මෙන්න! අරුම පුදුම නඩු තීන්දුවක්‌ – ආයුධ ජාවාරම් කළ කොටි අටදෙනකුට ස්‌විස්‌ රජයෙන් fප්‍රෑන්ක්‌ මිලියන 5ක වන්දි…

0
1695

* කොටි සංවිධානය අපරාධකාරී සංවිධානයක්‌ නොවෙයි – ස්‌විස්‌ අධිකරණය

* ස්‌විස්‌ බැංකුවට ඩොලර් මිලියන 15ක්‌ අහිමියි

* ඇමරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් වෙන්වෙයි

def1

මෙරට කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීම සඳහා ඩොලර් මිලියන 15.3 ක මුදලක්‌ ඩුබායි සහ සිංගප්පූරුවේ අවි ඒජන්තවරුන්ට ලබාදීමේ සිද්ධිය මත ශ්‍රී ලාංකික ස්‌විස්‌ සහ ජර්මානු පුරවැසි බව හිමි කොටි ක්‍රියාකාරීන් 13 කට එරෙහි නඩු විභාගය මේ වසරේ ජනවාරි අට වැනිදා බෙලින්සෝනා අධිකරණය ඉදිරියේ ආරම්භ විය.

def2

පුරා මාස අටක්‌ තිස්‌සේ විභාග කළ මෙම නඩුවට ඩොලර් මිලියන හතරක අති විශාල මුදලක්‌ වැයවිය. ස්‌විස්‌ අධිකරණ ඉතිහාසයේ විශාලතම නඩුව වූ මේ කොටි නඩුවෙන් කොටි ක්‍රියාකාරීන්ට චෝදනා 372 ක්‌ එල්ල විය.

නඩුවේ විශාලත්වය කෙතරම් විශාල ද කීවොත් ලිපිගොනු එකදිගට තිබ්බොත් එය කිලෝමීටර් 3250 ක්‌ දක්‌වා දිග බව ස්‌විස්‌ ෆෙඩරල් අධිකරණය අනාවරණය කළේය.

 

එහෙත් මේ නඩුවේ චූදිතයන් කවුදැයි ස්‌විස්‌ රජය අනාවරණය කළේ නැත.

‘ඉරිදා දිවයින’ මේ කොටි ක්‍රියාකාරීන් කවුදැයි ජිනීවාහි ස්‌විස්‌ ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පැවසුවේ ස්‌විස්‌ නීතිය අනුව සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධියට පත් නොකරන බවය. එහෙත් ඔවුන්ගෙන් කිහිපදෙනෙක්‌ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයන් බව පමණක්‌ ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය මා වෙත විද්යුත් ලිපියක්‌ මඟින් දැනුම් දෙනු ලැබීය.

def4

මේ පසුබිම මැද අප කළ විමර්ශනයේදී හෙළි වූයේ ස්‌විට්‌සර්ලන්තයේ දෙමළ කොටි සංවිධානය නියෝජනය කළ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මූල්‍ය කටයුතු භාර ප්‍රධානියා සහ එහි නිර්මාතෘවරයා එම සැකකරුවන් අතර සිටින බවය.

මේ කොටි නඩුව ආරම්භ වූ මුල් දිනයේම සැකකරුවන්ගේ නීතිවේදීන් නඩුව විභාග කිරීම නතර කර එය නීතිපති වෙත යොමුකරන ලෙස ඉල්ලීමක්‌ කරනු ලැබීය.

ස්‌විස්‌ ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්‍ෂි විමර්ශනවලින් සොයාගත් සාක්‍ෂි නොව අන්තර්ජාලය සහ මාධ්‍ය ඔස්‌සේ සොයාගත් කරුණු බව එම නීතිවේදීහු තවදුරටත් කියා සිටියහ.

එහෙත් ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය පැවසුවේ අපරාධ කල්ලියකට සහාය වීම සහ වංචනික ක්‍රියාකාරකම් ලේඛන සකස්‌ කිරීම සහ කළු සල්ලි ජාවාරම යන කරුණු මත එම කොටි ක්‍රියාකාරීන්ට චෝදනා ගොනු වී ඇති බවයි.

එසේම ස්‌විට්‌සර්ලන්තයේ ද්‍රවිඩයන් පිරිසක්‌ බියගන්වා කප්පම් ලබා ගැනීම යන චෝදනා ද සැකකරුවන් දෙදෙනකුට එල්ල විය.

