මෙන්න ඇත්ත – අළුගෝසුවන්ගෙන් සාක්‍ෂි ලබාගත් එක්‌සත්ජාතීන්ගේ කණ්‌ඩායම

0
946

geniwa එක්‌සත්ජාතීන්ගේ කණ්‌ඩායම වැලිකඩ ඡේ සිරමැදිරියේ සිටි ත්‍රස්‌තවාදීන්ගෙන් සාදාක්‌ෂි ලබා ගනිති

ගෝලීය ශ්‍රී ලංකා සංසදයට එරෙහිව සාවද්‍යය ප්‍රචාරයක්‌

“දේශපාලකයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇත” – ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රොම්

මානව හිමිකම් ගැන හඬ නගන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙරට හිටපු කොටි ත්‍රස්‌තවාදීන්ට සාදරයෙන් පිළිගෙන ඇත.

පසුගිය වසර 12 තිස්‌සේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන දූෂිත ක්‍රියාපිළිබඳව නිරීක්‍ෂණයට ලක්‌කිරීමේදී මේ බව අපට සනාථ විය. දිවයින ඉරිදා සංග්‍රහය හැර වෙන කිසිදු මාධ්‍යයක්‌ ජිනීවා ගොස්‌ මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන අකටයුතුකම් ගැන සොයා බැලුවේ නැත. මේ දූෂිත ක්‍රියා සනාථවූයේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් හිටපු කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන්, ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම් වැන්නවුන් දකුණු අප්‍රිකාවේ කෘෂිකාර්මික රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ඇමතීඹයි. එසේම තමිල්නාඩුවේ කොටි හිතවාදියකුවූ වයිකෝට එකම දිනයේ දෙවතාවක්‌ව මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට ඉඩලැබුණි. මේ හැර හමුදාව විසින් මරාදමා ඇති බවට ප්‍රචාරයවූ පුලිතේවන්ගේ බිරිය සහ කොටි කප්පම් අංශයේ නායක මලවරන්ගේ බිරියන්ටද මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත විය.

මේ වසරේ සැප්තැම්බර් මස පැවැති 37 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පිවිසීම සඳහා රටින් පිටිත ඊලම් සංවිධානය නැමැති හොර සංවිධානයටද යාපනයේ සිට ක්‍රියාත්මකවන හොර සංවිධානයක්‌වූ අඩයාලම් සංවිධානයටද ඉඩ ලැබුණි.

එහෙත් මේ දූෂණ ක්‍රියා ගැන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් නිරීක්‍ෂණය කළේ නැත.

එහෙත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරින් මෙන්ම මෙරටින් ජිනීවා ගොස්‌ මානව හිමිකම් සමුළුවට සහභාගිවන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යොමුකරන ඕනෑම බොරු පැමිණිල්ලක්‌ බාරගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා එම පැමිණිලි විනාශ කරන ලෙස නියෝග කරයි.

ඊට හොඳම නිදහසුන නම් සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරීන් පිරිසක්‌ පැමිණි බවට කොටි ඩයස්‌පෝරාව ප්‍රමුඛ තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝ ඉදිරිපත් කළ පැමිණිල්ලකි. එහෙත් රියර් අද්මිරාල් සරත් වීරසේකර හැර වෙනත් කිසිදු ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ සිටියේ නැත. මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙමින් මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවල කොටි හිතවාදීන් පවත්වන සමාන්තර රැස්‌වීම්වලට සහභාගිවන පුද්ගලයෙක්‌ද වේ. ඔහු ඩේවිඩ් වෙහලිය. වෙහෙලි සෑම මානව හිමිකම් සමුළුවල දීම දක්‌නට ලැබෙයි. ඔහුගේ කාර්ය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පාර්ශව ප්‍රකාශ කරන දේ සටහන්කර ගැනීමයි.

geniwa1මේ පසුබිම මැද ඇමරිකානු තානාපතිනි නිකිහේලි පවා මානව හිමිකම් කවුන්සිලය විවේචනය කරමින් මානව හිමිකම් කඩකල රටවල් පවා කවුන්සිලයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකරන බවට චෝදනා කරනු ලැබීය.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ ක්‍රියාපටිපාටියද විස්‌මය ජනකය.

ශ්‍රී ලංකාවට එරෙහිව එකදිගටම චෝදනා කිරීම සඳහා කොඩි ඩයස්‌පෝරා සංවිධාන රැසකට එකා පසුපස එකා පිළිවෙත අනුගමනය කරමින් අවසරදීමට රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය ඉඩදී ඇත.

