මෙන්න වැඩ! – ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් ලක්‍ෂ 2 ක පෙත්සමක්‌ සමඟ මානව හිමිකම් සමුළුවට කඩාවදියි

0
846

“ජනතාව රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණකි හැම දිනකම ජනතාව රැවටිය නොහැකිය” – හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්

ඉරිදා දිවයිනට ජිනීවා සිට විශේෂයෙන්

genewaජිනීවා මානව හිමිකම් සමුළුව තවදුරටත් පැවැත්වේ. එහෙත් රජය මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදෙන ප්‍රතිඥ ජනතාවට හෙළිවන්නේ නැත. මෙය සනාථ වන්නේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වූ කලාන්තරිය විශ්ව සමාලෝචන වාර්තාවයි. මෙම වාර්තාවෙන් දැක්‌වෙන්නේ රටවල් රැසක්‌ම ශ්‍රී ලංකාවට ඉටුකළ යුතු කාර්ය භාරයයි. මේ සතියේ දිනෙක මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන ලද එකී සමාලෝචන වාර්තාවේ නිර්දේශ 177 ක්‌ ශ්‍රී ලංකා ආණ්‌ඩුව පිළිගනු ලැබීය. තවත් නිර්දේශ 53 ක්‌ පිළිගැනීමට ක්‍රියාකළේ නැත. එහෙත් ශ්‍රී ලංකා රජය මේ නිර්දේශ 177 පිළිගැනීමට පෙර ජනතාව වෙත එම නිර්දේශ කුමක්‌දැයි අනාවරණය කළේ නැත. රජයේ මාධ්‍ය පවා ඒ ගැන නිහඬ විය. මේ හැර ශ්‍රී ලංකාවේ රජය සිය කැමැත්තෙන්ම ගිවිස ගැනීම් 20 කට එකඟ විය. අද අපි අනාවරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රජය පිළිගත් නිර්දේශයි.

1. සිවිල් යුද්ධය පැවැති සමයේ සිවිල් ජනතාවට එරෙහිව සිදුකළ අපරාධ පරීක්‍ෂණ අවසානයකට ගෙනයන බවට ශපථ කිරීම – (ප්‍රංශ රජය)

2. සන්නද්ධ ගැටුමින් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පූර්ණ විමර්ශනයක්‌ පැවැත්වීම සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහතික කිරීම (සියරාලියොන් රාජ්‍යය)

3. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අපචාර පිළිබඳව ආරක්‍ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බව සහතික කිරීම.

මේ නිර්දේශය ඇමරිකානු රජය ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා ආණ්‌ඩුව එය පිළිගනු ලැබීය.

එහෙත් ඇමරිකාවේ මෙම නිර්දේශයට ශ්‍රී ලංකාව එකඟ වූ බව මෙරට ජනතාවගෙන් වසන් විය.

ඒ වෙනුවට ජනතාවට ප්‍රචාරය වූයේ රජය මානව හිමිකම් අර්බුදය මුළුමනින්ම අවසන් කළ බවයි.

එසේම ප්‍රංශය ඉදිරිපත් කළ තවත් නිර්දේශයකට අපේ රජය එකහෙළාම එකඟ විය.

ඒ සංක්‍රමණික යුක්‌තිය සඳහා ලබාදුන් ප්‍රතිඥ විශ්වාසයකින්, වින්දිත කේන්ද්‍රිය සහ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබන වගවීමේ යාන්ත්‍රණයක්‌ද ඇතුළුව පසුගියදා ස්‌ථාපිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පූර්ණ ලෙස සක්‍රිය කිරීම සහ ක්‍රියාවට නැංවීමයි.

රජය තවදුරටත් පිළිගත් නිර්දේශ මෙසේය.

4. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රිය කරමින් සත්‍ය සෙවීමේ කොමිසමක්‌ හානිපූර්ණ කාර්යාලයක්‌ සහ ඊට කැපවූ විශේෂ නීතිවේදියකු සහ වගවීමේ යාන්ත්‍රණයක්‌ද ඇතුළු සම්පූර්ණ සංක්‍රමණීය යුක්‌ති ව්‍යාපෘතියක්‌ ස්‌ථාපිත කිරීම

මේ නිර්දේශය ඉදිරිපත් කළේ සංහිඳියාව ගැන හඬනඟන දකුණු අප්‍රිකාවයි. එහෙත් දකුණු අප්‍රිකාවේ දේශපාලන නායකයකුවූ ජුලියස්‌ ටැලේමා මේ සතියේදී පැවසුවේ තම පක්‍ෂය සුද්දන් කෙරේ තැකීමක්‌ නොකරන බවයි. එවන් වාතාවරණයක්‌ දකුණු අප්‍රිකාවේ පවතින අවස්‌ථාවේ දකුණු අප්‍රිකානු නිර්දේශය පවා රජය පිළිගත්තේය.