1999 වසරේ සිට 2009 මැයි මස දක්‌වා මේ කොටි ක්‍රියාකාරීන් පිරිස අපරාධ කල්ලියකට සහාය ලබාදී ඇති අතර ස්‌විස්‌ බැංකුවකින් ණය ලබා ගැනීම සඳහා දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයන් යොදාගනිමින් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්‌ දියත් කළ බව ද ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය තවදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් කොටි සංවිධානය ස්‌විට්‌සර්ලන්තය තුළ තහනම් සංවිධානයක්‌ නොවේ. මේ නිසා තහනම් ත්‍රස්‌ත සංවිධානයකට සහාය ලබාදීමේ චෝදනාව කොටි සැකකරුවන්ට එරෙහි චෝදනා පත්‍රයේ දක්‌වා නොතිබුණි.

1999 සිට 2009 තෙක්‌ කොටි සංවිධානය බිහිසුණු අපරාධ 600 කට අධික සංඛ්‍යාවක්‌ සිදුකරමින් ඉන්දීය අගමැතිව සිටි රජිව් ගාන්ධි සහ මෙරට හිටපු ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස ඝාතනය කළත් අපේ ආණ්‌ඩු එම අපරාධ ස්‌විස්‌ රජයට යොමුකරමින් කොටි සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලීමක්‌ කළේ නැත. එසේ වුවත් යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කරනු ලැබීය.

මේ තත්ත්වය මත ස්‌විස්‌ නීතිවේදීන් පැවසුවේ ලොව ඇති සියලුම චෝදනා එල්ල කිරීමෙන් තොරව තම සේවාදායකයන්ට එරෙහිව ප්‍රධාන චෝදනා පමණක්‌ ඉදිරිපත් කරන ලෙසයි.

මේ නිසා ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව කොටුවේ මහ බැංකු බෝම්බ පිපිර වීමට අදාළ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සහ එම ඇඟිලි සලකුණු සොයාගත් හිටපු පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්ගේ සාක්‍ෂිය ස්‌විස්‌ ෆෙඩරල් අධිකරණය වෙත යොමු කිරීමට ක්‍රියා කළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක්‌ නොවුණි.

2018 ජනවාරි මස මේ කොටි නඩුව ආරම්භ වීමට පෙර තවත් පුදුමාකාර සිද්ධියක්‌ අනාවරණය විය. ඒ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ තහනම අහෝසි කිරීමයි. ඒ සම්බන්ධයෙන් සමරවීර මහතා පැවසුවේ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවෙන් තර්ජනයක්‌ නැති බවට බුද්ධි අංශ දැනුම් දී ඇති බවයි.

එසේ වුවත් එම තහනම අහෝසි කරන අවස්‌ථාවේ ස්‌විස්‌ ෆෙඩරල් අධිකරණය ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ක්‍රියාකාරීන් ගැන පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි.

මේ අතර ස්‌විස්‌ ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කරමින් 1999 සිට 2009 දක්‌වා ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා ලෙස කුලම් හෙවත් කුලසේකරම් රාජසිංහම් චෙල්ලයියා කටයුතු කර ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ සිවිල් ජනතාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීම සඳහා අරමුදල් සපයා ඇති බවත් අනාවරණය කළේය.

එසේම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 300 ක්‌ සිදුකර රාජ්‍ය නායකයන් දෙදෙනකු ද ඝාතනය කර ඇති බවත් රජයේ නීතිවේදීහු සඳහන් කළේය.

කුලම් මෙන්ම ඔහුගේ කොටි ආධාරකරුවන් 2007 සහ 2009 අතර සමයේ ස්‌විට්‌සර්ලන්තයේ සුප්‍රකට ක්‍රෙඩිට්‌ සුයිසේ බැංකුවට අනුබද්ධ බෑන්ක්‌ නව් නමැති බැංකුවෙන් 200 වතාවක්‌ අරමුදල් ලබාගෙන තිබුණි.

මෙලෙස අරමුදල් ලබාගන්නා අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය බරපතළ ලෙස සිදු වූ අතර යුද්ධය ගෙනයැමට අරමුදල් අවශ්‍ය බව කොටි නායක ප්‍රභාකරන් දැනුම් දී ඇත.

