැනීමට ද ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තුව ප්‍රකාශයට පත්කර තිබුණි. එහෙත් අයියන්නා මෙන්ම විනයාකම් ද අල්ලාගැනීමට ඉන්ටර්පෝල් ආයතනයට හැකිවූයේ නැත.

පැරිස්‌ නුවර පිහිටි ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය කොටි නැව් ජාලයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකළ කනගරාජා රවිශංකර් අල්ලාගැනීමට ද ඉන්ටර්පෝල් වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්කර තිබුණි. අවි ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වූ රවිශංකර්ට වවුනියා අධිකරණය වසර 30 ක සිරදඬුවමක්‌ නියම කර තිබුණි. කැනඩාවේ සියා නැව් සමාගමේ අධ්‍යක්‌ෂවරයකු ලෙස ක්‍රියාකරන රවිශංකර් ශ්‍රී ලංකාවට බාරදීමට කැනඩාවේ අගමැති ජස්‌ටින් ටෘඩෝ රජය ක්‍රියාකළේ නැත.

ඊට ප්‍රධාන හේතුව නම් කොටි හිතවාදී ගැරි ආනන්දශංකර් අද කැනඩාවේ මන්ත්‍රීවරයකු වීම හා අගමැතිගේ සහචරයකු වීමයි.

කැනඩා රජය මෙම කොටි ත්‍රස්‌තවාදියාට එරට පුරවැසිබව ලබාදීමට ක්‍රියාකර ඇත.

විනයාකම්, මෙන්ම රවිශංකර් කනගරාජා ද ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මේ තත්ත්වය රටේ ජනතාව නොදනී. 1998 කොටුවේ මහ බැංකු බෝම්බය සඳහා පුපුරණ ද්‍රව්‍ය සපයා ඇත්තේ විනයාකම් බව විමර්ශන වලින් හෙළිවිය. කටුනායක ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කිරීම සඳහාත් විනයාකම් සම්බන්ධ වූ බව අනාවරණය විය.

විනයාකම් තවත් කපටුකමක්‌ ද කළේය. චලෙයි ප්‍රදේශයෙදී මියගියේ විනයාකම් බවට ද ඔහු ප්‍රචාරය කරනු ලැබීය. එහෙත් චලෙයි ප්‍රදේශයේදී මරුමුවට පත්වූයේ තංගවේලු විනයාකම් හෙවත් මයික්‌පෝ නමැති මුහුදු කොටි ප්‍රධානියෙකි.

2014 වසරේදී ශ්‍රී ලංකා රජය සැබෑ විනයාකම් ඇතුළු කොටි ක්‍රියාකාරීන් 40 ක්‌ විදේශ ත්‍රස්‌ත ලැයිස්‌තුවට ඇතුළු කරනු ලැබීය. ඔහු සහ කණ්‌ඩායම 2012 දී ප්‍රංශයේදී නෙදියවන් කණ්‌ඩායමට සම්බන්ධ පාරති සහ රිගන් යන කොටි දෙදෙනාව ඝාතනය කළ බවට වාර්තා විය. කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ නෙදියවන් අද නෝර්වේහි ඔපලෝ නුවර සිට ක්‍රියාත්මක වේ. නෝර්වේ පොලිසිය නෙදියවන්ගෙන් ප්‍රශ්න කර ඇතත් ඔහුව ශ්‍රී ලංකාවට භාරදීමට ක්‍රියාකළේ නැත.

සී. පී. සිවරාම් හෙවත් කාරකි නමැති කොටි හිතවාදියා මෙහෙයවූ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය දැන් මෙහෙයවන්නේ නෙදියවන්ය. එහෙත් මේ කිසිදු කොටි ජාත්‍යන්තර නායකයකු ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ. ඔවුන්ගේ රතු වරෙන්තු ඉන්ටර්පෝල් පොලිසිය ඉවත්කර ඇත. මෙලෙස කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධවූවන්ගේ නම් ඉන්ටර්පෝල් පොලිසිය හිටිහැටියේ ඉවත් කළේ මන්ද යෑයි ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා පොලිසිය තීන්දු ප්‍රකාශයක්‌ කර නැත.