ලක්‍ෂ ගණනක්‌ ජනතාව අතුරුදන් කළ ආජන්ටිනාවද ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශයක්‌ ඉදිරිපත් කළේය.

මේ නිර්දේශයේ සඳහන් වූයේ ගැටුම අතරතුර සහ ඉන්පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වරදකරුවන්ට නඩු පැවරීමත්, ගැටුමට මැදිවූ වින්දිතයන්ට සහන ලබාදිය යුතු බවයි.

genewa1ශ්‍රී ලංකා රජය එම නිර්දේශයද පිළිගනු ලැබීය.

පීරු සහ එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාවේ රජය ත්‍රස්‌ත මර්දන පනත කෙටුම්පත් කළ යුතු අන්දම ගැනද නිර්දේශයක්‌ ඉදිරිපත් කරමින් එම පනත ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකස්‌විය යුතු බව දන්වා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධව නිර්දේශ 345 ක්‌ මෙම සමාලෝචන වාර්තාවට ඇතුළත්වී තිබුණි.

මෙහිදී ඔස්‌ටි්‍රයාව, ස්‌ලොවකියාව, තිමෝරය, එස්‌ටෝනියාව, ගෝතමාලාව සහ ලැට්‌වියාව යන රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කළ යුතුයි යන නිර්දේශය ඉදිරිපත් කළ නමුත් රජය ඊට එකඟ වූයේ නැත.

එසේම කොටි යුද අපරාධකරුවන්ට රැකවරණ ලබාදෙන කැනඩාව විසින් ශ්‍රී ලංකාව විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතුයෑයි නිර්දේශ කර තිබුණි.

මෙම සමාලෝචන වාර්තාවේදී ශ්‍රී ලංකා රජය ස්‌වෙච්ඡාවෙන් ගිවිස ගත් 119 යටතේ සඳහන් කරුණු නම් බලය විමධ්‍යගත කිරීමට අදාළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය ක්‍රියාවලිය.

එහෙත් රජය ඊට එකඟවූවත් ජනතාවගේ එකඟත්වය සඳහා එය ඉදිරිපත් කර තිබුණේ නැත.

මේහැර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා නිලධාරීන් විදේශගත සාම හමුදා ක්‍රියාදාමයකට යොමුකිරීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ මෙහෙයවීමෙන් යුත් නිරීක්‍ෂණ ක්‍රියාදාමයකට ලක්‌කිරීමටද ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

කොටි යුද අපරාධකරුවන් රැසකට දේශපාලන රැකවරණ ලබාදී ඇති ස්‌විට්‌සර්ලන්ත රජයද මෙරට ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්‌කරණයකට ලක්‌කළ යුතු යයි නිර්දේශයක්‌ ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස රටවල් රැසක්‌ ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශ ඉදිරිපත් කළත් එම නිර්දේශවල සැබෑ යෝජකයන් රාජ්‍ය නොවන සංවිධානයි.

ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වන්නේ මෙරට එන්.ජී.ඕ හෙවත් රාජ්‍ය නොවන සංවිධාන 380 කට ලැබී ඇති මුදල රුපියල් බිලියන 36 ක්‌ වේ. එහෙත් මේ අතිවිශාල මුදල වැයකළේ කුමන කාර්යයක්‌ සඳහාදැයි පසුගිය රජය සහ වත්මන් රජයද විමර්ශනය කර නැත.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී හිටපු එක්‌සත් ජාතීන්ගේ තානාපති ස්‌ටීවන් රැප් සහ කොටි හිතවාදීන් සාකච්ඡා කරන අයුරු අපට දැකගැනීමට ලැබුණි. මින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවට එල්ලවූ බොරු යුධ අපරාධ චෝදනායි. මේ චෝදනා මුලින්ම එල්ලවූයේ ස්‌ටීවන් රැප්ගෙනි.