ඒ අනුව ද්‍රවිඩ ඒජන්තවරුන් දෙදෙනකුගේ සහය මත ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව බැංකුවලින් ණය ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. මේ සඳහා බොරු වැටුප් වාර්තා බෑන්ක්‌ නව් නමැති බැංකුව වෙත ලබාදී අරමුදල් ලබාගෙන ඇත.

මේ පිළිබඳව එම බැංකුවේ පාරිභෝගික කළමනාකරු කෝස්‌මන් වෝල්ස්‌ ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත කටඋත්තරයක්‌ දෙමින් සඳහන් කළේ යම් සමාගමක්‌ හෝ සංවිධානයක්‌ වැටුප් වාර්තා 100 කට වඩා එවා තිබේ නම් ඒ ගැන පරීක්‍ෂණයක්‌ කරන බවයි.

මෙලෙස බෑන්ක්‌ නව් නම්වූ බැංකුවෙන් ලබාගෙන තිබූ ණය මුදල්වලට මාසිකව මුදල් ගෙවනු ලැබුවත් 2009 මැයි මාසයේ සිට මුදල් ගෙවීම නතරවිය. ඊට හේතු වූයේ 2009 මැයි මස කොටි පරාජය වීමයි.

මේ නිසා බැංකුවේ බලධාරීන් ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමෙන් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ තක්‌කඩි ක්‍රියාව හෙළි විය.

මේ කක්‌කඩි මෙහෙයුම දියත් කළ කුලම් ස්‌විස්‌ කොටි නායකයා බව 2002 දී බර්ශ්තොප් නමැති ජර්මානු රාජ්‍ය නොවන සංවිධානය විසින් ද හෙළිකර තිබුණි. ඔහු බැංකුවට පවසා තිබුණේ ලෝක දෙමළ සම්බන්ධීකරණ කවුන්සිලය නිකුත් කළ වැටුප් වාර්තා වලංගු බවයි.

මේ නිසා ෆ්‍රEන්ක්‌ 100,000 බැගින් 200 කට ණය ලබාදීමට එම බැංකුව ක්‍රියා කළේය.

මෙලෙස ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීන් 13 ක කණ්‌ඩායමට එරෙහි ගොනුකර තිබූ නඩුව අධිකරණය වෙත යොමුකරමින් ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂිකා ජුලියට්‌ නෝටෝ පැවසුවේ කොටි සංවිධානයේ බිහිසුණු ක්‍රියා අල්කයිඩා සංවිධානය ද අනුගමනය කළ බවයි.

ඇය අධිකරණය වෙත ඡායාරූප යොමුකරමින් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ක්‍රියාකාරියකු මැෂින් තුවක්‌කුවක්‌ සමඟ සිටින අයුරුත් කොටි ළමා සොල්දාදුවන් අවිවලින් සැරසී සිටින අයුරුත් පෙන්නුම් කළාය.

මේ චූදිතයන් පිරිස අරමුදල් ලබාගෙන ඇත්තේ කොටි සංවිධානයට උපකාර කිරීමට බව පැවසූ ඇය මොවුන්ට මාස 18 සිට වසර 6 1/2 ක්‌ දක්‌වා සිරදඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

මෙහිදී කොටි ක්‍රියාකාරීන් වෙනුවෙන් පෙනී සිටි ඔලිවර් පීටර් නමැති නීතිවේදියා අධිකරණය හමුවේ පැවසුවේ චෝදනා ලැබ සිටින පිරිස ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා අනාථ වී සිටින ද්‍රවිඩ ජනතාවට එම ණය මුදල් ලබාදුන් බවයි.

එහෙත් ස්‌විස්‌ ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය සඳහන් කළේ සිය විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට ගොස්‌ රැඳවුම් භාරයේ සිටි කොටි 12 කගෙන් ප්‍රශ්න කළ බවත් ඔවුන් හෙළි කළේ ස්‌විට්‌සර්ලන්තයෙන් ලැබුණු මුදල් අවි ආයුධ මිලට ගැනීමට වැය කළ බව යනුවෙනි.

එසේ වුවත් බෙලින්සෝනා අධිකරණය එම සාක්‍ෂි පිළිගත්තේ නැත. ස්‌විස්‌ රජය කොටි සංවිධානය තහනම් කර නැති බවට විත්තියේ නීතිවේදීන් ඉදිරිපත් කළ තර්කය අධිකරණය පිළිගනු ලැබිණි.