එසේ වුවත් ඉරිදා දිවයින ජාත්‍යන්තර පොලිසිය වෙත විද්Hqත් ලිපියක්‌ මඟින් විමසූ විට අප වෙත ප්‍රතිචාර දක්‌වමින් පැවසුවේ රතු වරෙන්තු නිකුත් වූ අපරාධකරුවන් මියයැම හෝ ශ්‍රී ලංකා රජය එම නම් ඉවත්කරන ලෙස ඉල්ලා තිබීම යන කරුණු මත ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් නම් ඉවත්කරන බවයි.

නෙදියවන් හා විනයාකම් මියගොස්‌ නැත. එසේ නම් සිදුවී ඇත්තේ නම් ඉවත් කිරීම නොවේද?

මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාවේ සහෝදරිය ලෙස ප්‍රකාශයට පත්වී ඇති හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා ශ්‍රී ලංකාවේ ප්‍රධාන හමුදා නායකයන් රැසක්‌ යුද අපරාධකරුවන් බවට නම් කරමින් ඔවුන්ට විදේශ රටවලට පැමිණියහොත් විශ්ව සම්මුතිය මත අත්අඩංගුවට ගන්නා ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත බලපෑම් කර ඇත.

1996 දී ඇය මානව හිමිකම් පදනම නමින් සංවිධානයක්‌ ස්‌ථාපිත කර දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පිළිවෙත ගැන විමර්ශන කරනු ලැබීය. ඉන්පසු ඇය ඉන්ටර්නැෂනල් ටෘත් ඇන්ඩ් ජස්‌ටිස්‌ ප්‍රොජෙක්‌ට්‌ නමින් සංවිධානයක්‌ බිහිකර ශ්‍රී ලංකාවට එරෙහිව සෑම මසකම සාවද්‍ය වාර්තා කෙටුම්පත් කරයි. මේ සංවිධානයට අරමුදල් සපයන්නේ යුරෝපා සංගමයයි.

යුරෝපා සංගමයේ නියෝජිත කණ්‌ඩායම් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇගේ උපදෙස්‌ මතය.

එසේම බ්‍රිතාන්‍යයේ සිට දියත්වන ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්‌තිය උදෙසා ව්‍යාපාරය නමැති සංවිධානයේ උපදේශිකාවක්‌ ලෙස ද ඇය ක්‍රියාකරයි. මේ සංවිධානයේ අනිකුත් ක්‍රියාකාරීන් කවුද? ඒ කොටි සබඳතා නිසා සිරදඬුවම් නියම වූ ඡේ. එස්‌. තිස්‌සනායගම්, චැනල් ෙµda අධ්‍යක්‌ෂ කැලම් මැක්‌රේ කොටි බෝම්බකාරියක්‌ ගැන චිත්‍රපටයක්‌ නිපදවූ බියටේ ආන්ස්‌ටඩ්, නැටලි සමරසිංහ ඇතුළු පිරිසකි.

මේ අතර ද්‍රවිH සන්ධාන මන්ත්‍රී එස්‌ ශ්‍රීධරන් කොටි ඩයස්‌පෝරාව උතුරට ගෙනඒමේ සැලසුමක්‌ දියත් කර ඇත.

මෙම කොටි ඩයස්‌පෝරාව යනු විදේශ පුරවැසියන්වේ. ශ්‍රී ධරන් දියත් කිරීමට උත්සාහ දරන මෙම සැලසුමේ පසුබිම කුමක්‌ද යෑයි රජය අවබෝධ කරගත යුතුය.

