යාපනයේ බුද්ධි අංශ ශක්‌තිමත් කරයි…

0
918

යාපනයේ බුද්ධි අංශ ශක්‌තිමත් කරයි…

චතුර පමුණුව

යාපනයේ ආරක්‌ෂාව තහවුරු කිරීමේ අරමුණින් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරකම් තර කර ඇත.

උතුරේ යම් සිද්ධියක්‌ සිදුවූ විට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදා සහාය ලබා ගැනීමේ බලය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පවරා ඇත.

ඒ අනුව යාපනය නගරයේ විශේෂ කාර්ය බළකායට අමතරව ගුවන් සංක්‍රමණික බළකායට අයත් හමුදා භටයන්ද ආරක්‌ෂාවට කැඳවා තිබේ.

කෙසේ නමුත් සිවිල් පුද්ගලයන් පරීක්‍ෂා කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ බලය හමුදාවට පවරා නැත.

හමුදාව සිදු කරන්නේ පොලිසියට හා විශේෂ කාර්ය බළකායට සහාය දීම පමණි.

හමුදා බුද්ධි අංශ මෙහිදී රාජ්‍ය බුද්ධි සේවාවට සිය සහාය ලබාදෙනු ඇත.

(12/08/2017 දිව්යින පුවත් පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here