මේ හැර චෝදනා එල්ල වූ කොටි ක්‍රියාකාරීන් අධිකරණය හමුවේ පැවසුවේ තමන් සහ ද්‍රවිඩ ජනතාව බරපතළ ලෙස ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ එදිරිවාදිකම්වලට ලක්‌ වී ඇති බවයි.

මෙලෙස නඩු විභාගය පැවැත්වෙන අතරේ ස්‌විස්‌ ඊළම් ජාලය බෙලින්සෝනා අධිකරණය ඉදිරියේ රැස්‌ වී විනිසුරුවන්ට සහ නඩු විභාගයට එරෙහිව විරෝධතාවක්‌ පවත්වනු ලැබීය.

එහෙත් ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂිකා ජුලියට්‌ නොටෝ තවදුරටත් පැවසුවේ 50,000 කට අධික ද්‍රවිඩයන් ස්‌විට්‌සර්ලන්තයේ සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ආයුධ සන්නද්ධ අරගලයකට අරමුදල් ලබාදුන් බවයි.

ඇගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌ වූ ස්‌විස්‌ ඊළම් ද්‍රවිඩ කවුන්සිලයේ සභාපතිනි අන්තා අනෝර් ද්‍රවිඩයන් ස්‌වයංපාලනය ඉල්ලා කළ සටන අපරාධයක්‌ නොවන බවත් ස්‌විස්‌ රජය ශ්‍රී ලංකා හමුදාව සිදුකළ යුද අපරාධ ගැන විමර්ශන කළ යුතු බව කියා සිටියාය.

එසේම ස්‌විස්‌ ඊළම් ද්‍රවිඩ කවුන්සිලයේ හිටපු සභාපති කුරුස්‌වාමි ස්‌විස්‌ මාධ්‍ය අමතමින් ජර්මනියේ පදිංචිකරුවකුගේ නමින් ඉදිරිපත් කළ ණය අයෑදුම්පත් 132 ක්‌ භාරගෙන ඇති බවයි.

මෙම පසුබිම මැද බෙලින්සෝනා අධිකරණය කැකිල්ලේ නඩු තීන්දුවක්‌ ලබාදුන්නේය.

කොටි සංවිධානය අපරාධකාරී සංවිධානයක්‌ නොවන බවට තීන්දු කළ අධිකරණය කොටි ක්‍රියාකාරීන් කළු සල්ලි ජාවාරමට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාව ද ප්‍රතික්‌ෂේප කළේය.

එසේම ණය දීමට පෙර බෑන්ක්‌ නව් බැංකුව කිසි විමර්ශනයක්‌ සිදුකර නැති බවට ද තීන්දු කළ බෙලින්සෝනා අධිකරණය ඩොලර් මිලියන 15 ක පාඩුව බැංකුව දාරාගත යුතු බව ද සඳහන් කළේය.

ණය ලබාදෙන අවස්‌ථාවේ එම ණය කොටි සංවිධානයට සම්බන්ධ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව වෙත යන බව බැංකු බලධාරීන් දැන සිටි බව ද ස්‌විස්‌ බලධාරීන් පවා එම දෙමළ සම්බන්ධීකරණ කමිටුව කොටින්ට සම්බන්ධ බව දන්නා බව ද අධිකරණය කියා සිටියේය.

කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක්‌ ලබාගැනීමේ චෝදනාවලට ලක්‌ වූ කොටි දහතුන් දෙනාගෙන් අට දෙනකු සියලු චෝදනාවලින් නිදහස්‌ කිරීමට ද බෙලින්සෝනා අධිකරණය ක්‍රියා කළේය.

එතෙක්‌ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ මූල්‍ය කළමනාකරුට මාස 24 ක අත්හිටවූ සිරදඬුවමක්‌ නියම කළේය.

ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට මාස 21 ක අත්හිට වූ සිරදඬුවමක්‌ ද නියෝජ්‍ය මූල්‍ය කළමනාකරුට මාස 20 ක අත්හිටවූ සිරදඬුවමක්‌ ද නියම විය.

මේ නඩු විභාගය සඳහා ස්‌විස්‌ ෆ්‍රEන්ක්‌ මිලියන 4 ක මුදල ෆෙඩරල් රජය දරාගත යුතු බව ද තීරණය කළ බෙලින්සෝනා අධිකරණය චෝදනාවලින් නිදහස්‌ වූ කොටි අටදෙනා වෙනුවෙන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන්ගේ ගාස්‌තුව වූ ස්‌විස්‌ ෆ්‍රEන්ක්‌ මිලියන 5 ක මුදල ද රජය ගෙවිය යුතු බවට නියම කළේය.

