මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පුටුවෙන් බිමට වැටෙයි?

0
414

ඇමරිකාව හමුවේ හිස නමන්නේ නැති බව පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය. තමා 2 වැනි වරටත් මානව හිමිකම් කොමසාරිස්‌ ලෙස කටයුතු නොකරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය. සෙයිද් රාද් හුසේන් මේ ප්‍රකාශය කිරීමට කලකට පෙර එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි නිකී හේaලි මානව හිමිකම් සමුළුව අමතමින් මානව හිමිකම් කවුන්සලයේ ක්‍රියාකලාපය හෙළා දුටුවාය. මානව හිමිකම් කවුන්සිලය ඊශ්‍රායලයට එරෙහිව එදිරිවාදිකම් සිදු කරන බවටද මානව හිමිකම් කඩ කළ රටවල් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවට ද ඇය චෝදනා කළාය. මානව හිමිකම් කවුන්සිලය ශුද්ධ විය යුතුයි නැත්නම් අපි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙනවා යෑයි ඇය තර්ජනයක්‌ ද කළාය. මේ පසුබිම මැද ඇමරිකාව විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීම මානව හිමිකම් කොමසාරිස්‌ගේ උදහසට ලක්‌ විය. එහි ප්‍රතිඵලය වූයේ ඇමරිකාව විසින් මානව හිමිකම් කවුන්සිලයට අනතුරු ඇඟවීමයි. මානවහිමිකම් කවුන්සිලයේ මේ ක්‍රියා කලාපය ඇමරිකාවට පමණක්‌ නොව පිලිපීනයටද බලපෑවේය. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටාටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මෙහෙයුම් දියත් කරද්දී මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඊට එරෙහි විය.

මේ නිසා කෝපයට පත් පිලිපීන ජනාධිපතිවරයා මානව හිමිකම් නිලධාරියෙක්‌ පිලිපීනයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළේය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මියන්මාරය සමගද ගැටුණේය.

රොහින්ග්‍යා මුස්‌ලිම්වරුන් රටින් පලායැම සමූලඝාතනයක්‌ ලෙසට ඔහු හඳුන්වනු ලැබීය.

ඉන් කුපිත වූ මියන්මාරය එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වූ යෑන්ග් ලීට එරටට පැමිණීම තහනම් කළේය. ඊට පෙර ඉන්දීය රජය ද එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසකට එරටට ඒමට ඉඩ දුන්නේ නැත.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා තමා දෙවැනි වරට එම ධුරයට ඉදිරිපත් නොවන බව පැවසීමෙන් ඔහු ඇමරිකාව හමුවේ පරාජයවී ඇත. සෙයිද් රාද් හුසේන්ට වැඩි වශයෙන් චෝදනා එල්ල වූයේ ඊශ්‍රායලයෙනි.

මොහු මානව හිමිකම් කොමසාරිස්‌ ධුරයට සුදුසු නැතැයි ඊශ්‍රායලය ද ප්‍රකාශ කර තිබිණි.

ලොව ආසියාතික රටවල් රැසක දේශපාලන හා ආරක්‍ෂක කටයුතුවලට මැදිහත් වූ මානව හිමිකම් කොමසාරිස්‌ට වැරදුනේ ජෙරුසලම පිළිගැනීමට ඇමරිකාව තීරණය කිරීම වැරදි බවත් එය ප්‍රකෝපකාරී ක්‍රියාවක්‌ බවත් පැවසීම නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here