මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන හඬ නඟමින් ස්‌විස්‌ රජය ඩොලර් මිලියන 477 ක අවි ආයුධ විකුණයි

0
419

මානව හිමිකම් ගැන හඬ නඟන ස්‌විට්‌සර්ලන්තය 2017 වසරේදී රටවල් 64 කට ඩොලර් මිලියන 477 ක්‌ වටිනා අවි අලෙවි කර ඇත.

මෙය 2018 වසරට වඩා සියයට 8 ක වැඩි වීමක්‌ ස්‌විස්‌ රාජ්‍ය ලේකම් කාර්යාලය දක්‌වන්නේ මෙය ස්‌විස්‌ අපනයන වෙළෙ¹මෙන් සියයට 0.15 ක ප්‍රමාණයකි. ස්‌විස්‌ රජය ඉන්දියාවට ප්‍රෑන්ක්‌ මිලියන 8.9 ක අවි ද පාකිස්‌තානයට ප්‍රෑන්ක්‌ මිලියන 6.6 ක අවි ආයුධ ද සෞදි අරාබියාවට ප්‍රැන්ක්‌ මිලියන 4.8 ක අවි ද අලෙවි කර තිබේ. මේ හැර ජර්මනිය තායිලන්තය බ්‍රසීලය දකුණු අප්‍රිකාව සහ ඇමරිකාවටද ස්‌විස්‌ අවි විකුණා ඇත. ලොව අවි ආයුධ නිපදවන රටවල් අතරින් 14 වැනි ස්‌ථානය හිමිවී ඇත්තේ ස්‌විට්‌සර්ලන්තයටය. මෑතකදී වාර්තා වූයේ ස්‌විට්‌සර්ලන්තය විසින් සෞදි අරාබියාවට අලෙවිකරු අවි යේමන් ප්‍රහාරවලට යොදවා ගෙන ඇති බවයි.

ස්‌විට්‌සර්ලන්තය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ලොව රටවල් රැසකට චෝදනා කරද්දී අතින් පයින් අවි අලෙවි කිරීම වැරදි සහගත ක්‍රියාවන් බව ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රකාශක පැට්‌රික්‌ වෝල්ටර් කියා සිටී.

ලොව අවි ආයුධ නිපදවන රටවල අතර ඇමෙරිකාව, රුසියාව , චීනය, ප්‍රංශය සහ ජර්මනිය මුල්තැනට පත්වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here