ආබාධිත රණ්විරුවන් විසින් ජීවත්වීමේ අයිතිය ඉල්ලා පවත්වන අරගලයට දැනටමත් දින කිහීපයක් විසඳුමක් නොමැතිව ගතවී ඇත.තාවකාලිකව ඉඳිකර ඇති කූඩාරම්වල කාලගුණ විපර්යාස වලට මුහුණදෙමින් ඔවුන්ගෙ ඉල්ලීම දිනා ගැනීමට ඔවුන්ට සිදුවී ඇත.
කාලයක් ඔවුන් මෙලෙසම තාවකාලිකව ඉඳිකර ඇති කූඩාරම්වල කාලගුණ විපර්යා ස වලට මුහුණදෙමින් ත්රස්තවාදීන් හා සටන් කර ඇත.ඒ තම මවුබිම , ජාතිය හා ආගම ත්රස්තවාදීන්ගෙන් බේරා ගැනීමටය.ඔවුන්ට එම කටුක ජීවිතයම ආයෙත් ගත කිරීමට සිදුව ඇත්තේ තම ඉස් ලේ මස් දහදිය කැප කර රැකගත් ජනතාව පත්කල රජයෙන්ම තම ජීවිත අරගලය ගෙනයාමට අවශ්‍ය වේතන ලබා ගැනීමටය.
ත්‍රස්තවාදීන්ගෙ තර්ජනයෙන් මිදුනු සමහර ජනතාවටද දැන් ඔවුන් අමතකය.ඔවුන් මහ පාරේ අරගල කරන විට ජනතාව මුකුත් නොදන්නා සේ තම තමන්ගේ වැඩකටයුතුවල නිරතවෙමින් තම ජීවිතය ගෙවයි.දෛවය ඔවුන්ට මෙසේ සරදම් කරන්නේ තම ශරීරාංග පුජා කර තම මවුබිම , ජාතිය හා ආගම බේරා ගත් නිසාද ?
ගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමනි
ඔබ දෙපල ඇතුළුව ඔබගේ රජය ඔවුන් නොසලකා හැර ඇති බව අපගේ හැඟීමයි.ඔබ රජයෙන් කරනු ලබන මෙම අසාධාරණ ක්‍රියාව අප , ගෝලීය ශ්‍රී ලංකික සංසදය තරයේ හෙලා දකිමු.
ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ඔබ දෙපල ඇතුළු ආණ්ඩුවේ සියළුම මැති ඇමතිවරුන්ගේ අවධානය යොමු කර ඔවුනට අවශ්‍ය සහනය ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර තම මවුබිම , ජාතිය හා ආගම බේරා ගත් අද දින මහමඟ අරගල කරන රණවිරුවන් නොසලකා හැරීමෙන් ඔබ සැමට ඉදිරි දිනයක ඉතිරි වන දෙයක් නොමැති බවද මෙයින් මතක් කර සිටිමු.
ගෝලීය ශ්‍රී ලංකික සංසදය