මේ අතර අත්තනෝමතික ලෙස රඳවා ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමට අයත් ජෝසේ ගුවාරා, ලී ටුටේ සහ එලිනා ස්‌බෙකට්‌ යන තිදෙනා දෙසැම්බර් 4 දා මෙරටට පැමිණ දෙසැම්බර් 14 තෙක්‌ මෙරට විවිධ සිරගෙවල්වලට ගොස්‌ නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනු ලැබීය.

මේ එක්‌සත්ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමේ තිදෙනා මෙරටට පැමිණීමත් සමඟ රජය ත්‍රස්‌තවාදී ඝාතකයන් රඳවා සිටින සිරගෙවල්වල පමණක්‌ නොව ආරක්‍ෂක කඳවුරුවලද දොර විවෘත කළේය.

ලොව වෙනත් රටවල නම් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව කේන්ද්‍රස්‌ථානවල දොරවල් විදේශිකයන්ට විවෘත කරන්නේ නැත.

මොවුන් අනුරාධපුර සිරගෙයට ගියේ අහිංසක සිරකරුවන් බැලීමට නොවේ. අනුරාධපුර සිරගෙහිදී රාජතුරෙයි තිරාවරුල්, මනිරාසන්, සුලක්‌ෂන් සහ ගනේෂන් දර්ශන් සහ හිටපු කොටි ඝාතකයන් තිදෙනා රහසිගතව හමුවූ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම ඔවුන්ගෙන් සාක්‍ෂි ලබාගත්හ. මේ තිදෙනා කොටි අළුගෝසුවන්ය. කිලිනොච්චියේ වික්‌ටර් බේස්‌ කොටි කඳවුරේ සිටි යුද නාවික භටයන් 26 ක්‌ ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විශාල දර සෑයක දමා සීනි ගෝනි දෙකක්‌ මිශ්‍ර කළ ඩීසල් භාවිතා කර එම සිරුරු පුළුස්‌සා දමා ඇත.

මේ සමූල ඝාතනය හෙලිවීමත් සමඟ ත්‍රස්‌ත මර්දන විමර්ශන කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට යැමට හැකිවූයේ වන්නි මෙහෙයුම නිමාවීමත් සමඟය.

ත්‍රස්‌ත මර්දන නිලධාරීන් එම හමුදා භටයන්ගේ සිරුරු පුළුස්‌සා දැමූ ස්‌ථානය පරීක්‍ෂා කිරීමේදී මාංචු කුට්‌ටම් 26 ක්‌ හමුවිය.

ඉන් සනාථ වූයේ ඝාතනය කිරීමට පෙර එම යුද හා නාවික භටයන් සියළුදෙනාටම මාංචු දමා තිබූ බවයි.

මේ නිසා එම සමූල ඝාතනය යුද අපරාධයක්‌ බවට සනාථවිය. ත්‍රස්‌ත මර්දන නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවූයේ කැලයෙන් ගෙන ආ දරවලින් දර සෑය සාදා ඒ මත මළ සිරුරු දමා පුළුස්‌සා දැමූ බවට හිටපු කොටි දෙදෙනකු කල අනාවරණයයි. මේ නිසා රාසතුරෙයි නොහොත් සෙන්වන් සුලක්‌ෂන් සහ ගනේෂන් අත්අඩංගුවට ගෙන ඇත.

2009 ජනවාරි 16 දා මෙම සමූල ඝාතනය සිදුවී තිබේ.

මේ යුද අපරාධ හෙලිවීමත් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂය සංගමය මොවුන් දේශපාලන සිරකරුවන් බව දක්‌වමින් මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව උතුරු මහ ඇමැති සී. වී. විග්නේස්‌වරන් සහ ද්‍රවිඩ සන්ධානයද එම අළුගෝසුවන් තිදෙනා බේරාගැනීම සඳහා මානව හිමිකම් කොමාසාරිස්‌ගේ සහය පතා ඇත.

එවන් පසුබිමක්‌ මැද මේ අළුගෝසුවන් උපවාසයක්‌ද අරඹා තිබුණි.