උතුරට ෙµඩරල් පාලනයක්‌ ලබාගන්නා ගමන් ස්‌වයංපාලනයේ ඉතිරි කටයුතු ඩයස්‌පෝරාව ලවා ක්‍රියාත්මක කිරීම ඔහුගේ අරමුණ වී ඇත. එසේම උතුරට බලය විමධ්‍යගත කිරීමක්‌ සිදුනොවී තිබියදී උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් උතුරේ සියලු ධීවර කටයුතු පාලනය පළාත් සභාවට පවරාගන්නා ලෙස උපදෙස්‌ දී තිබේ. මේ අතර ඉතා සැලසුම් සහගත ලෙස උතුරේ කොටි මිනීමරුවන් සැමරීමේ උත්සවවලට මන්නාරම් කතෝලික පූජකවරු ද පැමිණ සිටියහ. වඩමාරච්චි කොටි සුසාන භූමියේ කොටි ගුවන් බළකායේ ප්‍රධානියාව සිටි ශංකර් තමිල්සෙල්වම්, ඇන්ටන් බාලසිංහම් සහ මාලති ඇතුළු කොටින්ගේ ඡායාරූප ඇතුළත් තොරණක්‌ ද ඉදිකර තිබුණි. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සහ මුස්‌ලිම් සිසුන්ට ප්‍රභාකරන්ගේ උපන්දිනයදා බලහත්කාරයෙන් කේක්‌ කැපීමට ද උත්සාහ දරා ඇත.

එසේම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්, පීඨාධිපතිවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයන් සැමරීමට එක්‌වී තිබේ. මේ පීඨාධිපතිවරුන්ට හා ආචාර්යවරුන්ට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකා රජයෙනි. උතුරේ කොටි හිතවාදී පුවත්පත් පවා කොටි මිනීමරුවන් සැමරීමට මුල්තැන දී තිබුණි.

එසේම වැල්වැටිතුරේ නගරයේදී ඊළම් ධජය පවා ඔසවා තිබූ අතර පේදුරුතුඩුවේදී ශබ්දවිකාශන යන්ත්‍රයක්‌ සහිත ත්‍රිරෝද රථයකින් කොටි මහවිරු සමරුවට සහභාගිවන ලෙස ජනතාවට ඇරයුම් කිරීමේ නිවේදන ද ප්‍රකාශයට පත්විය.

පොලිසිය ත්‍රිරෝද රථයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන පසුව නිදහස්‌ කරනු ලැබීය. එසේම යාපනය විශ්වවිද්‍යාලය කොටි ගුහාවක්‌ බවට පත්වී තිබුණි. මිනීමැරූ ප්‍රභාකරන්ගේ ඡායාරූප විශ්වවිද්‍යාලයේ සෑම ගොඩනැඟිල්ලකම අලවා තිබූ අතර පාලනාධිකාරිය ඊට එරෙහිව පියවර ගත්තේ නැත.

මෙහි අලවා තිබූ ප්‍රභාකරන්ගේ ඡායාරූප රජය සපයා තිබූ පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර වලින් ලබාගත් ඒවායි. මේ හැර විශ්වවිද්‍යාල සිසුන් තමිල් ඊළාම් සිතියම පිළිබිඹු කෙරෙන කේක්‌ ගෙඩියක්‌ නිර්මාණය කර එය කපා කයිලායසන් ශාලාවේ සිටි සිසුන් අතර බෙදාහැර ඇත.

මෙයට සමගාමීව ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් වැල්වැටිතුරේහි පිහිටි ප්‍රභාකරන්ගේ පැරැණි නිවස ඉදිරියේ කේක්‌ ගෙඩියක්‌ කපා බිහිසුණු ඝාතකයාගේ උපන් දිනය සැමරීමට ද ක්‍රියා කළේය.

උතුරේ කොටි හිතවාදීහු වඩමාරච්චි කොටි සුසානභූමිය ඉදිරියේ විශාල තොරණක්‌ ද ඉදිකර සුසානභූමිය වටා ගොස්‌ එල්ලා තිබුණි.

ඉන් සනාථ කළේ කොටි පාලන සමයේ මහවිරු උත්සව සැමරූ අයුරින් මෙවර ද එම ක්‍රියාදාමය අනුගමනය කළ බවයි.

යහපාලනය සහ සංහිඳියාවට මුවාවී කොටි හිතවාදීහු උතුරේ කොටි ගැටුම් යළි අරඹද්දී ආරක්‌ෂක හමුදාවට සිදුවූයේ බලා සිටීමටය.

සිවිල් වැසියන් මෙන්ම ආරක්‌ෂක හමුදා භටයන් ද දේශපාලනඥයන් ද ඝාතනය කළ කොටි මිනීමරුවන් හෙවත් ත්‍රස්‌තවාදීන් සැමරීමට මෙලෙස ඉඩ ලැබීමෙන් උතුරේදී ඉදිරි කාලය තුළ සිදුවිය හැකි ක්‍රියාදාමයන් ගැන අනතුරුදායක තත්ත්වයක්‌ මතුවී ඇත.