එහෙත් ස්‌ටීවන් රැප් අද කොටි හිතවාදීන් සමඟ එක්‌වී ඇත. එසේ වූවත් රජය රැප්ගේ මේ දෙබිඩි රංගනය අවධානයට ලක්‌කර නැත. යුද අපරාධ පිළිබඳ විමර්ශන කිරීමේ එක්‌සත් ජාතීන්ගේ තානාපතියා කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌වූයේ නම් හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සහ වත්මන් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මුදලට ගැනීමට කොටි ඩයස්‌පෝරාව ක්‍රියානොකරනු ඇතැයි කිවහැකිද?

මේ තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පෝරා සංවිධාන 17 ක්‌ හමුවේ ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇත.

ඒ සඳහා මැදපෙරදිග සිට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර ලේකම් යසස්‌ ධර්මදාස, විධායක අධ්‍යක්‍ෂ ශාමෙන්ද්‍ර වික්‍රමාරච්චි සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජනිත් ඉෂාර, බ්‍රිතාන්‍යයේ සිට ලේකම් ජයරා- පලිහවඩන, සභාපති ප්‍රශාන්ත ජයමාන්න, ස්‌විට්‌සර්ලන්තයේ එරික්‌ මාකවිට, කුවේටයේ මේරි විලියම්ස්‌ සහ ශ්‍රී ලංකාවේ සිට රියර් අද්මිරාල් සරත් වීරසේකරද, දර්ශන වීරසේකරද ජිනීවා නුවරට පැමිණ ඇත.

එසේම ඉතාලියේ මව්බිම වෙනුවෙන් අපි සංවිධානයේ ප්‍රධානි රොශාන් ජයමාන්නද කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌වීමට සම්බන්ධ වී සිටී.

මේහැර ඉතාලියේ මෝදනා නගරයේ සිට ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් වසන්ත කීර්තිරත්න ඇතුළු කණ්‌ඩායමත් මෙම මාර්තු 21 දා ජිනීවා මානව හිsමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමටද සැලසුම්කර ඇත.

මේ නිසා වසර ගණනාවක්‌ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි ඩයස්‌පෝරාව මෙන්ම 1971 කැරැල්ලේ ක්‍රියාකාරිකයකුවූ රංජිත් හෙවත් සුනන්ද දේශප්‍රිය නමැත්තා ගෙනගිය පාලුගෙයි වළං බිඳීමද බිඳ වැටේ.

මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාව විසින් තවත් හමුදා නිලධාරීන් අටදෙනකුගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

genewa2ඊලම් සංවිධාන 14 ක්‌ විසින් යුද අපරාධකරුවන් බවට නම්කර ඇති මේ හමුදා නිලධාරීන් ලුතිනන් කර්නල් සී. ඒ. රාජපක්‍ෂ, දිනේෂ් උදලාගම, ජී. සී. කොඩිතුවක්‌කු, මේජර් වසන්ත හේවගේ, ලුතිනන් කර්නල් රන්දුල හමන්ගොඩ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, ලුතිනන් කර්නල් සිසිර හේරත් බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් අනාවරණය විය.

මේ හමුදා නිලධාරීන්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කර ඇති සංවිධාන ගැනද අපි සොයාගත්තෙමු. ඒ සෑම වසරකම ජිනීවා පැමිණෙන හිටපු කොටි කණ්‌ඩායමයි.

මේ හොර සංවිධානවලින් රැසක්‌ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වේ. භාරති සංස්‌කෘතික සංවිධානය, ඒ. බී. සී. තමිල් ඔලි, ටැමිල්ස්‌ ඉන් ප්‍රාන්ස්‌, මොරිටානියා සංවිධානය, ඇප්‍රිකා සහයෝගිතා සංවිධානය, ලේ පොන්ට්‌, ටැමිල් උයගම්, ටර්ගර් ලා පේෂ් නමින් හඳුන්වන මෙම තක්‌කඩි සංවිධානවලට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත වී ඇත.

මේ ඇතැම් සංවිධාන කොටි ඩයස්‌පෝරාව විසින් මුදල් ගෙවා ලබාගෙන තිබේ.

