යුද හමුදාව බැරැක්‌කවලට…

0
598

චතුර පමුණුව(2017/08/06 ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීම හෝ පරීක්‌ෂා කිරීමට හමුදාවට ඇති බලය අවලංගු කරමින් ආරක්‌ෂක අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

උතුරේ ඇතිවෙමින් පවතින කලහකාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට හා ඒවා මැඩ පැවැත්වීමට මෙම චක්‍රලේඛය දැඩි බාධාවක්‌ වී තිබෙන බව ආරක්‍ෂක අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

ත්‍රස්‌තවාදය සහමුලින් අවසන් වී නැති බවත් එල්.ටී.ටී.ඊ.ය මුලින් ආ විදිහටම යළි ඒමට හදන උත්සාහය නැවැත් විය යුතු බවත් පොලිස්‌පතිවරයා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙන එම උසස්‌ නිලධාරීහු එවැනි පසුබිමක්‌ තුළ සිවිල් වැසියන් පරීක්‌ෂාවට ලක්‌කිරීමට හමුදාවට ඇති බලය අවලංගු කිරීම ප්‍රශ්න සහගත ක්‍රියාවක්‌ බවත් පැවසූහ.

මෙම චක්‍රලේඛය මගින් ප්‍රකාශ කරන්නේ යුද්ධයෙන් පසු හදිසි නීතිය ක්‍රියාත්මක නොවන නිසා සියලු දෙනා සිවිල් නීතියට යටත්වන බවයි.

සිවිල් නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය විසින් බව එහි සඳහන් වේ.

යම් අපරාධයක්‌ සිදුවූ අවස්‌ථාවක හෝ හමුදා සාමාජිකයන් විසින් ඒ ගැන පොලිසියට දැන්විය යුතු බව අත්අඩංගුවට ගැනීම් සිදුනොකළ යුතු බව එහි සඳහන් වේ.

කැලෑ සටන් පුහුණුවීම්වලට නීති විරෝධීව කැලෑ කපන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය තිබුණද මේ චක්‍රලේඛය අනුව ඒ බලය ද අවලංගු වී ඇත. මෙවැනි අවස්‌ථාවකද හමුදාව අදාළ පොලිසියට පැමිණිලි කළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here