මේ අතර අනුරාධපුර සිරගෙට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම මීගමුව, වව්නියාව, ත්‍රිකුණාමලය සහ පොලොන්නරුවටද පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඔවුන් වැලිකඩ සිරගෙදර ෙ- සිරමැදිරියට පැමිණ හිටපු කොටි ක්‍රියාකාරීන් 37 කගෙන් රහසිගත ලෙස සාක්‍ෂි ලබාගෙන තිබේ. එහෙත් වසර අටක්‌ තිස්‌සේ වැලිකඩ සිරගෙදර සිටින හිටපු සහකාර පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් කුරේ සහ තවත් සිංහල සිරකරුවන් පස්‌දෙනෙක්‌ හමුවී සාක්‍ෂි ලබාගැනීමටද ඔවුන් ක්‍රියාකළේ නැත. මෙයට අමතරව මාස ගණනක්‌ තිස්‌සේ සිරභාරයේ සිටින නාවික කොමදොaරු දසනායක ඇතුළු නාවික නිලධාරීන් හමුවීම සඳහාද එක්‌සත්ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායම පැමිණියේ නැත.

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයට ලැබෙන පැමිණිලි මත එකී පරීක්‍ෂණ කණ්‌ඩායම ක්‍රියාකරන බවයි.

මේ පැමිණිලිකරුවන් වෙනින් කවුරුත් නොව එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌වූ යස්‌මින් සුකා, කොටි ඩයස්‌පෝරාව සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයි.

දින 11 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ විමර්ශනය සිදුකළ මේ කණ්‌ඩායම අවසානයේ පැවසුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, ආරක්‍ෂක හමුදාවත් අධිකරණය සහ අනිකුත් බලධාරීන් විසින් පුද්ගල නිදහස සඳහාවූ හිමිකමට තවමත් ප්‍රමුඛත්වයක්‌ ලබාදී නැති බවයි.

එසේම පුද්ගලයන්ගේ නිදහස අහිමිකිරීමේ වත්මන් බලතල පුළුල් පරාසයක ආයතනවලටද ව්‍යාප්ත වී ඇති බවත් එම කණ්‌ඩායම තවදුරටත් සඳහන් කර ඇත.

geniwa2මෙලෙස පුද්ගල නිදහස අහිමිකර ඇති බව කියන පාර්ශවවලට සන්නද්ධ කණ්‌ඩායම්වල හිටපු සටන්කාමීන්ද අයත් යයි එක්‌සත්ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම ප්‍රකාශ කිරීම විහිළුවක්‌ නොවේද?

මොවුන් පවසන පුද්ගලික නිදහස අහිමි කළ කණ්‌ඩායමට අයත් හිටපු සටන්කාමීන්ගේ පසුබිම කුමක්‌ද?

මේ හිටපු සටන්කාමීන් යනු ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කර මගී ජීවිත 55 ක්‌ වැනසීම, බස්‌ රථවලට බෝම්බ තබා සිවිල් ජනතාව මරාදැමීම, හමුදා සෙබළුන් ඝාතනය, අනුරාධපුර ගුවන් තොටුපලට පහරදී ආරක්‍ෂක හමුදා භටයන් රැසක්‌ මරාදැමීම ඇතුළු බිහිසුණු අපරාධ කළවුන්වේ.

එසේම මෙම විමර්ශන කණ්‌ඩායමද 1979 ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු යයිද රජයෙන් ඉල්ලා ඇත.

මේ අතර කොටි අළුගෝසුවන්ගෙන් සාක්‍ෂි සටහන් කරගත් එක්‌සත්ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම දෙසැම්බර් 15 දා බණ්‌ඩාරනායක සමරුහලේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය.

මේ අවස්‌ථාවට සිරගතව සිටින නාවික කොමදොaරු දසනායකගේ බිරිය වූ චන්ද්‍රිකා දසනායක සහ ඇගේ දියණියක්‌ද පැමිණ සිටියහ. එහිදී කොළඹ එක්‌සත්ජාතීන්ගේ කාර්ය මණ්‌ඩලය පැවසුවේ විමර්ශන කණ්‌ඩායම පැමිණීමට පෙර ඔවුන් එම ස්‌ථානයෙන් පිටව යා යුතු බවයි.

මින් සනාථවන්නේ කොළඹ එක්‌සත්ජාතීන්ගේ කාර්ය මණ්‌ඩලය මානව හිමිකම් මර්දනය කරන කේන්ද්‍රස්‌ථානයක්‌ බවයි. මෙය පුදුමයක්‌ නොවේ. කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත්වන සමයේ කොළඹ එක්‌සත්ජාතීන්ගේ කාර්යාලය ක්‍රියාත්මකවූයේ කොටි හිතවාදීන්ගේ ගුහාවක්‌ මෙනි.