රජයේ මුදලින් යාපනය විශ්වවිද්‍යාලය නඩත්තු වෙද්දී එහි සිසුන්ට කොටි මිනීමරුවන් සැමරීමට ඉඩක්‌ ලැබුණේ කෙසේද?

මෙම සිසුන් ප්‍රභාකරන් සැමරීමේ ස්‌මාරකගේ ඊළම් සිතියමේ අනුරුව ද සකස්‌ කර තිබුණි.

මෙය ශ්‍රී ලංකාවේ රජයට හා ආරක්‌ෂක හමුදාව ප්‍රසිද්ධියේ එල්ල කළ අභියෝගයකි.

මහාවීරර් නාල් හෙවත් මියගිය කොටි මිනීමරුවන් සැමරීම මෙවර සිදුවූයේ මහා පරිමාණයෙනි. එය තවදුරටත් සනාථ වූයේ යාපනයේදී බොරු උපවාසයක්‌ පවත්වා මියගිය තිලිපන් නමැති කොටි ත්‍රස්‌තයා ජීවත්ව සිටින සමයේ ඉදිකළ කිළිනොච්චි කොටි අපරාධකරුවන්ගේ සොහොන් බිමේ පාලකයා වූයේ තියාගු නමැත්තා යළි එම සොහොන් බිමේ පාලකයා ලෙස ක්‍රියාකිරීමයි.

කොටින්ගේ කේන්ද්‍රස්‌ථානය ලෙස හැඳින්වූ කිළිනොච්චියේ තෙරුවිල් සහ කනගපුරම් යන ස්‌ථානවල මියගිය කොටි සොහොන්කොත් 5000 ක්‌ පවරා තිබූ අතර එම සොහොන්කොත් යළි ස්‌ථාපිත කිරීමට කොටි හිතවාදීන් විස්‌සකගෙන් යුත් කණ්‌ඩායමක්‌ යොදවා තිබුණි.

මෙලෙස උතුරේ මියගිය කොටි සැමරීම තුළින් කොටි හිතවාදීන් ශ්‍රී ලංකා රජයට කියා සිටියේ නුඹලා කුමන තහනමක්‌ ප්‍රකාශයට පත්කළත් අපි මියගිය කොටි සැමරීම නතර නොකරන බවයි.

මෙහිදී ද්‍රවිඩ සන්ධානයේ ප්‍රතිචාරය ද පැහැදිලි විය. තමිල් අරසු කච්චි පක්‌ෂයේ නායක මාවයි සේනාධිරාජා උතුරේදී පැවසුවේ මහාවිරුවන් (කොටි ත්‍රස්‌තයන්) සැමරීමට ශුද්ධවූ මාසයේදී ක්‍රියාකළ යුතු බවයි. මාවයි නොවැම්බර් මාසය ශුද්ධවූ මාසය ලෙස හඳුන්වන්නේ කොටි අපරාධකරුවන් සාන්තුවරයන් යෑයි සිතාද? මේ සොහොන් බිම්වල මිහිදන් කරන ලද්දේ බිහිසුණු මිනීමරුවන් මිස අහිංසකයන් නොවේ.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන සහ යාපනය විශ්විද්‍යාල සිසුන් මෙන් උතුරේ පාර්ශ්ව කොටි විසින් ඝාතනය කළ සිවිල් ජනතාව සැමරීමට ක්‍රියා නොකළේ මන්ද?

එසේම උතුරේ කොටි සැමරුම් උත්සව වලදී කොටින්ගේ නිල පුෂ්පය ප්‍රදර්ශනය කරනු ලැබීය.

මෙම මහාවීරර් නාල් හෙවත් කොටි සැමරුම අරම්භ වූයේ කොටි ගුවන් බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ශංකර් නමැත්තා 1987 නොවැම්බර් 27 දා ආරක්‌ෂක හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වීම සිහිපත් කිරීම සඳහායි.

