රට දැය ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය කැප කල යුද විරුවන් සුරකිමු…..! මුහුණු පොතෙන් උපුටාගන්නා ලද හිතට වැදුණු වචන පෙළක්

0
427

ඒයි නැගිටපල්ලා නැගිටපල්ලා අදත් 20 ක් ගේනවා අඩුපාඩු බලලා කියපල්ලා..
සයිමන්ගේ වත්තේ පරන කෙසෙල් කදන් තියනවා කීවා ඒ ටිකත් අරන් වරෙන් ආ කලු ගල් ගඩොල් බාගත් ඕනේ
( අතීතයක නිතර ඇසුන කතාවක බිදකින් ඇරඹුමක් ගත්තෙමි )

පෙට්ටි කඩේ මුදලාලිටත් මතක,
එම්බාම් කල අයියාටත් අමතක නොවන, මල්වඩම් හදාපු මාමාගේ විරු පුත් සිහිවී තාමත් හීනෙන් බයවී නැගිටින,

ඒ යුද්ධය.
තිස්වරක්ව පැවති වෙලෙන්දන් වෙලදාම්ද කල ඒ කුරිරු යුද්ධය,
බිරිදට සැමියා අහිමි කල දරුවාට පියා මව අහිමි කල ලේ විලක් මැද ඇතමුන් සාජ්ජ පවත්වපු ලේ බිදු විකුනන් කාපු ඒ යුද්ධය….
අමතකද….?

හදිස්සියේ අතීතයට දිව යන්නට සිතුනා…. මේ මට යුද්ධය සිහි නැගෙන මූලාරම්භය….

1985 හෝ 89 විතර
ගමේ රස්තියාදු ගහපු කුඹුරේ වැඩ කරනගමන් උසූලු විසුලු කල සුදු අයියා මා සිත් ගත් ආදරණීය අයෙකි එහෙත් කලකදී ඔහු මා දුටුවේ නැත කලක් ගෙවී යන විට මටද අමතකවී ගොස් තිබුනි

හදිසියේ මගේ මිත්තනිය කැටුව ගිය ගමනේ පොල් අතු සෙවිලි කල මැටි බිත්ති කඩන් වැටුන වත්තක් මැද මුර කුටි ගෙදරක හමුදාවේ මාමලා වටකරගත් හැමෝට අඬාපු ගෙදරක පෙට්ටියක අර සුදු අයියා හිටියා හැමෝම ඇඩුවා හැබැයි මම හිනා උනා ඒ හේතුවක් නොදැන

එත්….?
අද මට සියල්ල දැනෙනා විට මම ද හඬන්නට පරක්කු වැඩිය,
එදා ඔවුන්ගේ ලේ කඳුල දුක මගේ සිනාව කොට සුදු අයියා නිල ඇදුම් ඇදි හමුදාවේ අයියලාගේ කර මතින් ගොස් පස් යට සැගවී අවසන්‍…

මනුස්සකම මහපාරේ ගනිකාවක් කල කලගුණ අමතක කර හදවත වෙලදාම්කල අපට නැවතත් සිතන්නට කාලය හරි කියා මා සිතනවා මිය ගිය සෑම විරුවෙකුටම ලැබුන අවසන් වෙඩි මුරය අපේ ජීවිත ආරම්භයේ වෙඩිමුරය වී අවසන්ය ඔවුන් අප වෙනුවෙන් මිය ගියා….
තවත් අය එක්තැන් උනා තවත් අය සදාකාලික අබ්බගාතයන් ලෙස කොන් උනා ……
තවත් අය සිරගතද කොට ඇත.

තිස්වසරක යුද්දය තුල ඔවුන්ගේ ගලා ගිය රුදිරය ඔබට මතකද ඔවුන් දන් දුන් එහෙමත් නැතිනම් අප වෙනුවෙන් කැපකල ඔවුන්ගේ අංගවිකල ජීවිත මතකද .? තම මල මිනිය වෙනුවට කෙසෙල්කොට දෙමාපියන්ට  පාංසු කූලය දෙන්ට එවූ ඒ අතීතය මතකද..?
නෑ නේද..?

Lucky Wickramasinghe නම් සහොදරීගේ මුහුණුපොතින් උපුටාගැනීමක් එය මෙසේ නම් විය

“වතාවක් මන්නාරම කදවුර පොලවට සමතලා වෙද්දිත් තවත් වතාවක කිලිනොච්චි කදවුර පොලවට පතිත වෙද්දිත් තාත්තා ඒ වෙලාවේ හරියට ඒ කදවුරු හිටියේ කියලා දන්න අම්මා හුස්ම අල්ල ගන්න බැරුව විලාප දීපු දවස් කොහොම අමතක කරන්නද?.

තාත්තව යුධ බිමේ තනි කරන්න බැරුව වගේ අයියත් තාත්තා ගියපු අඩි පාරේම උතුරුකරේට ගියාම මේ කාලකන්නි යුද්ධයට සාප කර කර ගෙවපු දවස් කොහොම අමතක කරන්නද?

තිස්වසරක යුද්ධයත් එක්ක මැරී මැරී ජීවත් උන අපිට හැම දවසක්ම අමතක නොවන දවස්. ඒ දවස් අමතක වෙන්න නම් අපි මැරිලා ආයෙත් ඉපදෙන්න ඕන…… ”
(උපුටාගැනීම අවසන්)

ඇත්තටම උඹලා මැරිලා තමයි ඉපදුනේ, පරපෝෂිතයන්ගේ ජන්දයට උන්ගේ බඩ කට පුරවගන්නට,
උඹලා වෙනුවෙන් ලේ හලපු ජීවිත කැපකල විරුවන් උඹලා අමතක කරලා,
අද උඹලාට මතක උඹලාගේ ජීවිතය විතරයි නේද..?

කොතනක හරි නාදුන බෝම්බයකට හසුවී කුඩු වෙන්නට නොදී අපේ කාලකන්නි ජීවිත තුලට සිනාවක් දි අද ඒ මහා පුරුෂයන්ගෙන් කොටහක් පස් යට වල දමා කොටහක් සිරගතකොට මනුස්සකම විකුනලා දැම්මා නේද…?

රට දැය ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය කැප කල යුද විරුවන් සුරකිමු…..

සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here