මෙම සංවිධාන විසින් ලුතිනන් කර්නල් හේවගේට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කර තිබුණේ ඔහු ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සහය දක්‌වමින් ෆේස්‌බුක්‌ අඩවියේ සටහනක්‌ තබා ඇති බවය.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවේ සිට සහ රාජ්‍ය නියෝජිත කණ්‌ඩායම් සහ වෙනත් පාර්ශව සමුළුව පසුබිමේ සිදුවන දේ නොදනී. මේ තත්ත්වය මැද ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් දෙලක්‍ෂයක පෙත්සමක්‌ රැගෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණියේය. ඔහු එම පෙත්සම මානව හිමිකම් බලධාරීන්ට භාරදෙමින් පැවසුවේ උතුරු නැගෙනහිර ජනතාව ඊට අත්සන් කළ බවයි. මේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කණ්‌ඩායමට යොමුකරන ලෙසයි. එහෙත් ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමුකළ හැකිද?

ගඡේන්ද්‍රකුමාර්ට සිය පෙත්සම සාර්ථක කර ගැනීමට නොහැකිවන්නේ රුසියාව සහ චීනය සිය නිෂේධ බලය යොදවා එම පෙත්සම ඇතුලත් යෝජනාව නිෂ්ප්‍රභකිරීමට ක්‍රියාකරන නිසාය.

එසේවූවත් ගජෙන්ද්‍රකුමාර්ලා නටන මේ නාඩගම රාජෙද්‍රdaහි ක්‍රියාවක්‌ ලෙස යහපාලන රජය සිතන්නේ නැත. එම අත්සන් දෙලක්‍ෂයේ පෙත්සම ගැනද රජය නිහඬව සිටියේය.

මේ අතර පසුගිය සඳුදා (12දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නැමැති කොටි හිතවාදී සංවිධානය සහ තමිල්නාඩුවේ පසුමායි නායගම් පදනම සංවිධානය එක්‌වී ශ්‍රී ලංකාවේ හමුදාව විශාල ලෙස ම්ලේච්ඡ අපරාධ සිදුකර ඇති බවත් ඊට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නිසි පියවර ගෙන නැතැයිද කියමින් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

genewa3මේ රැස්‌වීම සඳහා කොටි ඩයස්‌පෝරාව විසින් විශාල මුදලක්‌ ගෙවා යුද අපරාධ පිළිබඳ සෙවීමේ යෙදුනු එක්‌සත්ජාතීන්ගේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් ගෙන්වා තිබුණි. රටින් පිටත ඊලම් ආණ්‌ඩුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මානික්‌කවාසගර් නැමැත්තා මේ රැස්‌වීම මෙහෙයවූ අතර ඊට නීතිවේදියකුවූ රොබට්‌ රොජර්ස්‌ද සහභාගිවිය.

මෙයට පෙර රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නමැති සංවිධානය රොබට්‌ රොජර්ස්‌ගේ මෙහෙයවීමෙන් මැප් (Map) නමින් කණ්‌ඩායමක්‌ පිහිටුවා ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බව පවසමින් මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

මෙලෙස කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවේ හමුදා යුද අපරාධකරුවන් කිරීමට සෑම උත්සාහයක්‌ම ගනිද්දී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජිනීවාහි නිත්‍ය නියෝජිත කාර්යාලය අන්ධයන් මෙන් ක්‍රියාකරති. ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ එකම රාජකාරිය නම් නිලධාරිනියක්‌ එවා කොටි ඩයස්‌පෝරාවේ කතා සමනය කරගැනීමයි. එසේම තවත් නිලධාරියෙකුගේ රාජකාරිය වූයේ ඊලම්වාදීන් වෙත ගොස්‌ ඔවුන්ගේ කතාවල පිටපත් ලබාගැනීමයි. වතු අධිකාරිවරයකුවූ මේ නිලධාරියා මහනුවර දේශපාලනඥයකුගේ සමීපතම ඥතියෙකි. ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බව පැවසුවේ මොහුයි.

මේ නිසා ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් මානව හිමිකම් කවුන්සිලය තුළ පිනුම් ගැසීම පුදුමයක්‌ නොවේ.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව සමාන්තර රැස්‌වීම් පවත්වන පසුමායි නායගම් යනු ඩයස්‌පෝරා සංවිධානයක්‌ නොව තමිල්නාඩුවේ චෙන්නායි නුවර පාරිසරික සංවිධානයකි. මේ සංවිධානය ගැන අපි මානව හිමිකම් කවුන්සිලයෙන් සිදුකල විමර්ශනයේදී හෙළිවූයේ එය පිහිටුවා ඇත්තේ කොටි හිතවාදියකුවූ රායි ෙද්‍රdප් නමැත්තායි.

