මුලතිව් තරුණියකගෙන් ජිනීවාහිදී ගෝඨාට හා කරන්නාගොඩට චෝදනා

0
2166

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නම් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත්විය.

මුලතිව් සිට එම සමුළුවට පැමිණි ජෙයරාජන් නමැති තරුණියක විසින් මෙම දෙදෙනාට චෝදනා එල්ල කරනු ලැබීය.

රහස්‌ පොලිසියේ නිලධාරියකු ලෙසින් තම නිවසට පැමිණ සිය සොහොයුරා වූ ජෙගන් පැහැරගෙන ගියේ නාවික නිලධාරියකු බවත්, එකී කණ්‌ඩායම මෙහෙය වූයේ කරන්නාගොඩ හා ගෝඨාභය රාජපක්‍ෂ බව තමන්ට හෙළි කළ බවත් ඇය කියා සිටියාය.

මේ ගැන හෙළි කළ රහස්‌ පොලිස්‌ නිලධාරියාගේ නම නිශාන්ත බවද ඇය පැවැසුවාය.

එහෙත් මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියකු සමුළුවේ සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here