කොළඹ එක්‌සත්ජාතීන්ගේ කාර්යාලය අද ක්‍රියාත්මක වන්නේ ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතා මතය. ඒ බව සනාථවන්නේ මෙරට පැමිණෙන සෑම එක්‌සත්ජාතීන්ගේ නියෝජිතයකුම රටේ තත්ත්වය සහ මානව හිමිකම් උල්ලංඝණයවීම් ගැන විමසන්නේ එම එන්ජීඕ ක්‍රියිකාරීන්ගෙන් පමණකි. එසේම විශේෂ මාධය සාකච්ඡා පවා ලබාදීමට ක්‍රියාකරන්නේ අල්ජසීරා, රොයිටර් සහ බීබීසී වැනි බටහිර මාධ්‍ය පාර්ශවවලට පමණකි.

මේ පසුබිම මැද මෙරටට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් මුල්වරට මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූයේ බණ්‌ඩාරනායක සමරුහලේදීය. එහෙත් ඊට පෙරර මාධ්‍ය සාකච්ඡා පවත්වන ලද්දේ කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය තුළය.

මේ තත්ත්වය මැද නාවික කොමදොaරු දසනායකගේ බිරිය තම සැමියාට සිදුවී ඇති අසාධාරණය ගැන පිටු දෙකක පැමිණිල්ලක්‌ විමර්ශන කණ්‌ඩායමට බාරදීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

එම ලිපියේ මෙලෙස සඳහන් විය.

“මගේ සැමියා වූ දසනායක අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රමාණවත් සාක්‍ෂිවලින් තොරවය. එක්‌සත්ජාතීන්ගේ නියෝජිතයකු කළ වගකීමෙන් තොර ප්‍රකාශ නිසා ඔහුගේ කීර්තිනාමයට බරපතල හානියක්‌ සිදුවිය. එමර්සන් නැමැති එම එක්‌සත්ජාතීන්ගේ නියෝජිතයා කළ ප්‍රකාශය මගේ සැමියාගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. එසේම කොමදොaරු ඩී. කේ. පී. දසනායක අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසිය කටයුතු කළේ නීතිපති සහ අධිකරණයේ අනුදැක්‌මකින් තොරවය. ඔහු මේවන විට මාස 6 ක්‌ රිමාන්ඩ් භාරයේ සිටින අතර ඔහුට ඇප ලබාදීම සඳහා රහස්‌ පොලිසිය අනුමැතිය නොදෙමින් පවසන්නේ පරීක්‍ෂණ අවසන් නැතිබවයි.

මේ නිසා මගේ සැමියාගේ පුද්ගලික නිදහස කිසිදු හේතුවක්‌ නොදක්‌වා අහිමිකිරීමට මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි.”

geniwa3මේ සංදේශය එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩලයට බාරදීමට කොමදොaරු දසනායකගේ දියණියද උත්සාහ කළ විට ලී ටුමේ නැමැත්තිය පැවසුවේ නාවික හමුදා නිලධාරියා රිමාන්ඩ් භාරයේ සිටීමේ සිද්ධිය එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට (UN Charter) අයත් නැති බවයි. එසේම එක්‌සත්ජාතීන්ගේ කාර්යාලයේ ද්‍රවිඩ කාන්තාවක්‌ද දසනායකගේ දියණියට එරෙහිවී ඇත.

එසේ නම් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් 27 ක්‌ මරා පිළිස්‌සූ කොටි අළුගෝසුවන් තිදෙනාගෙන් සාක්‍ෂි සටහන් කර ගැනීමට එක්‌සත්ජාතීන්ගේ විමර්ශක කණ්‌ඩායම ක්‍රියාකළේ එම ත්‍රස්‌තයන් එක්‌සත්ජාතීන්ගේ ප්‍රඥප්තියට අයත් වූවත් යයි පිළිගනිමින්ද?

එක්‌සත්ජාතීන්ගේ ප්‍රඥප්තියේ කිසි තැනක ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් ගැන සඳහන් නොවේ.

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය ජිනීවා මානව හිමිකම් සම්මුති කිසිදිනෙක පිලිගත්තේ නැත.

මෙහිදී එක්‌සත්ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම පැවසුවේ කොමදොaරු දිසානායකගේ පැමිණිල්ල බාර නොගන්නේ කොටි වෙනුවෙන් කරන ලද පැමිණිල්ලක්‌ නොවන නිසා බවයි.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් මේ එක්‌සත්ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායම මෙරට සිරගෙවල්වල සිටින කොටි මිනීමරුවන් වෙනුවෙන් පෙනීසිටීමයි.

ඔවුන් තවදුරටත් පැවසුවේ රජය කොටි මිනීමරුවන්ගේ පුද්ගලික නිදහස්‌ අහිමිකර ඇති බවයි.