ඔහු මේ සංවිධානය දුප්පත්කම දුරුකිරීම සහ පාරිසරික ප්‍රශ්න ගැන කතා කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලියාපදිංචි වී ඇතත් මානව හිමිකම් සමුළුව ඉදිරියේ හඬ නඟන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

මේ සතියේ දිනෙක උසුමායි නායගම් සංවිධානය වෙනුවෙන් ලීලාදේවි නමැත්තිය ශ්‍රී ලංකාවට එරෙහිව හඬනඟන අයුරු අපි බලාසිටියෙමු. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන ඊලම් සංවිධාන විසින් සකස්‌කළ ප්‍රකාශයක්‌ ලිලාදේවි වෙත ලබාදෙන අයුරු අපි සියෑසින් දුටුවෙමු. මේ සාවද්‍ය ප්‍රකාශ මානව හිමිකම් සමුළුව ඉදිරියේ කියවීම සඳහා තමිල්නාඩුවේ සිට ද්‍රවිඩ නායිකාවන් පිරිසක්‌ද ජිනීවා පැමිණ ඇත. ඔවුන් මානව හිමිකම් සමුළුව තුළ රඟපෑමක යෙදෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් ලෙසිනි. එහෙත් සැබැවින්ම එම කාන්තාවන් චෙන්නායි නුවර සිට කුලියට ගෙන ආ පිරිසකි.

එසේවුවත් තමිල්නාඩුවේ පාරිසරික සංවිධානයක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් විමසීමට ක්‍රියාකළේ නැත.

මේ හැර ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌කළ යුද අපරාධ පිළිබඳ සෙවීමේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් කෙරේ විශ්වාසය තැබිය නොහැකි බවද ශ්‍රී ලංකාව එක්‌සත්ජාතීන්ගේ මහලේකම් ගුටාරෙස්‌ට පැමිණිලි කිරීමටද ඉදිරිපත් වී නොමැත.

මේ තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදය පසුමායි නායගම් සංවිධානයේ ලිලාදේවි නමැත්තියට දැඩි ප්‍රතිචාරයක්‌ දක්‌වමින් ඇය සාවද්‍ය ප්‍රකාශයක්‌ කළ බව කියා සිටියේය. ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රොශාන් වීරසූරිය එම ප්‍රතිචාරය දක්‌වනු ලැබීය.

මෙවන් පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලකරන සාවද්‍ය ප්‍රචාර වලට නිසි ප්‍රතිචාර දැක්‌වීමට යහපාලන රජයේ කිසිවෙක්‌ නොසිටියදී සමස්‌ත දේශප්‍රේමීන් වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පෝරාවේ ජිනීවාහි කොටි ඒකාධිකාරය බිඳ දැමුවේය.

ඒ කොටි සිදුකළ බිහිසුණු යුද අපරාධ ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක්‌ මාර්තු 21 දා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති කකුල් තුනේ පුටුව අසල පැවැත්වීමයි.

ගතවූ වර්ෂ කීපය තුළ කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් සෑම මාර්තු මසකම මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පවත්වනු ලැබීය.

එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් ඔවුන් යුද අපරාධකරුවන් ලෙස නම්කර තිබුණි.

එහෙත් ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඊට එරෙහිව ස්‌විස්‌ බලධාරීන්ට කිසිදු පැමිණිල්ලක්‌ කිරීමට ක්‍රියාකළේ නැත.

මේ නිසා කොටි සිදුකළ යුද අපරාධ පිළිබඳ ස්‌විස්‌ ජනතාව සහ කකුල් තුනේ පුටුව අසල සැරිසරන සංචාරකයන්ගේ අවධානය උදෙසා මේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ. එහිදී කොටුව මහ බැංකු බෝම්බය, කැබිතිගොල්ලෑව බස්‌ රථ බෝම්බය, මායිම් ගම්මානවලදී ළදරුවන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම, අරන්තලාව භික්‍ෂු ඝාතනය ඇතුළු යුද අපරාධ රැසක්‌ පිළිබිඹු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අතුරුදන්වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් රඟපෑමක යෙදුනේ අතුරුදන්වූ දරුවන්ගේ මවුවරුන්ද? 2009 සිට ජිනීවා නොපැමිණි මොවුන් එකවරම 2018 මාර්තු මස ජිනීවා පැමිණීම අබිරහසක්‌ නොවේද? මේ මවුවරු සිව්දෙනා කවුදැයි මෙතෙක්‌ හෙළිවී නැත.

genewa4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here