ශංකර්ගේ සිරුර මිහිදන් කළ බව කියන කිළිනොච්චියේ රජය සතු අක්‌කර 15 ක්‌ කොටි මහවිරු සුසානභූමිය ලෙස ද ප්‍රකාශයට පත්විය. 2008 වසරේදී හමුදාව මෙම සොහොන් බිම ඇතුළත් ප්‍රදේශය විනාශ කරනු ලැබීය.

එහෙත් 2015 දී වත්මන් යහපාලන රජය බලයට පත්වීමත් සමඟම කොටි සොහොන් බිම් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් විය.

එහි ප්‍රතිඵලය වූයේ කොටි හිතවාදීන් සොහොන් බිමට ඇතුළු වී කැඩීබිඳීගොස්‌ තිබූ සොහොන් කොත් කැරලි ඒකරාශී කර තනි සොහොන් කොතක්‌ ස්‌ථාපිත කිරීමට ක්‍රියාකිරීමයි.

මෙලෙස මහා වීරර් නාල් හෙවත් මියගිය කොටින්ට යළි ජීවය දීම සඳහා කොටි හිතවාදීන් උතුරේ දියත් කළ කොටි සැමරීමේ අරමුණ කුමක්‌ද යෑයි යාපනයෙන්ම අනාවරණය වී ඇත. මේ කොටි සොහොන් බිම් සහ මියගිය මහාවිරුවන් අපේ ද්‍රවිඩ ඉතිහාසයේ කොටසක්‌ යෑයි කොටි හිතවාදියකු ද්‍රවිඩ මාධ්‍ය අමතා පවසා තිබේ. එසේම කිළිනොච්චි කොටි සුසානභූමිය ප්‍රභාකරන්ගේ සමයේ විදුලියෙන් ආලෝක කර තිබුණි.

එම තත්ත්වය යළි මතුවී ඇති කිළිනොච්චියේ ව්‍යාපාරිකයකු රුපියල් ලක්‌ෂ හතරක්‌ වටිනා සෝලාර් විදුලි පහන් කිළිනොච්චි කොටි සොහොන් බිමට ලබාදී තිබේ.

මෙයට අමතරව ඇතැම් ව්‍යාපාරික පාර්ශ්ව සොහොන් බිම් සුද්ධ පවිත්‍ර කිරීමට බුල්ඩෝසර්, ට්‍රැක්‌ටර් හා කැටපිලර් යන්ත්‍ර පවා ලබාදී ඇත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් කිළිනොච්චි කොටි සොහොන්බිම ආලෝකමත් කිරීමට හිරු කිරණ වලින් ක්‍රියාත්මක වන විදුලි පහන් ලබාදෙද්දී රජය බලාසිටීමය.

මෙවර උතුරේ කොටි මිනීමරුවන් සැමරීම ඉතා සැලසුම් සහගත මෙහෙයුමක්‌ මත දියත් විය.

කෝපායි ප්‍රදේශයේ විදුලි කනුවල එල්ලා තිබූ ඊළම් කොඩි යුද හමුදා සෙබලුන් ඉවත් කරද්දී එම සෙබලුන්ව ඡායාරූපගත කිරීමට කොටි හිතවාදී මාධ්‍ය කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණි. මේ අයුරින් කොටි ත්‍රස්‌තයන් සැමරීමට උතුරේ කොටි හිතවාදීන්ට හැකිවූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට එල්ල කළ දැඩි බලපෑම් නිසා බව ද්‍රවිඩ ආරංචි මාර්ග හෙළිකළේය.

මේ පසුබිම මැද හෙළිවූයේ 2017 කොටි සැමරුම මහා පරිමාණයෙන් සිදුවූ බවයි. මෙය ඉදිරියේ භයානක අනතුරක පෙර නිමිත්ත ඒ බව තහවුරුවන්නේ කොටි වෙබ් අඩවියක්‌ කළ ප්‍රකාශයේ එහි සඳහන් වූයේ කොටි සුසානභූමි විකෘති කළ අපට උතුරේ ජනතාව සමාව නොදෙන බවයි.

උතුරේ කොටි ත්‍රස්‌තවාදීන් සමරු උත්සව පැවැත්වීමට ඉඩ ලැබීමෙන් සිදුවූයේ දිවිපිදූ 29,000 ක්‌ රණවිරුවන්ට මහත් අවමානයක්‌ සිදුවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here