ඉන් එම කණ්‌ඩායම රජයට කියන්නේ දරසෑයක්‌ හදා හමුදා සෙබලුන්ගේ සිරුරු පුළුස්‌සා දැමූ සහ මිසයිල ප්‍රහාර එල්ලකර ගුවන් යානා වැනසූ කොටි මිනීමරුවන් නිදහස්‌ කළ යුතු බවයි.

මේ නිසා විටින් විට එක්‌සත්ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම්වලට සහ විශේෂ නියෝජිතයන්ට මෙරටට ඇතුළුවීමට ඉඩදීම තුළින් තහවුරුවන්නේ විදේශිකයන්ට රටේ ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමට ඉඩදීම නොවේද?

මෙම එක්‌සත්ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම වව්නියාවේ බුද්ධි අංක කඳවුරු පවා පරීක්‍ෂාකරද්දී මෙරට හමුදා බලධාරීන් දැඩිඅසරණ තත්ත්වයකට පත්වූහ.

මේ හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට අවසරය දී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයයි. වන්නි මෙහෙයුම සමයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබැන්ඩ් පන්නා ගත් අත්අතර එක්‌සත්ජාතීන්ගේ නියෝජිත නම්බියාර්ට වන්නියට යැමට ඉඩදුන්නේ නැත.

එහෙත් අද සිදුවන්නේ කොටි ත්‍රස්‌තයන් සිටින සිරගෙවල්වල මෙන්ම ආරක්‍ෂක කඳවුරුවලද දොර විවෘත කිරීමයි.

geniwa4මේ අවාසනාවන්ත තත්ත්වය මතුවී ඇත්තේ ජාතික ආරක්‍ෂාව ගැන නොදන්නා බලධාරියෙක්‌ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ ධුරයකට පත්වීමයි. මේ බලධාරියා විටින් විට චාරිකාවල යෙදනවා මිසක්‌ ආරක්‍ෂක හමුදාවේ උන්නතියට කිසිම දෙයක්‌ කර නැහැ යයි ආරක්‍ෂක ආරංචි මාර්ග කියා සිටියේය.

අපි මේ සැබෑ යථාර්ථය හෙළිකරනවිට වඩාත්ම රිදෙන්නේ ඩොලර් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් සහ රණවිරුවන් යනු මිනීමරුවන් බව සනාථ කිරීමට උත්සාහ කරන ෙද්‍රdaහින්ටය.

ඇමරිකාව ගුන්තනාමෝබේ සිරකඳවුර එක්‌සත්ජාතීන්ගේ විමර්ශනයන්ට විවෘත කළේ නැත. ඉන්දියාවටද අනුගමනය කළේ එම පිළිවෙතයි.

මෑතකදී මානව හිමිකම් කොමාසාරිස්‌වරයා ඉන්දියාවට මානව හිමිකම් නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ එවීමට කළ ඉල්ලීම ඉන්දීය රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

එහෙත් අපේ රටේ සිදුවන්නේ මානව හිමිකම් බරපතල ලෙසින් කඩකල කොටි ඝාතන සමාගමේ මානව හිමිකම් ගැන සෙවීමට එක්‌සත්ජාතීන්ගේ දූෂිත පරීක්‍ෂණ කණ්‌ඩායම් ක්‍රියාකිරීමයි. මේ අතර බිම් බෝම්බ තහනමට අදාළ ඔටාටා සම්මුතියට ශ්‍රී ලංකා රජය අනුමැතිය පළකළේය.

එම අනුමැතිය නිසා මින්මතු සතුරන්ගෙන් හමුදා කඳවුරු බේරාගැනීම සඳහා කඳවුරු අවට බිම්බෝම්බ ඇතිරීමද තහනම් වේ. මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩවී ඇති බව ෙද්‍රdaහීන් විසින් ප්‍රචාරයක්‌ දියත් කර ඇත. එය මුළුමනින්ම මුසාවක්‌ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් අද්මිරාල්වරයා පැවසුවේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාර්ථකත්වය කෙරෙහි ඉවසාගෙන සිටීමට නොහැකි පාර්ශව මේ දීන ප්‍රචාරය දියත් කර ඇති බවයි. රටවල් 10 ක ක්‍රියාත්මක වන මේ සංසදය බිඳදැමීමට රජයට සම්බන්ධ පාර්ශව සහ කොටි ඩයස්‌පෝරාව පසුගිය කාලය මුළුල්ලේ දැරූ සියලු උත්සාහයන් අපි පරාජය කළා. මේ බොරු ප්‍රචාර දියත් කරන පාර්ශව වල වෙස්‌මුහුණු දැන් ගැලවී බිමවැටී ඇතැයිද හෙතෙම පළකළේය.

geniwa5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here