යාපනයේ කුලවාදයට එරෙහිව රවි කුමාර් !

0
484
favicon

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන්, යාපනය දිස්ත්‍රික්කයෙන් තුන්වන ස්වාධීන කණ්ඩායමේ රවි කුමාර්ගෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ චන්දාපේක්ෂක උදය ගම්මන්පිල‍යන්ගෙන් හා ජාතික චන්ද නාමලේඛණයෙන් ගොවිඳු කුමාරණතුංගයන්ගෙන් විශේෂ ප්‍රකාශ.

රවි කුමාර් මහතා සඳහන් කරමින් කියා සිටියේ යාපනයේ ඉතා තදින් කුලවාදය පවතින බවත්, සමානාත්මතාවයක් නොමැතිබවත්, විවාහ වලදී දෑවැද්ද අනිවාර්ය බවත්, ඉන්දියාවේ අම්බෙඩ්කාර් තුමාසේ තම කණ්ඩායම යාපනය කුලවාදයේ ග්‍රහනයෙන් මුදවා ගැනීම සඳහා ඉදිරිපත් උන බවත්ය. අනෙක් පක්ෂ චන්ද කටයුතු සඳහා අසාමාන්‍ය ලෙස වියදම් කරන බවත්, තම පක්ෂයට එවන් හැකියාවක් නොමැති බවත්, හැකියාවක් ඇති අයට කුලවාදය තුරන්කිරීම සඳහා ගෙනයන්නාවූ තම ව්‍යයායාමයට ආධාර කරන ලෙසත් එතුමා ඉල්ලා සිටින ලදී. LTTE විසින් බුදු දහම යනු සිංහලුන්ගේ ආගමක් යැයි මිත්‍යාවක් පතුරා ඇති බවත් එය කොතරම් දරුනුද කිවහොත් බුදුරදුන් මහින්ද රාජපක්ෂයන්ගේ මිතුරෙකුලෙස හඳුන්වාදී ඇති බවත් ප්‍රකාශ කරනලදී. යාපනයේ අන්‍යාගම්කරණය දැඩිව පවතින බවත් තම සංවිධානය විසින් ඒ සඳහා විකල්ප වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කරනලදී.

උදය ගම්මන්පිලයන් සඳහන්කලේ මහින්දගේ කොඩි, කාර්‍යාල, පත්තර ගුවන්විදුලි සහ රූපවාහිනීවල දැන්වීම් අඩු උනද මහින්දගේ රැස්වීම් වලට රනිල්ගේ රැස්වීම් වලට වඩා ජනතාව පැමිනෙන බවද මැද කොළඹ පවා රනිල්වටා ජනතාව රැස්වීමේ අඩුවක් පවතින බවය. UNP අපේක්ෂකයින් පවා මේ තත්ත්වය හඳුනාගෙන ඇති අතර රනිල් යනු මහින්දසේ ආකර්ෂණය කරගත හැකි අලෙවිකල හැකි භාණ්ඩයක් නොවන බව හඳුනාගෙන ඇති බවද ප්‍රකාශ කරන ලදී. මඩ බලකාය විසින් පසුගිය වකවානුවේදී හොරා හොරා යන වචනය රටපුරා වැපිරුවද රාජපක්ෂ වරුන් කිසිම හොරකමකට සම්බන්ද යැයි ඔප්පු කරගත නොහැකිව දැන් වියරු වැටී සිටින බවද, අලුත්ම වටයකින් නව මුහුනු වරකින් සැබෑ වෙනසකින් රාජපක්ෂවරුන් මිනීමරුවන් යැයි හංවඩුගැසීමේ ව්‍යාපාරයක් ඇතැයිද ප්‍රකාශ කරන ලදී. තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය රාජපක්ෂවරුන් මත පැටවීමේ නිහීන ක්‍රියාවලියක රනිල්වරුන් නිරත්වී ඇති බව එතුමා ප්‍රකාශ කරනලදී. තවද මෙවර තනි පුද්ගලයෙකු විසින් වැඩිම මුදලක් චන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදවන්නේ බලය සහ බලය වෙනුවෙන් රට ජාතිය පාවාදුන් තැනැත්තෙකු බවත් එය රුපියල් ලක්ෂ 1400 ක් වන බවත්ය. පැනයකට පිලිතුරු දෙමින් ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ පසුගියවර මෙන්නොව මෙවර රජය තුලම විකල්ප කණ්ඩායමක් ඇතිකොට රජය නිසි මාවතේ ගමන් කිරවීමට කටයුතු කරවන බවය.

ගොවිඳු කුමාරණතුංගයන් ප්‍රකාශ කලේ 19 වන ව්‍යවස්ථාව රනිල්ගේ උගුලක්‍ යැයි ප්‍රකාශ කල චම්පක රනවකද, 20 වන ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවර්ථ කලේ රනිල් යැයි චෝදනා කල රතන හිමිද, මංගලගේ දෙමල ඩයස්පෝරා සැනකෙලිය තනිකරම කොටි සැනසීමක් යැයි කිවූ නිශාන්ත වර්ණසිංහයන්ද අද රනිල්ව වර්ණනා කරමින් රනිල් සමග පෙල ගැසී සිටින බවය. තවද උතුරේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමි කිවූ චම්පක අධි ආරක්ශිත කලාපවල ඉඩම් ගෝඨාභය අත්පත් කරගත් ඉඩම්ලෙස පහත් කොට සැලකු බවද ඒවා හිමිකරුවන් වෙත මුදා හැරිය යුතුයි ප්‍රකාශ කල බවද එහෙත් එසේ මුදාහල ඉඩම්වල කිසිවෙකු තවමත් පදිංචි නොමැතිබවද එයට හේතුව ඔවුන් යුරෝපීය රටවල පදිංචිවී ඇතිබව හෙලිවී ඇතැයිද ප්‍රකාශ කරන ලදී. සත්‍ය තත්ත්වය නම් අධි ආරක්ශිත කලාපවල ඉඩම් මුදවා හැරීම ඉඩම් අහිමිවුන ජනතාවකට ඉඩම් බෙදා දීම වැනි මානුෂික මෙහෙයුමක් නොව ජාතික ආරක්ෂාව වැනි අති සංකිර්ණ අවශ්‍යතාවයකට තර්ජනයක් කිරීමක් ලෙසද ඒ මහතා විසින් හඳුන්වා දෙන ලදී. ජාති මාමකයින් පසුගිය මහින්ද යුගය ගෙන ඒමට දායක වුනිද ඉන් පසුව රට කරගෙන යෑමට ඉඩදී පසෙකටවී බලාවුන් බවද මෙවර එවන් තත්ත්වයක් ඇති නොවනුවස් වග බලාගැනීම අප සතු කාර්‍ය්භාරයක් බවද සඳහන් කරන ලදී.

මහින්ද රාජපක්ෂයන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය යුගයේ අවශ්‍යතාවයක් බවද කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව ගෙනයන අසත්‍ය වැඩ පිලිවෙලට විරුද්ධව ක්‍රියාකල යුතු බවද, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් ස්තූතිවන්ත වන බවද ප්‍රකාශ කරන ලදී.

විද්වතුන්, වෘතිකයින් සහ ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටි මෙම සමුලුව මැතිවරණයෙන් පසුවද රටේ දිශානතිය නියම මගේ ගමන් කරවීමට දායකවන බවට අදිටන් කරමින් ජාතික ගීය ගයා අවසන්කර විසිර යනලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here