එහෙත් එම මුදලින් කොටසක්‌ නිදහස්‌ වූ කොටි ක්‍රියාකාරීන් නීතිවේදීන්ට ලබාදිය යුතු බවට ද අධිකරණය තීන්දු කළේය.

මේ නඩු විභාගයේදී ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂිකා තවදුරටත් පැවසුවේ කප්පම් ගෙවීම පැහැර හැරි ද්‍රවිඩයන්ට චූදිත කොටි තර්ජනය කර ඇති බවයි.

එහෙත් අධිකරණය ඇගේ ප්‍රකාශ පිළිගෙන නැත.

බෙලින්සෝනා අධිකරණයේ මේ තීන්දුව පැමිණිලිකරු සහ සාක්‍ෂිකරුවන්ව චූදිතයන්කර චූදිතයන් පැමිණිලිකරුවන් කර ඔවුන්ට වන්දි ලබාදීමකි.

මෙලෙස චෝදනා එල්ල වූවන් අතර ස්‌විට්‌සර්ලන්තයේ වත්මන් කොටි නායක ජෙයපාලන් චෙල්ලයියා හෙවත් අබ්දුල්ලා නමැත්තා ද වේ. ඔහු ප්‍රීබුග් නගරයේ අවන්හලක කෝකියෙකි.

එසේම පැමිණිකරු වූ බෑන්ක්‌ නව් බැංකුවේ සේවය කරන අයකුට ද මාස 18 ක සිරදඬුවමක්‌ නියම විය.

වසර නවයක්‌ තිස්‌සේ පැය ගණනක්‌ වාද කරමින් පැවති මේ නඩුවෙන් කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ වීම ගැන විත්තියේ ප්‍රධාන නීතිවේදී වෝල්ටන් සීසන් පිලිප්පේ පැවසුවේ සියලු දෙනා නිදහස්‌වීමේ සිද්ධිය අගනා පුවතක්‌ බවයි. ස්‌විස්‌ ෆෙඩරල් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය බෑන්ක්‌ නව් බැංකුවට නඩු පවරනු වෙනුවට කොටි ක්‍රියාකාරීන්ට නඩු පැවරීම වැරැද්දක්‌ බවත් ඔහු කියා සිටියේය.

බෙලින්සෝනා අධිකරණයේ මේ තීන්දුවට එරෙහිව දින 30 ක්‌ ඇතුළත අභියාචනයක්‌ ඉදිරිපත් කළ යුතුය.

චෝදනා එල්ල වූ කොටි ගත වූ වසර නවය මුළුල්ලේ කිසිදු ඡායාරූපයකට පෙනී සිටියේ නැත. එහෙත් තම නිදහස්‌වීමෙන් පසු ඔවුන්ගෙන් 11 ක්‌ අධිකරණය ඉදිරියේ ඡායාරූපයකට පෙනී සිටියේය.

මේ ඡායාරූප ලබාගැනීමට අපට හැකි වී ඇත.

එසේ වුවත් ස්‌විස්‌ නීතිය යෑයි දක්‌වමින් ස්‌විස්‌ බලධාරීන් චෝදනා එල්ල වූ කොටි ක්‍රියාකාරීන් 13 ක පිරිස කවුදැයි අනාවරණය කළේ නැත.

එහෙත් ස්‌විට්‌සර්ලන්තයේ තවත් කොටි නායකයකු ලෙස කටයුතු කරන සිවනේසන් විඡේරත්නම් හෙවත් රගු. ඔහුට පෙර සිටි නායකයකු වූ කුලම් හෙවත් චෙල්ලයියා කුලරාජසේකරම් සහ ස්‌විස්‌ කොටි ජාලයේ මූල්‍ය නායකයා වූ චෙල්ලයියා ජෙයපාලන් හෙවත් අබ්දුල්ලා ද චෝදනා ලැබූවන් අතර සිටි බව කොටි විරෝධී ද්‍රවිඩ ආරංචි මාර්ග අනාවරණය කළේය.

චෙල්ලයියා ජෙයපාලන් කොටි සංවිධානය සම්බන්ධයෙන් මෙලෙස ද ප්‍රකාශ කර ඇත. 2009 කොටි පරාජය වීම අපිට කම්පනයක්‌ ඇති කළා. එහෙත් අපි පරාජය වූයේ නැත. ස්‌විස්‌ පොලිසිය අපිව අත්අඩංගුවට ගෙන දින 25 ක්‌ රඳවා ගත්තා. මගේ ජංගම දුරකථන සිම් කාඩ්පත්, පරිගණක මෘදුකාංග සහ කොටි ලාංඡන සහිත කබාය ද අත්අඩංගුවට ගනු ලැබුවා. මම කප්පම් ගන්නා බවට පොලිසිය චෝදනා කළා. එහෙත් මාව පසුව නිදහස්‌ කළා. ස්‌විට්‌සර්ලන්තය කොටි කේන්ද්‍රස්‌ථානයට අපි ශ්‍රී ලංකාවේ කොටි සමඟ සබඳකම් පැවැත් වූයේ අපේ දුරකථනවලින් නොවෙයි.

ස්‌විස්‌ ද්‍රවිඩයන් අපට මසකට ෆ්‍රEන්ක්‌ 50 සිට 200 දක්‌වා ආධාර ලබා දෙනවා. දැනට අපිට ස්‌විස්‌ ෆ්‍රEන්ක්‌ 100,000 කට වැඩිය තිබෙනවා. අපේ 200 කට වැඩි පිරිසක්‌ කොටි සංවිධානයට කැප වී සිටිනවා. ස්‌විස්‌ ද්‍රවිඩයන්ගෙන් සියයට 80 ක්‌ම අපේ අරගලයට සහය දක්‌වනවා යෑයි අබ්දුල්ලා ප්‍රසිද්ධියේ කියා සිටියේය.

මෙලෙස චෙල්ලයියා ජෙයපාලන් හෙවත් අබ්දුල්ලා මෙලෙස ප්‍රකාශ කරද්දී ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ නායකයා ලෙස කටයුතු කළ කුලම්ගේ අතීතය හෙළිවිය.

ඔහු වසර ගණනකට පෙර රත්මලාන ගුවන්තොටුපළේදී ඇව්රෝ යානාවට බෝම්බයක්‌ තබා පුපුරුවා හැරීමේ සිද්ධියට සම්බන්ධ වූවකි.

ඒ නිසාම ඔහුට ඇව්රෝ කුලම් යනුවෙන් හඳුන්වනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය එම තොරතුරු ස්‌විස්‌ බලධාරීන්ට ලබාදී නැත.

ltte4

ස්‌විස්‌ කොටින්ට එරෙහි මෙම නඩුවේදී ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකා පොලිසිය තමන්ට මාධ්‍ය වාර්තා ලබාදුන් බවයි.

මේ අතර ශ්‍රී ලංකා රජය වෙත ද හිටපු කොටින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට වන්දි ගෙවීමේ යෝජනාවක්‌ ඉදිරිපත් විය. එම යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබුණේ පුනරුත්ථාපන ඇමැති එම්. ස්‌වාමිනාදන්ය. එහෙත් එය ප්‍රතික්‌ෂේප විය.

පසුගිය ජුනි 18 දා 38 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූ අතර එහිදී ඊළම්වාදී සංවිධාන ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරද්දී ශ්‍රී ලංකා රජය කොටින්ට වන්දි ගෙවීමට යැම මියගිය සෙබළුන්ට කරන අවමානයක්‌ නොවේද?

ලෝකයේ වෙනත් රටවල් මේ අයුරින් ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවීමට කැබිනට්‌ පත්‍රිකා ඉදිරිපත් කරන්නේද?

මෙලෙස කොටින්ට වන්දි ගෙවීම සඳහා ආරක්‌ෂක අංශවල අදහස්‌ විමසා නැතැයි ද වාර්තා වේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය සිය සටන කොටි ඩයස්‌පෝරාවට එරෙහිව වේගවත් කර ඇත. සුළු ජාතිකයන්ට වෙනස්‌කම් කිරීමක්‌ සිදුවී නැති බවටත් ද්‍රවිඩයන් සමූල ඝාතනය වී ඇති බවට ගෙනියන්නේ සාවද්‍ය ප්‍රචාරයක්‌ බවටත් දක්‌වමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර සහ අජන්ත ප්‍රේමරත්න ඇතුළු විද්වතුන් පිරිසක්‌ සමාන්තර රැස්‌වීම දෙකක්‌ පවත්වනු ඇත. එය ඊලම් ඩයස්‌පෝරාවට අභියෝග කිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here